Dawunu Sithata Budu Dahamin Bindak

free2rthayme

Member
Jun 13, 2008
135
2
0
Sri Lanka
Elakiri Members la hamogen ma Awasara....;)
elakiri eake inna hama kenekutama prayojanawath.... bawudda abawudda siyalu denata wadagath wena deyak karanna hithuwa...:nerd:

me dawas wala mama dakala thiyenawa godak welawata ealakiri eake threads open wenawa agamika prashna sambandayen...:eek: namuth ea thread waladi ea gollange patu adahas :no: idiripath karala ho kenek ge waradi hewimak misak kisiyam dharma karanayak ho... samajayata wadagath wena deyak kiyala na... Boho welawata thawa kenekge hitha ridawana kopaya awussana dewal thamai kiyala thiyenne... yaluwane wihiluwak kalata kamak na kenekuta... eath yamkisi agamakata shastrhuwarayekuta apahasa wena widiyata ea agamama dahama wihiluwakata lak karanna epa :no: ..... bawuddayo washayen api ehema karanawa nam eaka loku waraddak.... apita yam kisi haniyak wenawa nam kata piyan unadala hari yanne nam na nathamai... namuth... sadaranawa.... saha manushikawa...:dull:

Katha athi... Wadeta bahimu....:lol:

meka patan gaddi godak prash na eanna puuwan... ea hama prashnekatama muhuna denna balagena thamai... me thread eaka patan ganne...:lol:

mama hithuwe... mulinma ape kattiyata ape anagatha parapurata amathakaweegena yana jathaka katha mathak karala denna... saha pala karanna...:lol:
Me thread 1k athule.. onama kenekuta thamange adahas
wiwurthawa wineethawa idiri path karanna puluwan...;)

Theruwan saranay!!!

 
  • Like
Reactions: kalhara.rokz

free2rthayme

Member
Jun 13, 2008
135
2
0
Sri Lanka
දහම්සොඬ ජාතකය


යටගිය දවස බරණැස රාජ්‍යකළ බ්‍රහ්මදත්ත රජුට දහම්සොඬ නම් කුමාරයෙක් විය. ඒ කුමාරයා ක්‍රමයෙන් වැඩි සූසැට කලා ශිල්පද අෂ්ටා දස පුරාණ ද අවි ශිල්පද නිමවා සොලොස් හැවිරිදි කල්හි යුව රාජ තනතුරට ද පියාගේ ඈවෑමෙන් රජකමද ලැබ චතුර් විධවූ උපායෙන්ද ත්‍රිවිධ ශක්තියෙන්ද ෂඩ් ගුණයෙන්ද සප්තාංග යෙන්ද චතුස්සංග්‍රක වස්තුවෙන්ද යුතු ව රට ආරක්ෂා කරමින් සිටින කල්හි දිනක්මෙබඳු සිතිවිල්ලක්ඇති විය.

සංසාරයෙහි වාසය කරන සත්වයා කෙරෙහි මෛත්‍රී කරුණා වෙන් නිවවන් පුරයට පමුණුවන අපගේ සර්වඥයන් වහන්සේ විසින් අමෘතය මෙන් දේශනා කරනලද ශ්‍රී සද්ධර්මය දැන නොගෙන සැළකීමක් නොකොට කරන්නා වූ මේරජ කම මට සුදුසු නොවෙයි. එය වෙරළ නැති රළ මෙන්ද එන්ද්‍රයානැති අහස මෙන්ද ප්‍රදීපය නිවී ගිය ගෙය මෙන්ද දළසුන් මස්ත හස්තියා මෙන්ද පියුම නැති විල මෙන්ද නාසය බුන් චක්ත්‍රය මෙන්ද නොහොබින්නේයයි මෙසේ සිතා රූ පහන් වූ කල්හි සුවඳ පැන් සනහා සර්වආභරණින් සැරසී සුර සඛයට යන ශක්‍රයා පරිද්දෙන් රාජ සභාවට පැමිණ සිංහාසනාරූඪව අමෘත්‍ය මණ්ඩලය අමතා තිලොවට ගුරු වූ මුනිද්‍රයන් වහන්සේ දෙසු ධර්මයමට කියව් තොප එසේ උතුම් ධර්මය ප්‍රකාශ කළ හොත් අපමණ රාජ සම්පත්සමඟ මුළු රාජ්‍යයම පුදමි. මේ ගැන සැකකොකරව් කීහ.

