දැන් කාලේ සෑහෙන්න රැල්ලක් තියෙනවා DIY කියන සංකල්පෙට. හරියටම කියනවා නං ඔය කියන්නේ Do-it-yourself කියන එකට. ඒ කියන්නේ ඕනම දෙයක් තමන්ම කරන එකට. අපි කලිනුත් කියලා තියෙනවනේ මොකක් හරි දේකදී එක්ස්පර්ට් කෙනෙක්ගෙන් උදවු ගන්න ඕන වෙලාවට අපි වැඩේ කරන්න ගිහින් අනා ගන්න ඕන නෑ කියලා. හැබැයි හරියට බලනකොට අපි එදිනෙදා ජීවිතේ අනුන්ගේ උදවු හොයන සෑහෙන අවස්ථාවල ඒ දේ අපිටම කරගන්න හැකියාව තිබිලා තියෙනවා. එතකොට මේ DIY සංකල්පය ප්‍රොමෝට් කරන වෙබ් සයිට් වලින් එහෙම කරන්නේ ඒක තව ලෙවල් එකකට ඉස්සරහට ගෙනියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක්ස්පර්ට් කෙනෙක් ලව්වා කරවගන්න ඕන දෙයක් වුනත් අපිටම කරන්න උදවු කරන එක.
උදාහරණයක් විදියට ගත්තොත් ගෙදර රේඩියෝ එක කැඩුණා කියමු. දැන් ඉලෙක්ට්‍රොනික්ස් ගැන බොහොම සාමාන්‍ය දැනුමක් විතරක් තියෙන කෙනෙක් ඕක ගලෝලා වැරැද්ද හොයන්න ගියොත් ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් දේ තමයි රේඩියෝ එක කුණුගොඩට විසික් කරන්න වෙන එක. හැබැයි DIY සයිට් එකකට ගිහින් රේඩියෝ එකක් අලුත්වැඩියා කිරීම ගැන මූලික දැනුම ලබාගත්තොත්, ජොබ් එකට රේඩියෝ හදන්නෙ නැති මනුස්සයෙක්ට වුනත් කරදරයක් නැතුව රේඩියෝ එක අලුත්වැඩියා කරගන්න පුලුවන්. දැන් තේරෙනවනේ මොකක්ද මේ DIY සංකල්පේ කියලා. මේක ආකාර කීපයකට වැදගත්. එකක් වියදම් අඩු වෙන එක. දෙක, අලුතින් දෙයක් ඉගෙන ගන්න එක. තුන, මේ වැඩේ තියෙන ආතල් එක. ඉතින් මේ කියන්න හදන්නේ ලෝකේ තියෙන හොඳ DIY වෙබ් අඩවි කීපයක් ගැන තමයි.
ඔබේ වැඩකටයුතු වඩා පහසුවට ඔබටම කරගන්න කියලා දෙන නියම DIY වෙබ් අඩවි 7 ක්
1. iFixit
Source – ifixit.com, wired.com
මේකත් විකිපීඩියා වගේ DIY සයිට් එකක්. ඒ කියන්නේ ඔබට වුනත් ගිහින් අලුතින් දෙයක් කරන විදිය ගැන ගයිඩ් එකක් මේකේ පළ කරන්න හරි, තියෙන ගයිඩ් එකක විස්තර මදි කියලා හිතෙනව නං එකතු කරන්න හරි පුලුවන්. ඒවා අධීක්ෂණයට ලක්වෙලා, ගැටළුවක් නැති නම් එකතු වෙනවා.
කොහොමත් iFixit කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග වල ඉඳලා එදිනෙදා එන සෑහෙන්න රෙපයාර් වැඩ තමන්ටම කරගන්න කියලා දෙන සයිට් එකක්. මේ කට්ටියගේ ගෝල් එක වෙන්නේ මොකක් හරි දෙයක් – විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික උපාංගයක් කැඩුනහම විසි කරලා අලුත් එකක් ගන්න ඕන කියන මෙන්ටැලිටිය නැති කරලා, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අඩු කරන එක.
