Decoding Damith Asanka...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,847
    40,559
    113
    ජීවිතේ වැරදුන තැන් නිසා තනිවෙන්න ඇති. තනියෙන් ඉන්නකොට ජීවිතේ නිසරු බව හිතෙන්න අරගෙන කලකිරෙන්න ඇති. ඒ කලකිරීම විදර්ශනාත්මක ඇසකින් විග්‍රහ කරගන්න තරම් බුද්ධි මට්ටමක්, පිනක් සහ නිවැරදි මාර්ගෝපදේශයක් නැති නිසා තමන්ට පුළුවන් විදිහකට, තමන්ට තේරුම් ගන්න පුළුවන් විදිහකට මිනිහා ඒ කලකිරීම අර්ථ දක්වගෙන තියෙනවා. මැවුම්වාදය විශ්වාස කරන කෙනෙක් හැම දේම දෙවියන්ට දාලා නැවැත්තුවට, බුද්ධ දර්ශනය කනට ඇහිලා තිබුනත් ඒ මනුස්සයා මේ වගේ දේවල් සුළුවෙන් අරින්නෙ නෑ. ගැඹුරට කල්පනා කරනවා. හරි පාරේ නොවැටුනොත් ඔක්කෝම පටලවගෙන තමනුත් අතරමං වෙලා අනුන්වත් අතරමං කරනවා. හැසිරීමෙන් හිනාවෙන් කතාවෙන් කියන්න පුළුවන් මිනිහගෙ මොකක් හරි අවුලක් තියෙනව කියලා. හැබැයි මිනිහා කියන්න හදන ඒත් හරියට තේරුම් අරගෙන නැති නිසා මිනිහටත් හරියට කියාගන්න බැරි දෙයක් හිත ඇතුලෙ කැකෑරි තියෙන බවක් නම් පේනවා.
     
    Last edited: