මේ වෙලා තියෙන්නේ තෙල් වලට නම් වෙන මඟුලක් නෙවේ මිනිස්සුන්ගෙන් ඇත්ත හංගපූ එක. අපේ ආයතන හැමදාම කලේ ඡන්ද ගන්න ඕනෑවට ඇත්ත මිල පැත්තක තියලා පාඩුවට දෙනව මිනිස්සුන්ට. ඊට පස්සෙ ඒ ආයතන පාඩු ලබනවා. ඊට පස්සේ කරගන්න දෙයක් නැතිම උනහම වැඩි කරනවා ඔක්කොම අල්ලලා. එතකොට මිනිස්සු විශ්වාස කරන්නේ නෑ. මිනිස්සු අහනවා ඔච්චර පාඩු ලබන්න ඇයි අපි නිකම්ද තෙල් ගැහුවේ, සල්ලි දීලනේ තෙල් ගැහුවේ කියල. ඔය විදිහට තමයි normally පාඩු ලැබුවේ. හැබැයි නිලධාරීන්ගේ, මැති ඇමති වරුන්ගේ දූෂණ වංචාත් පාඩු ලබන්න ගොඩක් බලපානවා. අර මංගල ගෙනාපු මිල සූත්‍රය තිබුනානම් ඇත්තටම මිනිස්සුන්ට ඔය දෙය විනිවිද පෙනව. වැඩි වෙන අඩුවෙන හේතුව පේනවා. ඒත් ඒ කාලෙ ඔය වීමලය එහෙම කෑගැහුවනෙ වැඩි වෙනකොට වැඩි කරන්නැයි අඩු වෙනකොට අඩු කරන්න නම් මොකටද ආණ්ඩුවක් කියල. මේක මගේ අදහස මට තේරෙන්නේ නම් ප්‍රශ්නෙ තියෙන්නෙ තෙල් වල නෙවේ ප්‍රශ්නෙ මේ කිසිම දෙයක් දරාගන්න පුළුවන් ආර්ථික මට්ටමක් මිනිස්සුන්ට ඇති වෙලා නෑ. හැම රජයක්ම කළේ මිනිස්සු සාපේක්ෂව දුප්පත් කළ එක. ඒක හිතා මතා කළා කියලයි මට හිතෙන්නේ. එතකොට මිනිස්සු නම්ම ගන්න ලේසියි. විශේෂයෙන්ම ඔය සාටකයෝ ආව දවසේ ඉඳන් කළේ ඇති නැති පරතරය වැඩි කරන එක. උන් ඔක්කොම හොරා කාල elite පැලැන්තියක් ලංකාවේ හැදුවා. උන් බිලියන ට්‍රිලියන ගණන් හොරා කනකොට දුප්පත් මිනිහා රුපියල් 5000 ට, රස්සාවට, ටකරමට හොරුන්ට ඡන්දෙ දුන්න.