මගේ දැනුමේ හැටියට..
මිනිසකු ගල් කරන එක මන්ත්ර බලයකින් හමුදුරු නමක් කරපු එක වැරදියි..
කරන්න තිබ්බේ කට්ටඩියෙක් ලව්වාම ඒ වැඩේ කරන එක..
ඒක එහෙම කරනවනම් හේතුවාදි සන්ගමේ කෙනාව හෝ ඩොක්ටව ගල්කර පෙන්වන එක කරන්න තිබ්බේ..
තමා හිතා ගල්වීමයි, මන්ත්රයක් මගින් ගල් කිරීමයි, මෝහනයක් මගින් ගල් කිරීමයි වෙනස්..
මන්ත්රයක් මගින් ගල් කරොත් ඒක පලිගැනීමක් සදහාද යොදාගන්න පුලුවන්..
ඉර්ධි බලය බුදුහාමුදුරුවෝ තහනම් කලෙත් ඔය හේතුව නිසාමයි..
ඉර්ධි බලයෙන් කලහැකිදේ වෙන ශාස්ත්ර මගින්ද කල හැකිව තිබුනා.. අහසින් ගමන් කිරීම, සිත් කියවීම වගේ ගොඩක් දේවල්..
බුදුවරයෙක් ලෝකයට පහලවන්නේ මැජික් පෙන්වීමට නොවෙයි, සසර දුකෙන් මිදෙන මාර්ගය දේශනා කිරීමට,
ඉතින් බුද්ද පුත්රයන් වහන්සේලාත් උතුම් නිර්වානය අවබෝදකරගන්න වෙහෙසෙනවනම් වටිනවා..
දෙරන නාලිකාව කරන වැඩේ කොහෙත්ම අනුමත කරන්නේ නෑ..
තමන්ගේ වාසියට, තමන්ගේ ලාබේ වැඩි කරගන්න බුද්ද ධර්මය පෝය දවසක විකුර්තිකිරිම, මිත්යාවත් බුද්ධ ධර්මයත් පැටලවීම නොකල යුත්තක්..
හේතුවාදි සන්ගමයේ කෙනත්, ඩොක්ටත් ඉන්නේ මිත්යා දුශ්ටියක..
ඔවුන් කියන්නේ දෙවියෝ නෑ යක්කු නෑ ඕපපාතිකව උපත් සිදුවන්නේ නෑ කියලා..
ඔවුන් ඒ හරහා කෙලින්ම බුදුදහමට අබියෝග කරනවා..
හමුදුරුවෝ කල යුත්තේ ත්රිපිටකයෙන් කරුනු දක්වමින් බුද්ද දේශනාව සනාත කිරීම..
ඒත් වෙන්නේ වෙන දෙයක්..
දෙරනේ නිවේදකයා දේශපාලන වැඩසටහනක වගේ සාමජිකයන්ට කාලය වෙන්කරලා..
ගල් කරනවා කියලා ප්රසිද්ද කරලා නාලිකාව මාර්කට් කලෙත් උන්මයි..
දැන් ඒක බොරුවක් කියලා ප්රසිද්ද කරලා නාලිකාව මාර්කට් කරන්නෙත් උන්මයි..
මට හිතෙන විදියට කල යුත්ත යන්ත්ර, මන්ත්ර, ගුරුකම්, ජෝතිශ කාරයොන්ව වැඩසටහනට ගෙනෙන එක නවත්තලා,
නිවේදකයත් සන්වරව, දෙරන නාලිකාවත් ප්රසිද්ද වීමේ අදහසින් බැහැරව, ත්රිපිටකයට අබියෝග කරන්නන් ගෙන්වා ඔවුන්ගේ ප්රශ්න වලට හාමුදුරු නමක් ත්රිපිටකය මගින් කරුනු ඉදිරිපත් කිරීම..
දැන් සිටින හාමුදුරුවොන්ට ත්රිපිටකය පිලිබද දැනුම අල්ප නම් ඒ සදහා සුදුසු හමුදුරු නමක් වැඩම කරවා ගැනීම වටිනවා..
නොපෙනෙන මානය කියන මාර්තුකාවෙදි විමාන වස්තු, පේත වස්තු පිලිබද කියාදෙන එකයි කල යුත්තේ..
දර්ම කරුනු ගොඩක් තියෙන මාර්තුකාවක්.. අවාසනාවකට සබහවේදි ත්රිපිටකය බුද්ද දේශනාව මතුනොවීම කනගාටුවට කරුනක්.
සම්මා දෘෂ්ටිය සුත්ර දේශනා ඇසුරින්
http://www.elakiri.com/forum/showthread.php?t=1695852