උන් එකෙකුදු ධර්මය නොදන් බව ප්‍රකාශකල කල්හී මගුලැතුන් සරසවා දහසින් පබැඳි පියල්ලක් ඒ මත තබාමුනිඳන් දෙස ධර්මය එක් ගාථාවකින් හෝ ගාථා අඩකින්වත් මට කිසිවෙකු කිවහොත් මේ සම්පත් ඔහහුට දෙමි තවද ඔහුගේ දාස බවට පත්වෙමියි ප්‍රකාශකොට යැවූහ. මෙසේ ද විමසා බණ දත් කිසිවෙකු නොලදින් මහත් සේ කළකිරී රාජ්‍ය ශ්‍රි අත්හැ ධර්මය සොයනු පිණිස වනයට නික්ම ගියේය.

තමාගේ පාරමිතා බලයෙන් ඒ මහා වනයේ විෂඝෝර සර්පයන් ගෙන් පීඩා නොවිද ගතවෙමින් යන කල්හි මේ මහතාණන්ගේ ප්‍රත්‍ය මහිමයෙන් ශක්‍රදේවේන්ද්‍රයන්ගේ ශෛලාසනය හුණු වී වහා එහි පැමිණ තවත් පරික්ෂා කරමියි සිතා අංජන කැටයක් මෙන් භයානක උස්වූ ශරිරයකින්ද හිසෙහි යකඩ බිලී මෙන් කර්‍කෂවූ කෙෂයෙන්ද රෞද්‍රරක්ත වර්ණ ඇස් දෙකකින්ද නැමිගිය දළවලින් යුතු රාක්ෂය වේසකින් දහම්සොඩ රජ්ජුරුවන් වෙතට ළංව එක් අතකින් යඟදාව සොළව සොළවා එක් අතකින් දැලි රැවුල ඇද ඇදසිට රැත්තේය.

රජ්ජුරුවන් වහන්සේ ඒ බියකරු යක්ෂයා දැක මදකුදු තැතිගැනීමක් නැතිව වහා ඉදිරියට ගොස් පින්වත, දෙලොව ජයගතහැකි බණ පදයක් තා විසින් අද කිවහොත් රාජ්‍ය ශ්‍රි සමග මාගේ ජිවිතයද දෙමියි කීහ. එවිට රකුසා බඩගින්න ඉවසිය නොහැක. තොපව අනුභව කොට බණ කියමි යි කීය. රජ්ජුරුවන් වහන්සේ ඒ අසා බණ ඇත්තේ පණ ඇත්තම් වෙද? මම නැත්තම් තාගේ බණ අසන මෙහි කවුරු වෙක්ද? රකුසානෙනි, තොපගේ සාගින්න සහ මගේ දහම් දොළ දුක එකවිට විසධෙන සේ මඟක් විමසා කියවයි කීය.

එබසට රකුසා ස්වාමිනී, තොපට සදහම් ළාභයද අප හට වන මාංශ ලාභයද එකවිට පසීඳමියි කියා සිය ගණන් කූටයන්ගේන් යුතු අහසෙහි ගැටි පවත්නා මහා පර්වතයක් මවා තොප මේ ගිරට පැන මාගේ ගසට පණිනු මම ඒ අතර තොපට ධර්මය දේශනා කරමි. වහා නැඝෙවයි කීහ. රජ්ජුරුවන් වහන්සේ බුදුගුණ සිහිකර කෙනෙක් පර්ව. ගස් වැල් වලින් වැටී ද කෙනෙක් විස පානවය කොටද මිය යන්නාහ. ද්වි වලසුන්ට ගොදුරු වන්නාහ. ධර්මය නිසා මාගේ ජිවිතය තොරවීම නිසරු නොවේවැයි සිතා මහා ගිනිසිඛරයට නැඟ ගිනි වලක් බඳු රාක්ෂයා ගේ දැල් වූ බියකර මුඛය දැක මදකුදු කම්පා නොවී සිට රාක්ෂයා අනිච්චාවත සංඛාරා - උප්පදවය ධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසංචුප සමො සුඛො යන ගාථාව කියන කල්හි බුදු බව පතා එක් වරම රාක්ෂයාගේ මුවට පැන්නේය. ඒ මෙහොතෙහිම ශක්‍රයා බියකරු වේශය අත්හැර නියම වෙස් ගනිමින් දහම් සොඬ රජ්ජුරුවන් දෙ අතින් වඩාගෙන දෙව්ලොව ගෙනයන සිතින් අහසට නික්මී කොදිව් මහදිව් පසුකොට උතුමුවූ තව්තිසා දිව්‍ය ලෝකයට ප්‍රවිෂ්ටම නන්දනොද්‍යනයද නන්දා පොකුණ ද තෙතිසක් කුඹින් ජ්වලිත වූ ඓරාවන හස්තිරාජයාදම් නහර දිව්‍යප්සරාවන්ද දකිමින් සුධර්මා නම් ධර්ම සභාවට ප්‍රවිෂ්ට ව දහම් සොඬරජ්ජුරුවන් ව පාණ්ඩුකම්බුල ශෛලාසනයෙහි වඩා හිඳුවා ගඳ දුම් මල් පුදා ධර්මදේශනා කරන සේ ආරාධනා කළහ.

ආකාශ මධ්‍යයට පැමිණි චන්ද්‍රයා මෙන් දහම්සොඬ රජ්ජුරුවන් වහන්සේ දිව්‍ය සමූහයා පිරිවරාගෙන ධර්ම දේශනා කළ සේක. ශක්‍රදේවේන්ද්‍රයා ඒ මිහිරි වූ ශ්‍රී සද්ධර්මය අසා සන්තොසයට පැමිණ ස්තුති ඝොෂා කොට ආශිර්වාද පතා මනුලොවට ඇරලූහ. දහම්සොඬ රජතුමා නැවත තම රජ සැපතට පත්ව බුදුබව පතා පෙසේම දැහැමින් සෙමින් රාජ්‍යය කෙලේය.

එසමයෙහි දහම්සොඬ රජව උපන්නේ දැන් සම්මාසම්බුදු රජුන්ය.
 

free2rthayme

Member
Jun 13, 2008
135
2
0
Sri Lanka
පඤචායුධ ජාතකය

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි අප මහා බෝසතානෝ රජ්ජුරුවන්ගේ අග්‍රමෙහෙසිකා බිසවුන් කුස පිළිසිඳගත්තුය. ඒ බෝධිසත්වයන්ට නම් තබන දවස් අටොරාෂියක් බමුණන්ගෙන් හා සියළු සත්වයන් වස්තුවෙන් පිනවා ලක්ෂණ විචාලෝය. එකල ලක්ෂණ කීමෙහි දක්ෂ වූ බමුණෝ ලක්ෂණ සම්පත්තිය බලා මාහාපිනැති රාජ කුමාර කෙණෙකුන් වහන්සේ නුඹ වහන්සේගේ ඇවැමෙන් රාජ්‍යයට පැමිණ දස රාජ ධර්මයෙන් රාජ්‍ය කරන සේකැයි කීය. පංචායුධ යුධ ශිල්පයෙහි දක්ෂව ජම්බුද්වීපයෙහි සත්වයන්ට අග්‍ර පූරුෂ වනසේකැයි කිව්ය. බමුණන්ගේ බස් අසා කුමාරයන්ට නම් තබන්නාහු පංචායුධ කුමාරයෝ යයි නම් තුබූහ. ඉක්බිත්තෙන් ඒ කුමාරයන් මැදිවිය පැමිණි කල්හි රජ්ජුරුවෝ සමීපයට කැඳවා ශිල්පයක් ශාස්ත්‍රයක් නිමවා නොහෙන රාජ්‍යය කළ නොහැක්කේය එසේ හෙයින් ශිල්ප උගනුවයි කීහ. ස්වාමීනි කවුරුන් සමීපයෙහි උගනිම්දැයි කී කල්හි පුත ගන්ධාර දේශයෙහි තක්ෂලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශාස්ත්‍රය ඉගෙන නිමාවට පැමිණ ඉක්බිති ආචාරින් වැඳ තක්ෂලා නුවරින් නික්ම පංචායුධ සන්නද්ධව බරණැසු නුවරට යන්නාහු වනාන්තරගත මාර්ගයට අභිමුඛ වූ කල්හි එසේ පැමිණෙන්නාහු කුමාරයෝ අතරමග සිලේස ලෝම නම් යක්ෂයකු වසන්නාවූ එක් වනයකට පැමිණියෝය. එකල කුමාරයන් වනයට අභිමුඛ වූ කල්හි මනුෂ්‍යයෝ දැක පින්වත් වූ පුරුෂය තෙපි මේ වනාන්තරයට නොවදුවයි මේ වනාත්තරයෙහි සිලේෂ ලෝම නම් යක්ෂයෙන් ඉඳ දුටු දුටුවන් අවුරා අනුභව කරන්නේය එසේ හෙයින් තෙපි නොයවයි වැලකුය.

