දක්ෂිණ අධිවේගී මාර්ගයට ගල් පෙරළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට.
Thu, Feb 9, 2012
Local News
දක්ෂිණ අධිවේගී මාර්ගයට ගල් පෙරලු සැකකරුවෝ හතරදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙති. ලබන 21 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය. අධිවේගී මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධාවන පරිදි ඔවුන් උස් ස්ථානවල සිට මාර්ගයට ගල් පෙරලා ඇතැයි පොලිසිය පවසයි. ඒ කුරුදුගහ හැතැක්ම පිවිසුම් මාර්ගයත්, අටකොහොට මංසන්ධියත් අතර පිහිටි සමයන්ගල කන්ද ප්රදේශයේදීයි. සැකකරුවෝ නවදගල දෙමටගහකන්ද ප්රදේශයේ පදිංචි කරුවෝ වෙති. ඇල්පිටිය විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස් කේ සේනාධිරත්න මහතා ලබාදුන් තොරතුරක් අනුව ඇල්ප්ිටිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
http://www.lakhanda.lk/?p=3414