CT scan වලට DVD ඕනද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    දිනය - 2023/01/17
    වේලාව - උදේ 11:57
    ස්ථානය - හලාවත
    අද CT Scan එකක් කරන්න hospital එකට ගියාම එතන මිස් කෙනෙක් කිව්වා scan එක කරන්න DVD තැටියක් ඕනා කියලා hospital එක ඉස්සරහ තියෙන communication එකෙන් අරන් එන්න කියලා.
    "Empty DVD එකක් දෙන්නකො" මම කිව්වා..
    ඔන්න මට ඒක කඩේ හිටපු මනුස්සයා ඒක දුන්නම මම ගාන ඇහුවා..
    "රුපියල් 250/= "
    "මෙච්චර ගනන්ද empty DVD එකක්?"
    කියලා මම ඇහුවම මේ මනුස්සයා කිව්වා scan වලට ගන්න ඒවා ගනන් තමා කියලා..
    😐
    ඒක එයාටම තියාගන්න කියලා ඊට පස්සෙ මම ගියා ඊට ටිකක් එහායින් තියෙන වෙන communication එකකට...
    මෙන්න බොලේ ඒකේ රුපියල් 500/= ක් කිව්වා..
    😐

    මට හිතාගන්න බැරි උනා..මට හිතුනා අපරාදෙ ඉස්සෙල්ලා 250/= ක් දීලා නොගත්තෙ කියලා..
    🥲

    මම ඇහුවා ඇයි මේවා මෙච්චර ගනන් කියලා..
    "CT Scan කරන machine වලට දාන්න වෙනම DVD තියෙන්නේ ඒවා කොහොමත් ටිකක් ගනන් නංගි" කඩේ මුදලාලිගෙ උත්තරේ ..
    🥲

    කමක් නෑ තව කඩේකට ගිහින් බලන්නම් කියලා ගියා..ඒකෙ රුපියල් 300/= යි..
    ☹️

    මට ඊට පස්සෙ නම් හිතුනා මේ මිනිස්සු මෙතන පුදුම සූරාකෑමක් කරන්නේ hospital එකට එන මනුස්සයන්ට වැඩි ගානට බඩු විකුනලා කියලා..
    තවක් කඩේකට ගියා ඊට පස්සෙ...මේ කඩේ නම් රුපියල් 1000/= ක් කිව්වත් මම ගන්නවා තව නම් ඇවිදින්න බෑ කියලා හිතන් ඒ කඩේටත් ඇතුල් උනා..මැදි වයසෙ පිරිමි කෙනෙක් හිටියෙ.පොඩි කඩයක් ඒක..
    "මාමෙ scan එකකට DVD එකක් දෙන්නකො"
    "කීයද මාමෙ මේක?"
    "180/= යි පුතේ"
    😐
    මගෙ ඇස් දෙක උඩ ගියා..මම ඒ මාමට කිව්වා කඩවල් කීපයකට මම ගියා කියලා විස්තරේම කිව්වා...
    "අනේ පුතේ මටත් මේකෙන් ලාභෙ තියෙන්නේ රුපියල් 20යි
    🥺
    ..මිනිස්සුන්ව සූරන් කනවා ඔය වගේ අය"
    ඒ මාමගෙ උත්තරේ..
    200/=ක් දීලා ඉතුරුත් ගන්න මාමෙ කියලා මම ආවා..
    පොඩි සිද්ධියක් උනත් හිතන්න දේවල් ගොඩක් තියෙනවා කියලා හිතුනා මට..
    මේ රටේ ඉන්න පොඩිම මනුස්සයගෙ ඉදන් රටේ පාලකයා වෙනකන්ම ඒ හිත් වල තියෙන්නේ කුහක කමයි,සල්ලි වලට පෙරේත කමයි බල ලෝභයයි..
    හැබැයි රට හදන්න කතාව...රටේ බහුතරයක් දෙනා අනිත් කෙනා ගැන හිතනවා.
    ❤️
    ..හැබැයි ඒ අතර කුහකකම පිරුණු සල්ලි වලට කෑදර මිනිස්සුත් නැතුවාම නොවෙයි..
    🥲



    RMaflcJ.png



     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,754
    1,273
    113
    Mars
    CT scan walata DVD dan one.

    Samahara DVD avl yanava, e nisa hoda DVD brand ekak ganin ban.
    issara nam Sony thama, dan kohomeda dan na.
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    හැම තැනම ඔහොමයි. මන් මාස 5කට උඩදි එම්ප්ටි සී ඩී එකක් ගත්තා රුපියල් සීයයි. කරාපිටියේ ෆාමසියකින්. dvd එකක් ඇහුවනම් අනිවා 250ක් තුන්සීයක් කියයි. 🤐🤐🤐
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,001
    1
    43,377
    113
    imation, sony වගේ ඒව මම අන්තිමට ගත්තෙ රුපියල් 50කට විතර
     
    • Wow
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ලංකාවනේ
    ගොඩක් නොදන්න මිනිස්සු හිතනවා ඇති CT Scan වලට ගන්න ඩීවීඩී කිවුවම ඇත්තටම මුන් කියනවා කියලා

    Empty CD/CD Writer එහෙම තාම ගන්න තියනවද
    එකක් ගන්න ඕන, මගේ කාර් එකේ සෙටප් එක ඩෑශ් බෝඩ් එකටමයි තියෙන්නෙ ඒක නිසා මාරු කරන එක අපරාදෙ. ඒකේ CD Player එකක් තියනවා ඒකට CD ටිකක් write කරගන්න කියලා
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඉතිං rmv,පාස්පෝර්ට් ඔෆිස් එකේ එක ඇතුලෙ ෆොටෝකොපිත් ඔහොමයි නේ...ඉස්සර ෆොටෝකොපිය 4 කාලේ.ඕවගේ පැත්තක් 10යි..ලංකාවේ උන්ගේ බිස්නස් කියන්නේ හූරාකෑම
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,001
    1
    43,377
    113
    ලංකාවනේ
    ගොඩක් නොදන්න මිනිස්සු හිතනවා ඇති CT Scan වලට ගන්න ඩීවීඩී කිවුවම ඇත්තටම මුන් කියනවා කියලා

    Empty CD/CD Writer එහෙම තාම ගන්න තියනවද
    එකක් ගන්න ඕන, මගේ කාර් එකේ සෙටප් එක ඩෑශ් බෝඩ් එකටමයි තියෙන්නෙ ඒක නිසා මාරු කරන එක අපරාදෙ. ඒකේ CD Player එකක් තියනවා ඒකට CD ටිකක් write කරගන්න කියලා
    අපේ නංගිගෙ CT Scan කරපු DVD එක තියෙනව. ඒක කම්පියුටර් එකෙන් බලන්න බෑනෙ...
     
    • Like
    Reactions: NRTG