බෝධිසත්වයන් තමන්ගේ සමර්ථ කම තුමුම වලකා නිර්භීතව කේෂර සිංහ රාජයකුසේ වනයට සාහසිකව පැමිණි කල්හි කැනහිල් මල් කැකුළු සාදල ඇතිව කබර පත් වූ මුඛ හා බඩ ඇතිව නිල් වූ හස්ත පාද ඇති වූ ඕ හට බෝධිසත්වයෝ කියන්නාහු එම්බල යක්ෂය මම මාගේ සමර්ත කම් සලකා මෙතැනට වන්නෙමි. තෝ අප්‍රමාදව මා සමීපයට වර විෂ පොවන ලද ශරීරයකින් විද මෙතනම ඵලමි ඔහු තැතිගන්වා දරුණු වූ විෂ පොවන ලද ශරය දුනු පිට ලා ගෙන ඇඳ අත හලවා හුය. ඒ සැරය ගොස් යක්ෂයාගේ රෝමයෙහි ඇලි ගියේය. ඉක්බිත්තෙන් අනික් ෂරයක් යයි මෙසේ හී දඬු පනසක් විද්දේය. ඒ සියළුම හී දඬු යක්ෂයාගේ රෝමයෙහිම ඇලි ගියේය. තවද යක්ෂයා ඒ සියළු හී දඬුම කිලිපොලා තමාගේ පා මුල වගුරවා බෝධිසත්වයන් සමීපයට ගියේය. එකල බෝධිසත්වයෝ නැවතත් තැති ගන්වා කඩුව කොපුවෙන් හයා ගෙන ගැසුයේය. දෙතිස් අඟලක් දිග ඇති කඩුව රෝමයෙහි ඇලි ගියේය. එවිට මගුරෙන් ගැසු සේක. එයත් රෝමයෙහි ඇලි ගියේය. ඒ මුගුරු ඇලී ගියාදැක බෝසතානෝ කියන්නාහු පින්වත් වූ යක්ෂය මම පංචායුධ කුමාරයෝය මාගේ නම් ඇසූකෙනෙක් නැත මම තා විසින් අධිගෘහිත වූ වනාන්තරයට වදනෙමි. දුනු ආදී වු ආයුධයක් සලකා වන්නේම් නොවි මාගේ සමර්ත කම සලකාවන්නේ එසේ හෙයින් තා සුනු විසුනු කරමි අධිෂ්ඨානය දක්වා ගර්ජනා කොට දකුණතින් යක්ෂයාට පැහැරී සේක. එයිදු රෝමයෙහි ඇලි ගියේය. වමතින් පහල සේක. එයිදු රෝමයෙහි ඇලි ගියේය. දකුණු පයින් පහල සේක. එයිත් රෝමයෙහි ඇලි ගියේය. වම් පයින් පහර සේක. එයිත් රෝමයෙහි ඇලි ගියේය. ඇන සුනු විසුනු කරමි ඉසින්ද පහලහ. මහබෝසතානෝ පස් තෙනකින් බැදී එල්ලෙමින් සිටි. නිර්භිතව කතා කෙරෙති. කල යක්ෂයා මෙසේ සීතිය. පුරුෂ සිංහයෙක පුරුෂ ශ්‍රේෂ්ඨයෙක. මේ කෙසේ වූ පුරුෂයෙක්දෝ කියා සිතන්නේ එම්බල පුරුෂය තෝ මට ගොදුරුව සිට මෙසේ වූ බුහුටි කතා කරන්නට කාරණා කවරෙක්ද විචාළේය. එකල්හි බෝධිසත්වයන් වහන්සේ තෝ මා කැයේ වී නම් මාගේ කුක්ෂීයෙහි වජ්‍රායුධයක් ඇත්තේය. ලයෙන් ඇනි පිටින් නැගෙන්නේය. තාගේ අතුනුභහන් කඩ කඩ කොට සිඳ ජීවිතක්ෂයට පමුණුවන්නේය. එසේ කල්හි අප දෙදෙනාම නැසෙම්හ. මේ කාරණය මම නොභාමි කිවාහුය. මේ වචනය වූ කලි බෝධිසත්වයන් තමන්ගේ අභ්‍යන්තර යෙහි ඥානායුධය සඳහා කීහ.

