ow bn room 100k nelu podi room ganaklu tiyenne.mn ahala tiyanawa owner tamalu chandrika bandaranayakawa marry karanna hitiye kiyala.vijaya kumarathuna chandrikawa marry kalata passe pora marry nokara hitiyalu![]()

ela wade..
ekak theruna .. lankawe inne pattama opa dupa hoyana asalwasiyo thama![]()

පෝරිසාදයා;23562996 said:FB comment
-------
Rasun Sameendra Wasalathilaka
හොල්මන් පිළිබඳ කතාව ලංකාව පුරාම ප්‍රචලිත වුණේ Gillian Andersonට අයිතිය හිමිවුණු දවස්වල..
පෝරිසාදයා;23562996 said:FB comment
-------
Rasun Sameendra Wasalathilaka
ඇත්තටම වලව් ඉඩමේ(වලව්වට නෙමෙයි ) එක අන්තයකට මගේ පාරම්පරික හිමිකාරීත්වයක් තියනවා. ඔය කියන හොල්මන් කතා නිසා සැලකිය යුතු කාලයක ඉඳන් මට ඉඩම විකුණගන්නත් අපහසුවෙලා තියෙන්නෙ.හොල්මන් තියනවා කියන දෙය මම බැහැර නොකරන්නේ ඒ පිළිබඳව මටත් පෞද්ගලික අත්දැකීම් 2ක් තියන නිසා. හොල්මන් පිළිබඳ කතාව ලංකාව පුරාම ප්‍රචලිත වුණේ Gillian Andersonට අයිතිය හිමිවුණු දවස්වල. ඒත් කවුරුවත් ඒ ගැන ලොකු විස්තරයක් දන්නේ නැති බවයි පෙනෙන්නේ. බොහෝමයක් අය මගෙන් අහන දෙයක් තමයි මොන විදිහේ හොල්මනක්ද වලව්වේ ඉන්නෙ කියන එක. හොඳයි මම කියන්නම්.
62-64 අතර කාලයේ දී වලව්වෙ තිබුණු සාදයකට සහභාගි වෙන්න ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ දියණියක් ආවා. මම නම කියන්නේ නැතුව ඉන්නම්. එයා නතර වුණේ පිටිපස්ස පැත්තට තියන උඩුමහලේ කාමරයක( රූපයේ: ඉස්සරහ දකුණු පැත්තේ උඩුමහලේ දෙවෙනි ජනේලයට උඩින් පොඩි වහල කෑල්ලක් පෙනෙනවා නේද? ඒ වහලය සහිත කාමර කොටස ). කොහොම නමුත් එදා රෑ වුණේ මොකක්ද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. සමහරු කියනවා ඒ තරුණිය පමණට වඩා මත්වෙලා හිටිය බව. තවත් අය කියන්නේ තමන්ගේ අදරවන්තයා එක්ක නොහොඳක් ඇති කරගත් බව. පාන්දර ජාමයෙ දී වලව්වේ හැම දෙනෙක්ම ඇහැරුණේ ලොකු විලාපයක් ඇහිලා. ඔය ඉදිරියේ තියන පෝටිපෝවෙන් පහලට ලණුවක් දාලා රෑ ඇඳුමෙන් ම ඒ තරුණිය එල්ලිලා හිටියලු. ඒත් එතන සියදිවි නසා ගැනීමකට වඩා දෙයක් තියෙන බව හැමෝටම දැනිලා තියෙනවා. ඒකට එක හේතුවක් වෙලා තිබුණේ තරුණිය මිය යන්නට පෙර තොණ්ඩුවෙන් ගැලවෙන්න අසාමන්‍ය උත්සාහයක් දරලා තිබුණු එක. සිද්ධියට සැකපිට අතඩංගුවට ගත්තේ බොහොම ශක්තිමත් තරුණයෙක්. කිරිඳිවැල පැත්තට වෙන්න තියන ඉඩම් කොටසේ ඉස්සර ඉස්තාලයක් තිබුණා. ඒකේ අස්සයො බලාගත්තෙ මේ තරුණයා. ඒත් නඩුවටත් කලින් ඒ තරුණයගෙ මිනිය ගලෙන් පල්ලෙහා තියන පුවක් අරඹේ වතුරවලක තිබිලා හොයා ගත්තා.
ඒ කාලෙ දී හඳ මෝරන සමහර දවස්වල රෑට ලොකු විලාප හඩක් ඇහෙනවා. එතකොටම වගේ ඈත ඉඳන් ගල උඩ පෝටිපෝව හරියේ බලද්දි කවුදෝ සුදු ඇඳුමක් ඇඳන් ලණුවකින් එල්ලිලා ඉන්නව පේනවා. ඒත් ළඟට යද්දි අතුරුදහන් වෙනවා.
ඒ එක්කම පුවක් අරඹ පැත්තෙන් ඇහෙන්නේ කසේකින් තලන හඩක්. සමහරු කියනවා අර මැරුණු තරුණයා කසෙත් අරන් ඉස්තාලෙ තියන පැත්තට යනවා දැක්ක කියලා. මම නම් ඒ සිද්ධිය තාම දැකලා නැහැ. ඒත් තරුණිය නම් ඉන්න බව විශ්වාසයි.