ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වෝනර් පන්දු කිරීමේ චෝදනාවත් සමග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෛන් ඉවත් වීමට තිරණයකර තිබෙනවා.
ඔහු ප්රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේ, නැවත ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමත් සමග එක් නොවන බවයි. ඩේවිඩ් වෝනර් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන් මාස 12ක ක්‍රිකට් තරග තහනමකට මුහුණ දී සිටිනවා. වෝනර් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වගකීම භාරගෙන ඇති අතර ඔස්ට්‍රෙිලියානු ජනතාවගෙන් හා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව අයැද සිටිනවා.
දකුණු අප්‍රිකානු සංචාරයේ දී පන්දුව පළුදු කිරීමට සම්බන්ධ වූ සෙසු ක්‍රීඩකයින් සහ මීට පෙර පන්දුව පළුදුකළ අවස්ථාවන් පිළිබඳව ද මාධ්‍ය වෙතින් ප්‍රශ්න යොමුකර තිබෙනවා. වොනර් එම ප්‍රශ්නවලට පිළිතුරු නොදි සිටීමට ක්‍රියාකළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්රවෘත්ති සාකච්ජාව නිමවීමෙන් පැය 2කට අඩු කාලයක් තුළ ඔහු ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ, බොහෝ ප්‍රශ්න ඔවුන් විසින් ඇසූ බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට අවබෝධයක් පැවති බවයි.
එහෙත්, එම අවස්ථාවේ දී ඔහුට හැකි අයුරින් සියලු දෙනාගේම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් බව ද එහි සඳහන්. වොනර් මෙම ප්රවෘත්ති සාකච්ජාවේ දි වඩාත් හැගීම් බරව සිය අදහස් පළ කළා. 31 හැවිරිදි වෝනර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 74කට සහභාගීව ලකුණු 6363ක් රැස්කර ගෙන සිටින්නේ, ශතක 21ක් සහ අර්ධ ශතක 29ක් වශයෙන්. එක් දින තරග 106කට ක්‍රීඩාකර ලකුණු 4343ක් රැස්කරගෙන සිටිනවා.