ඒ බස් අසා යක්ෂයා මෙසේ සිතීය. මේ මානවකයා සත්‍යයෙක්ම කියන්නේය. පුරුෂ සිංහයාගේ ශරීරයේත් මුං ඇටයක් පමණ අනුභව කළෙමි වීම් නම් මාගේ බඩ දිරවා ගත නොහෙමි. එසේ හෙයින් මොහු හැර පියෙමි සිතා මරණ භයින් ත්‍රස්තව බෝධිසත්වයන් ඇරපියන්නේ මානවකය තෝ සිංහ පුරුෂයෙක තාගේ මස් නොකමි තෝ රාහු මුඛයෙන් මිදුනා හූ චන්ද්‍රයා පරිද්දෙන් මා අතින් මිදි මිත්‍ර සමූහයා සතුටුකරවමින් පලා යවයි කීය. එකල්හි බෝධිසත්වයායන් වහන්සේ ඕ හට මෙසේ කීය. යක්ෂය මම වූ කලියෙන් තෝ වනාහි පෙර අකුශල කොට රවුද්‍ර කර්මයෙන් ලේ රැඳි ගියාහු අත් ඇතිව අනුන්ගේ ශරීර මාංශය භක්ෂනය කරන්නාවූ යක්ෂව උපන්නෙහිය. ඉදින් මේ යක්ෂාත්ම භවයෙහි සිට අකුශල් කරන්නේ වී නම් අඳුරෙන් අඳුරටය යන්නෙහිය. මා දුටු තැන් පටන් තා විසින් අකුසල් කරන්නට නොපිලිවන.ප්‍රණාගාත නම් නරක තිරිසන් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහි උපදවන්නේය. නැවත මනුෂ්‍ය ලෝකයෙහි උපන්තෙන මන්දායුෂ්ක බව ලබන්නේය. මේ ආදී වූ නොයෙක් කාරණයෙන් පංචදුෂ්ශීලයෙහි ආදීනව හා පංච ශීලයෙහි අනුහස් හා අනේක ප්‍රකාරයෙන් යක්ෂයා තැති ගන්වා ධර්ම දේශනා කොට ඔහු දමනයේලා ඔහුගේ සන්තානයෙහි කෙලෙස් නැමති සතුරන් නසා පංචශිලයෙහි පිහිටවා වනාන්තරයෙහි සත්වයන් විසින් දෙන ලද භෝජනය බිලියම් පිණිස ලැබ අප්‍රමාදව වාසය කරවයි අවවාද කොට වනයෙන් නික්ම මහාවන සමීපයෙහි මනුෂ්‍යන්ට කියා පංචායුධ සන්නද්ධව බරණැස් නුවරට ගොස් දෙමව්පියන් දැක මෑත භාගයෙහි රාජ්‍යයෙහි පිහිටවා දැහැමෙන් රාජ්‍ය කරමින් ධානාදී වූ කුසල් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ.

මෙසේ ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා තවද භික්ෂුන්ට මත්තෙහි අවවාද කරන සේක් නොපසු බටවූවාහු විර්ය ඇති සිතින් නිරවi වූ අන්තයෙන් කුසල යයි කියන ලද සප්ත ත්‍රි සත් බෝධිපක්ෂික ධර්මයෙන් වඩාද සියළු සංස්කාර ධර්මයන් අනිත්‍යය දුක්ඛය අනාත්මයි අනාත්මයයි මෙසේ ත්‍රිලක්ෂණ මෙනෙහි කර විදර්ශනාවෙහි පටන් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නාහු යෝගාවචර තෙම සියළු සංයෝජනක්‍ෂයකරන්නා වූ සතර වැනි ආර්ය මාර්ගයාගේ කෙළෙවර උපන් බැවින් ධර්මදේශනාවෙහි කුළු ගන්වා මත්තෙහි චතුරාර්ය සත්‍යය ධර්මයන් ප්‍රකාශ කොට වදාළ සේක. චතුරාර්ය සත්‍යයන්ගේ අවසානයෙහි පසුබට වීර්ය ඇති භික්ෂූහු අරහත් ඵලයෙහි පිහිටි සේක. සර්වඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපා මේ පංචායුධ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි යක්ෂයා නම් අංගුලි මාල ස්ථිවිරයෝය. පංචායුධ කුමාරයෝ නම් බුදු වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
 

