Customized_operating_System-Part_II

roshancs05

Member
Dec 13, 2008
5,354
747
0
Mars
මේවා නීති විරෝධියිද මන්දා..කමක් නෑ.
ඔන්න මම කියලා දෙන්න යන්නේ කොහොමද Operating System එකක් Modify කරන්නේ කියලා.

ඔයාලා දැකලා ඇති Windows XP කීවාම Internet එකේ එක එක විදිහේ Windows XP තියෙනවා Download
කරන්න..Windows XP Gamer Edition,XP Dark Edition,Transparent Windows XP,XP Geo ඔය වගේ
විවිධ නම් වලින් එක වල කරන්න තියෙනවා.
මේවාගේ විශේෂත්වය නම් බොහෝ වෙලාවට මෙම Modify කරන ලද මෙහෙයුම් පද්ධතිය
තුල අපට අත්‍යවශ්‍ය වන මෘදුකාංග සියල්ලම පාහේ ඇතුලත් කර තිබෙනවා.
උදා - Firefox,Chrome,DirectX,Windows updates,Dotnet,etc
ඒ විතරක් නෙවේ මේවාගේ DLL (Dynamic Link library) Modify කිරීමකට ලක් කරලා වඩා වැඩි
ආකර්ෂණිය බවක් හා සම්මත මෙහෙයුම් පද්ධතියේ පෙනුමට වඩා වෙනස් පෙනුමක් ලබා දීලා තියෙනවා.
මේ විදිහට සකස් කරපු මෙහෙයුම් පද්ධතිය install විමේදි serial number ආදිය ඉල්ලන්නේ නෑ.
ඒ මොකද අපි serial එකත් මෙහෙයුම් පද්ධතිය තුලටම intergrate කරන නිසා
තව එදා මෙදා තුර Microsoft ආයතනය මගින් ලබාදුන් සියළු updates මෙයටම intergrate කරන බැවින්
නැවත Update කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ...

කැමති ඇති නේද කට්ටිය මේ වගේ එකක් හදලා බලන්න?හරි පටන් ගමු.

Lesson 1 - Extracting ISO

මුලින්ම අපිට මේ සඳහා
Windows XP Service Pack 3 Untouched Copy එකක් (එ කියන්නේ කිසිම Modify කිරීමක්
සිදුකර නොමැති Win XP පිටපතක් ) අවශ්‍ය වෙනවා..(Download Link
Windows XP Pro SP3 Untouched
http://torrents.thepiratebay.org/63...SP3_untouched_with_serial.6358254.TPB.torrent
)
ඒ වගේම ඔබගේ Hard disk එකේ 8gb වත් free space එක අවශ්‍ය වෙනවා..

මුලින්ම Winrar භාවිතා කරලා අපි ඒ Download කරගත්ත Win Xp ISO එක Extract කරගන්න ඕනේ..





Extract කරගත්තට පස්සේ Readme.html ෆයිල් එක එහෙම delete කරාට කමක් නෑ.මොකද අපි අළුතෙන් readme එකක් හදනවා මේ xp එකට.
ඒ වගේම setup.exe එකත්.ඒත් setup.exe දැන්ම delete කරන් එපා

දැන් තියෙන්නේ මේ Extract කරගත්ත Win XP එකේ තියන File Modify කරගන්න එක...අපි මෙහිදි
shell32.dll,msgina.dll,netshell.dll,explorer.exe වැනි file අපිට අවශ්‍ය විදිහට modify කරගැනීමක් සිදු කරනවා.
මේ සඳහා මුලින්ම අපි එම File expand කරගත යුතුයි..


1.ඒ සඳහා මුලින්ම Extract කරගත් XP iso එකේ ඇති I386 folder එක තුලට යන්න
2.මීළඟට Command prompt open කරගන්න
ඒ සඳහා start click කර cmd ලෙස type කර enter කරන්න.නැත්නම් windows logo key එක හා r එක එකවර ප්‍රෙස් කර ලැබෙන run window එකේ cmd ලෙස type කර enter කරන්න..






3.දැන් expand කරගත යුතු file ඇති directory එකට යෑමට මේ command එක භාවිතා කරන්න

cd "I386" directory එකේ path එක
උදා - cd C:\Users\roshancs05\Desktop\Windows XP\i386



දැන් file expand කරමු

මේ සදහා පහත
command එක භාවිතා කරන්න

expand -r "expand කිරීමට අවශ්‍ය ෆයිල් එකේ නම"
උදා - expand -r shell32.dl_



(මෙම file වල extension එක .dl_ ලෙස පවතින්නේ ඒවා compress කර ඇති බැවිනි.expand කිරීමෙන් පසු එය .dll ලෙස වෙනස් වේ)



මෙසේ පහත දැක්වෙන file සියල්ල expand කරගත යුතුයි..ඒ සඳහා අදාල command එකද ලබාදී ඇත
expand -r shell32.dl_
expand -r msgina.dl_
expand -r explorer.ex_
expand -r netshell.dl_
expand -r user32.dl_
expand -r logonui.ex_
expand -r ntoskrnl.ex_
expand -r winlogon.ex_
expand -r browselc.dl_

එසේ expand කරගත් පසු එම file වල නම් පහත පරිදි විය යුතුයි

shell32.dll
msgina.dll
explorer.exe
netshell.dll
user32.dll
logonui.exe
ntoskrnl.exe
winlogon.exe
browselc.dll



මීළග lesson එකෙන් අපි මෙම expand කරගත් file edit කරන විදිහ හා නැවත compress කර setup එකට integrate කරන හැටි බලමු..

 
Last edited:


මෙන්න තියෙනවා මේකේ දෙවනි කොටසට යන්න ලින්ක් එක මෙතනින් ගිහින් ඊලග ටික බලාගන්න පුළුවනි...

http://www.elakiri.com/forum/showthread.php?p=10526828#post10526828

******
සුපිරි මචං නොසෑහෙන්න මහන්සිවෙලා තියෙනවා රෙප් +++++ලොකු උදව්වක් මචෝ ආසයි වගේම ප්‍රයෝජනවත් දෙයක්....



11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
Last edited:

wingman

Well-known member
  • Oct 3, 2009
    6,883
    1,688
    113
    In this moment
    එල සුපිරි වැඩක් දිගටම කරන යමු අපේ සහයෝගය ඔබට(ලාට ) ...
     
    එල සුපිරි වැඩක් දිගටම කරන යමු අපේ සහයෝගය ඔබට(ලාට ) ...

    නැහැ මචං මම පළවෙනි එකේ විතරයි උදව් වුනේ ඉදිරියට සේරම කරගෙන යන්නේ අපේ ත්‍රෙඩ් ඔව්නර් තනියෙන්... :)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,051
    1,603
    113
    Badulla
    එලකිරි මචන්
    11.gif
    11.gif
    11.gif


    එකදිගට දෑම්මනම් හොදයි නෑත්තන් එපාවේයි:rolleyes::rolleyes: