CTB එක ගොඩ දාන්නම බැරිද ? බැහැ .
මේ වීඩියෝ එකේ, ලංගම ගොඩ ගන්න අලුත් අදහස් හැටියට ඉදිරිපත්කරන දේවල් ඔක්කොම වගේ ඉස්සර ලංගමයේ තිබුනා.
වෙනත් රාජ්‍ය ආයතන වල වාහන අළුත්වැඩියාව ලංගමයෙන් කළා. උදාහරනෙකට, කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලයේ වාහන වේරහැර අලුත් වැඩියා කළා. හමුදාවේ ඒවා මැදවච්චියේ (ප්‍රාදේශීය වැඩපොළේ) අලුත්වැඩියා කළා. වෙනත් රාජ්‍ය ආයතන වල ඒවාත් අලුත්වැඩියා කළා.
ලංගම සේවකයන්ට කාර්මික පුහුණුවක් ලබා දෙන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. 1959 ජර්මන් ටෙක් එක පටන් අරගත්තේ, යම්කිසි කාල සීමාවකට පසු ලංගම ඉංජිනේරු අංශයේ සියළුම සේවකයන් ජර්මන් ටෙක් අය විය යුතුයි කියන පදනමෙන්. නමුත්, හැම මැතිවරණයකටම පසුව ඒ දිනාපු පක්ෂයේ පාප්ප බාල්දි උස්සපු, පෝස්ටර් ගහපු එවුන් බුරුතු පිටින් ලංගමයට ආවා. වසරකට ජර්මන් ටෙක් එකෙන් 175-200 ලංගමයට එද්දී, පාප්ප බාල්දි උස්සපු එවුන් දාස් ගානක් ආවා. 80 දශකය දක්වාම ජර්මන් ටෙක් අයට පුහුණුවෙන් පසුව වසර දෙකක් අනිවාර්යයෙන් ලංගමයට සේවය කලයුතු බවට ගිවිසුමක් පවා තිබුනා. ජර්මන් ටෙක් එක තරම් ඉහල ප්‍රමිතියකට නොතිබුනාට, වේරහැර (1974 දක්වා ජර්මන් ටෙක් එක පැවැත්වුන ස්ථානයේ) හා බොරැල්ලෙත් වෘත්තීය අභ්‍යාස විද්‍යාල තිබුනා.
නුගේගොඩ, ඒ යුගයේ හැටියට, අංග සම්පූර්ණ රෝහලක් තිබුනා. කළුතර රියදුරු පාසැල තිබුනා. ඒකල බොඩි වැඩපොළක්, පෙට්ටිගලවත්තේ, කහගොල්ලේ, කුරුණෑගල, මැදවච්චියේ ප්‍රාදේශීය වැඩ පොළවල් තිබුනා. අක්කර අසූ පහක් පුරා විහිදුන, ඕනැම අලුත්වැඩියාවක් කිරීමට පහසුකම් තිබුන, 6000ක් වූ සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට බස් රථ 116 ක ඩිපෝවක් තිබුන වේරහැර මධ්‍යම වැඩපොළ මේ අතරින් ප්‍රමුඛ වෙනවා.
මේ ඔක්කොමත්, 1978 ට පෙර ලංකාවේ ප්‍රවාහන ඒකාධිකාරයත් ලංගමට තිබිලත් ගොඩ ගියේ නැති ලංගම දැන් ගොඩ දාන්න උත්සාහ කරලා වැඩක් නැහැ.