free2rthayme

Member
Jun 13, 2008
135
2
0
Sri Lanka
තුඬිල ජාතකය

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක් ඊරියකසේ කුස පිළිසිඳගත් කල්හි නොබෝකලනින් වැදුහ. දෙවැනිව කුඩා ඌරුපැටියෙකුත් වැදූහ. ඌරු පැටියන් දෙන්නා තුරුල්ලේ ලාගණ ඊරිය වැදොත්තැනට මෑල්ලක් තමාගේ කපුසේනට ගොසින් කපුකඩාගෙණ එනතැනැත්තී ඊරිය වැදොත්තෙනට ආවා, ඊරිය තමා මරති යන භයින් පැටියන් දෙන්නා වැදොත්තදි පළාගියහ. මැලි ඌරුපැටියන් දෙන්නාගෙණ මහපැටියාට මහා ඩිලයෝය කුඩා පැටියාට කුඩාතුඩිලයෝයයි නම් තිබා ඌරු පැටියන් දෙන්නා පුත්‍ර ප්‍රේමයෙන් වඩන්නේය. එසමයෙහි රාසොඬුන් එක් දවසක් රා බී මාංශනොලැබ අසවල් මෑල්ලාගේ ගෙයි ඌරෝ ඇත. උන් අතින් ඇරගෙණ මරාකම්මැයි කියා අවුත් කියන්නාහ. මෑල්ල තොපගේ ගෙයි වඩන ඌරෝ ඈත අපගෙන් මිල ඇගෙණ උන්දෙවයි කීහ. මෑලි කියන්නී මාගේ දරුවන් දීපියා දමා සම්පත් ලබන්නේයයි කියා නොගිවිස්සා රා සොඬු මෑල්ල රා පොවා මත්කොට කියන්නාහු අපට ඌරන් දෙව්වැයි විචාළේය. මෑලි රා බී මත්ව යාපත දෙමි ඉනුත් මාගේ වැඩිමහළු තුඩිලයන් නොදෙමි කුඩා තුඩිලයන් දෙමි කීහ. යහපතැයි මෑලි පුත්චුල්ල කුඩිලයෙනි මෑත එවයි අෟගාළූහ. බෝධිසත්වයෝ සිතන්නාහු මාගේ මෑනියෝ මෙතෙක් දවසක් පළමුවෙන් මට අඬාගාතොත් විනා චුල්ල තුඩිල්ලයන් අඬනොගාතිය අද යම්සේ මෑනියන්ට භයෙක් ඇතමැනවැයි සිතා මල තුඩිලයෙනි තොපගේ මෑනියෝ තොපට අඬගාතියි ඔබට යවයි කිව. යහපතැයි චුල්ල තුඩිලයෝ මෑනියන් සිටිනා තැනට වෙවුලා බෑනන් කරා ගියහ. මහතුඩිලයෝ කින්දැයි විචාළකල මෑනියන් හා රා සොඬු වටකොට ගෙණ සිටිනියාවත් බත් ඔරු තිබූනියාවත් දැක භයින් ත්‍රස්තව දිවආමි කීහ. බෝධිසත්වයෝ මළනුවන්ට කියන්නාහු මල ඌරන් ගෝනන් මුවන් ආදීවූ සිව්පාවන් වඩන්නේ අනික් නිසා නොවෙයි යමෙක්වේලේ මරන්ටමය එසේ පැමිණ මරණට හිරුකවිමෙන් කම්කිම්දැයි කියන්නාහු අවවාද බරණැස් නුවර මුලුල්ලට සැලව ගිය හෙයින් රජ්ජුරුවන් හා නුවරවාසීන් එක්වී බෝධි සත්වයන් උන්නාවූ බැද්ද වට කොට ගත්හ. බෝධිසත්වයෝ මලනුවන්ට අවවාද කියන්නාහු මලනුවෙනි යහපත්ව පෑදී තිබෙන පැනෙන් ඉස්සෝදා නාහා ඇඟ කුණු ඇර පියව ශරීරයේ නොයෙක් සුගන්ධයන් ගාගනුවයි අවවාද කීහ. එවිට කුඩා කුඩිලයෝ කියන්නාහු අපගේ ඌරන්ගෙන් කුනුඅරවා වාසය කළ කෙණෙක් ඇද්ද.ශරීරයෙහි යහපත් සුගන්ධය ගෑ කෙණෙකුන් නැතිව ඉන්දදී බෑනන් වහන්ස. මේ කුමට කියන කාරණයෙක් දැයි විචාළාහ. බෝධිසත්වයෝ එවිට මා කීයේ විලට බැස අකුසල් නැමති ශරීර මලය පහකොට කුසල් නැමති මනාවූ තොටට බැස නාහා සියලු දවස් ශරීරය නොහැර පවත්නාවූ සිල් නැමති සුගන්ධය ශරීර යේ ගල්වන්ට මා කියේ යයි කියා මලනුවෙනි යම් කෙනෙකුන් අකුසලයක් කෙරෙත් නම් ඊට සතුටූවිමෙන් දුක් බොහෝ දෙලොවටම පැමිණෙන්නේය. යම් කෙණකුන් කුසලයක් කෙරෙත් නම් ඊට සතුටු වීමෙන් දෙලොවම සැප ඵලවන්නේය. එසේ හෙයින් අකුසලය කරණ කෙණෙකුන්ටවත් සිතන කෙණෙකුන්ටවත් සතුටුවීමෙන් මරණාසන්නයෙහිත් සෙසු වේලෙහිත් මහාභය පැමිණෙන්නේය. එසේහෙයින් එසේවූ අකුසලය ශීල නමැති සුගන්ධය ශරීරයේ ගල්වා ගනුවයි කීය. බෝධිසත්වයන් බුද්ධවිලාසයෙන් ඉඳ කියන්නාවූ අවවාද රජ්ජුරුවා් අසා මහා සමාධිව බෝධිසත්වයන් යහපත් ඉනකඩකුත් අඳවා මාණික්‍යභරණයකුත් පලඳවා බෝධිසත්වයන් වැවු මෑල්ලටත් බොහෝ සම්පත් දී බෝධිසත්වයන් හා මලනුවන් ද බරණැස් නුවරට ගෙණගොස් රජගෙයි ඉන්නට සලස්වා සියලු අධිකරණ ආදීවූ යුක්ති අයුක්ති බෝධිසත්වයන් විචාරා මැදහත්ව නිශ්චයකොට සියලු මනුෂ්‍යයන්ට පන්සිල් අටසිල් ආදීවූ දානාධ්‍යසයෙහි පිහිටුවා අපායට යානොදි සුගතියට පමුණවන්නාහ. බොහෝ කලකින් බරණැස් රජ්ජුරුවෝ මළහ. බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට කළමනා ආදාහණ කෘත්‍යකොට නිමවා ඉක්බිති අධිකරණ ශාස්ත්‍රය බෝධිසත්වයෝ පොත් බලා ලියවා මේ නියාවට අධිකරණ ඉදිරියේ විචාරවයි කියා නුවරවාසීන් එක්කරවා බොහෝ මනුෂ්‍යයන්ට අවවාද කියා බෝධිසත්වයන් හා මලනුවෝ බොහෝ මනුෂ්‍යයන් අඬ අඬා සිටියදී තමන්ගේ පළමුවිසූ වනාන්තරයට ගියහ. එසමයෙහි බරණැස් රජ්ජුරැවෝ නම් ආනන්ද තෙරැන්ය. චුල්ලතුඩිලයෝ නම් මරණභීරැක භික්ෂුවය. මහ තුඩිලව උපන්නේ බුදුරජාණන් වහන්සේය.
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
471 සඳකිඳුරු ජාතකය

සුගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක්. යශෝධරා දේවීන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් යශෝධරා දේවීන් වහන්සේගේ මාළිගාවට වැඩි ගමනේ සුද්ධෝදන රජතුමා බිම්බා (යශෝධරා) දේවියගේ ගුණ කියන්නේ ස්වාමීනී මාගේ මේ යෙහෙළිය ඔබ කෙරෙහි ආදරයෙන් මහභිනික්මන් කොට කාෂාය වස්ත්‍ර ඇඳි බව අසා පට සලු පැළඳීමෙන් වෙන් වූවාය. එක් වේලේ වළදතියි අසා ඈද එක් වේලක් ආහාර ගැනීමෙන් දවසරන්නීය. බිම සයනය කරන බැව් අසා බිම සයනය කරන්නීය. ඔබ පැවිදි වූ බැව් අසා සෙසු රජ දරුවන් එවූ පඬුරු පිළි නොගෙන ඔබ වහන්සේට ස්නේහයෙන් වැන්දඹුව ජීවත් වූයේ ඉතා අශ්චය්‍ර්‍යයයි සිතමියි යනාදීන් බිම්බාවගේ ගුණ වර්ණනා කෙළේය. පිය රජතුමනි ඈ මේ කෙළවර අත් බැව්හි මා කෙරෙහි ස්නේහයෙන් ක්ලේශ වසඟ නොවී අනුන් නොපැතීම පුදුම නොවෙයි පෙර තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් අන් අය නොපැතුවේ වේදැයි ඉකුත් වත වදාළ සේක.


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කර කල්හි හිමාල වනයෙහි රිදී පව්වක මහ පිනැති සඳ කිදුරෙක් සහ සඳ කිඳුරියක් වාසය කළහ. දිනක් බරණැස් රජ්ජුරුවෝ ඇමතියන් අතර රාජ්‍යය පවරා කළු පිළි හැඳ පඤ්චායුධයෙන් සැරසී හිමාල වනයට වැද මුවන් මරා කා ඇවිදිනේ වස්කුලක් පිඹිමින් ගී කිය කියා මනහර ලෙස නටන සඳ කිඳුරු යුවල දැක කිදුරංගනාව කෙරේ සිත් ඇතිව මේ කිඳුරා විද මරා මෑ හා සමඟ වාසය කරමියි සිතා සැඟවී සිට කිඳුරාට හීයක් විද්දේය. එයින් ගලන ලේ ඇති වේදනාවෙන් යුතු වූ කිඳුරා තම සොඳුරිය අමතා ප්‍රිය චන්ද්‍රිකාව මාගේ ප්‍රාණය තව ස්වල්ප වේලාවකින් නිරුඬ වන්නේය. එයින් ශෝක නොකරව තොපගේ ක්‍රීඩා බල සැනසීමක් මින් මතු නොවන්නේ යයි කියමින් සිට අඬා මල් ඇතිරිය මත්තෙහි පෙරලී වැඳහොත්තේය. රජද වීදි තැනම සිටියේය. කිඳුරා ඊ පහර කා මෙසේ හඬතත් කිඳුරු ලිය මේ කිසිවක් නොදත්තී නටමින්ම සිටියාය. ටික වේලාවකින් විසඥව වැදහොත් කිඳුරා දැක මාගේ රැඟුම් නොබලා වැදහෝනට හේතුව කුමක් දැයි බලන්නී. ගලන ලේ දැක ශෝකය දරාගත නොහී අක්‍රොෂ බෙනෙමින් මහ හඬින් හඬන්නට වන්නීය. සැඟවී සිටි රජ කිඳුරා මළේ යයි හෙළින් බැස තී හඬන්නට වන්නීය. සැඟවී සිටි රජ කිඳුරා මළේ යයි හෙළින් බැස තී හඬන්නට කාරණා කවරේ ද මම තී පාද පරිවාරික කොට සොළොස් දහසක් පුරාංගනාවන්ට අග මෙහෙසිය කරමියි කීය. කිදුරංගනාව මේමාගේ සැමියාට විදි සොරා යයි දැන භය ශෝකය දෙකින් යුතුව වෙවුලමින් දිවගෙන ගොස් පර්වතය මුදුනට නැඟී අඬමින් මේ සා දුකක් උපදවන ලද සාපිෂ්ට වූ දෝහිය මාගේ ස්වාමියාව මා උදෙසා මැරී නම් මාගේ ස්වාමියාට පැමිණ මරණ දුක තට වේවා මට පැමිණියා වූ මරණ ශෝකය තගේ අඹුවට වේවා පාපිෂටය. තාගේ මව්ද නොදැක සොහොනට යේවා. දුෂට මහරජ තට ශාප වේවා යනාදී වශයෙන් කියමින් විලාප බස් දොඩන්නට පටන් ගත්තාය. රජ ඈ සනසමින් චන්ද්‍රිකාව තොප ශෝක නොකරව. තොප මට බිරින්ද වී රජ ගෙට එනු මැනවි.

කිඳුරිය- අවලක්‍ෂණ වූ තෝ මා නිසා නිරපරාධ වූ මාගේ සමනා මැරීද? ඔහු කෙරෙහි ස්නේහයෙන් අඬා මිය යතත් තොපගේ බිසව නොවෙමියි කීවාය. රජතුමා කිඳුරිය කෙරෙහි කිපී තිරිසන් වූ තිට රජ සැප විඳීමට භාග්‍යයක් ඇද්දැයි කියා යන්ට ගියහ. රජ ගිය නියාව දුටු කිඳුරිය පර්වතයෙන් බැස කිඳුරා ලඟට පැමිණ ඔසවා පර්වතය මුදුනට ගෙන ගොස් හිස තම ඇකයෙහි තබා ගෙන අඬන්නී. ආදර ස්වාමීනී පෙර ඔබ හා පර්වත ගුහාදියෙහි සිත් සේ ක්‍රීඩා කරමින් ඇවිද දැන් ඔබෙන් වෙන්ව මම කෙසේ සැනසෙම්ද? අපි මෙතෙක් කල් ක්‍රීඩා කළ ඇළ දොළ ගංගා වැලි තලා මල් ගොමු ලියවැල් ආදිය මට අද අඳුරු ගුහා මෙන් හතර විටින් දිස්වේ. අනේ හිමියනි කාගේ මුහුණ බලා ඉතින් මම දුක නිවා ගන්නෙම්ද? අහෝ ලෝකපාල දෙවියනි මේ දුක මට ගෙන දුන්නේ කවරෙක්ද? ඉතින් දෙවි කෙනෙක් මෙළොව ඇත්නම් මහිමිට පැමිණ දුක නොපෙනේදෝ කියමින් අඬා උන්සඳ බමුණු වෙසින් එහි පැමිණ සක්දෙව් රජ කෙන්ඩියෙන් පැන් ඉස විෂබාටා ඉන් නැගිටුවා මේ මනුෂ්‍ය පථයෙන් තොරව චන්ද්‍රගිරි පර්වතයට ගොස් වාසය කරවයි පෙරසේම වාසය කළහ.

එසමයෙහි බරණැස් රජු නම් දැන් අනුරුද්ධ තෙරුන්ය. කිඳුරිය නම් යශෝධරා දේවීය. සඳ කිඳුරුව උපන්නේ බුදුරජාණන් වහන්සේය.