2. 5-Minute-Crafts
Source – facebook.com/5min.crafts
අර සුවඳ හමන ඉටිපන්දම් දැකලා තියෙනවද? ඔය වගේ එකක් ඕන නම් ලේසියෙන් ගෙදර හදාගන්න පුලුවන්. පොඩි භාජනේකට කෝපි කුඩු පුරවමු. දැන් අර පැතලි මහත ඉටිපන්දමක් මැද්දෙන් තියලා පත්තු කරමු. හරිම සරලයි. එතකොට හිස් ප්ලාස්ටික් මෙගා බෝතල් වලින් කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද? සමහර විට ඔබ හිතලා වත් නැති ප්‍රයෝජන ගන්න ඒවා පාවිච්චි කරන්න පුලුවන්. ඉතින් මේ වගේ ලයිෆ් හැක්ස් සෑහෙන ප්‍රමාණයක් වීඩියෝ වලින් කියලා දෙන තැනක් තමයි 5-Minute-Crafts කියන්නේ. ඇත්තටම මේක ෆේස්බුක් පේජ් එකක් සහ යූටියුබ් චැනල් එකක් විදියට තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඉවතලන දේවලින් සෑහෙන්න දේවල් කරන විදිය මේ වීඩියෝ වලින් උගන්නනවා.
3. DIY NETWORK
Source – thequickdoorhanger.com, bobvila.com
ගොඩක් වෙලාවට අපි හැමතැනම දකින්න නැති විදියේ, වෙනස් ආට් ටච් එකකට නිර්මාණය කරපු ගෘහ භාණ්ඩයක් එහෙම දැක්කහම පටස් ගාලා ඒක සල්ලි දීලා ගන්නවනේ. හැබැයි නිකමටවත් හිතිලා තියෙනවද ඒක හදන්න ඇත්තෙත් අපි වගේම ඩයල් එකක් වෙන්න ඇතිය කියලා? මේ DIY Network සයිට් එකට ගියා නම් හිතෙයි අපි සල්ලි දීලා ගන්න කොච්චර දේවල් අපිටම හදාගන්න පුලුවන්ද කියලා. ඒ කියන්නේ වෙන කොහේවත් නැති විදියට අපිටම හදාගන්න පුලුවන්. ඇත්තටම DIY Network කියන්නේ ටීවී ෂෝ එකක් වුනාට, ඊට වඩා දේවල් ඒ කට්ටියගේ වෙබ් සයිට් එකේ තියෙනවා. මේ කට්ටිය ෆෝකස් වෙන්නේ ගෙදරක ගෘහභාණ්ඩ වල ඉඳන් සම්පූර්ණ ගෙදරම තමන්ට වෙනස් විදියකට නිම කරගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියන එක පෙන්නලා දෙන්න තමයි.
4. MAKE
Source – makezine.com
වැඩක් ගන්න බැරි පරණ ඩිෂ්වොෂර් එකක් හරි ෆ්‍රන්ට් ලෝඩින්ග් වොෂින් මැෂින් එකක් හරි පරණ බඩුවලට විකුණනවට වඩා කරන්න පුලුවන් දේවල් නැද්ද? උදාහරණයක් විදියට මේ දෙකෙන් ඕනම එකකින් වෙනස්ම විදියේ මාළු ටැංකියක් හදන්න පුලුවන්! එහෙම නැත්තම් ගෙදරම හදන්න බැරිද ලොකු බෝට්‍ටුවක්? සෙල්ලං එකක් නෙවෙයි, ඇත්තටම මුහුදේ යන්න පුලුවන් බෝට්‍ටුවක්. මෙන්න මේ විදියේ එක එක ප්‍රොජෙක්ට් ගැන අදහස් සහ උපදෙස් ගන්න පුලුවන් මේ DIY සයිට් එකෙන්. ඒ විතරක් නෙවෙයි, ඩ්‍රෝන් පදින එකේ ඉඳන් ත්‍රීඩී ප්‍රින්ටරේකින් වැඩ කරන හැටි දක්වා උපදෙස් ලබාගන්නත් මේ සයිට් එකෙන්ම පුලුවන්.
5. Crafting a Green World
Source – craftingagreenworld.com, craftingagreenworld.com
දැන් ඔය ‘බැක් ටු ග්‍රීන්’ වගේ ඒවා හැමතැනින්ම ඇහෙන්න තියනවනේ. ගොඩක් බැංකු, විශ්වවිද්‍යාල වගේ ආයතනත් පුලුවන් තරම් ග්‍රීන් කන්සෙප්ට් යටතේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි වෙනකොට අපිට විතරක් ඇහැ කන පියාගෙන ඉන්න බෑනේ. ඉතින් තමන්ගේ ගෙදර දොරේ පොඩි පොඩි DIY වැඩවල ඉඳලා එදිනෙදා අපිට වුවමනා වෙන බොහෝමයක් දේවල් පරිසර හිතකාමී විදියට තමන්ටම නිර්මාණය කරගන්න උපදෙස් ලබාදෙන වෙබ් අඩවියක් තමයි මේ.
6. Wiki How
Source – wikihow.com
ඇත්තටම ලෝකේ ගොඩක් දෙනෙක් තමන්ට මොකක් හරි දෙයක් වෙන කෙනෙක්ගෙන් උපදෙස් ගන්නෙ නැතුව කරන්න ඕන කියලා හිතක් ආපු ගමන් කරන්නේ ගූගල් සර්ච් කරලා බලන එකනේ. එතකොට ඒ දේ කරන හැටි ගැන ගොඩක් වෙලාවට මුලින්ම උපදෙස් ගූගල් සර්ච් එකේ ලැබෙන සයිට් එකක් තමයි මේ Wiki How කියන්නේ. තවත් විකිපීඩියා වර්ගෙම ඕනම කෙනෙක්ට විස්තර එකතු කරන්න පුලුවන් සයිට් එකක් වෙන Wiki How එකේ එදිනෙදා සරල වැඩකටයුතු වල ඉඳන් සංකීර්ණ විද්‍යාත්මක දේ දක්වා කරුණු අඩංගු අතිවිශාල දත්ත ගබඩාවක් තියෙනවා. මේක DIY සයිට් එකක්ම කියන්න බැරි වුනත්, දත්ත ගබඩාවේ DIY පැත්තට අයිති වෙන තොරතුරු අතිවිශාල ප්‍රමාණයක් අඩංගු නිසාම අපි මේකත් අපේ ලිස්ට් එකට ගන්නවා.
7. Instructables
Source – 3dprint.com, instructables.com
මෙන්න නියමම DIY සයිට් එකක්. මිදි වලින් ගෙදරම ජෑම් හදාගන්න එකේ ඉඳන් තෑග්ගක් දෙන්න ඩ්‍රීම් කැචර් එකක් හදන එක දක්වා, පොඩි එකාගේ ඉස්කෝලේ විකට ඇඳුම් තරඟෙට අර රොබින් හුඩ් එකේ වගේ නයිට් කෙනෙක්ගේ ඇඳුමක් හදාගන්න එකේ ඉඳන්, ගෙදර සාලය ලස්සන කරන්න එල්ලෙන පොකුරු පහනක් අහක දාන දේවලින් හදාගන්න එක දක්වා හිතන්න බැරි තරම් විශාල පරාසයක DIY ප්‍රොජෙක්ට් කරගන්නේ කොහොමද කියන එක ගැන තොරතුරු Instructables සයිට් එකේ ඇතුළත් වෙනවා. හැබැයි කොයි තරම් ලොකු ඩේටාබේස් එකක් තිබ්බත් කැටගරි වලට බෙදලා තියෙන නිසා පහසුවෙන් ඕන දෙයක් හොයාගන්නත් පුලුවන්.
www.aniwa.com

Last edited: