Do U Know “resin codes” of Plastic??? ප්ලාස්ටික් වල වර්ග..

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Do U Know “resin codes” of Plastic??? ප්ලාස්ටික් වල වර්ග..


    ඇසුරුම් කරපු ප්ලාස්ටික් ඇසුරුමේ යට බැලුවොත් එක එක ජාතිවල එක එක විදියට මෙන්න මේ වගේ ලකුණක් තියෙනවා...:rolleyes:
    හොදටම නම් මතක් වෙන්නේ යෝගට් කප් එකේ යට...
    :D
    4517825766_c52e658178.jpg


    කවදා හරි හිතලා තියෙනවාද මේ මොනාද කියලා?? :rolleyes::rolleyes:
    නෑ නේද??
    :lol::lol::lol:

    recyclable_plastics1-300x225.jpg


    මේ ලකුණු හදුන්වන්නේ “resin codes” කියාලා...:)
    ලෝකයේ SPI හෙවත් The Plastics Industry Trade Association ආයතනය 1988 දි මේවා හදුන්වා දීලා තියෙන්නේ ප්ලාස්ටික් වර්ගවල හොද නරක බලලා...:yes::yes:
    අවුරුදු 23 ගියත් තාම නම් මේ ගැන ගොඩාක් අය දන්නේ නෑ....:)
    මෙන්න ඒ නිසා එක එක වර්ග ගැන යොදන ලකුණත් එක්කම පොඩි දැනුවත් කිරීමක්...තොරතුරු අන්තර්ජාලයෙන්...අදහසක් කියලා යන්න කියලත් ඉල්ලා හිටිනවා!
    :):):)

    ලොකේ එක එක ජාතියේ ප්ලාස්ටික් වර්ග සිය ගණනක් තියෙනවා.
    එහේම වුනාට නිතර වෙළඳපලේ දක්නට ලැබෙන ප්ලාස්ටික් ඇසුරුම් බෝහෝම විට වර්ග 7 කට අයත් වේ.:eek::eek:
    මොනවද මේ???මේ තියෙන්නේ ඒ ජාති 07 තමා...
    :eek::eek::eek::eek:
    plasticheader.jpg


    1 – PETE – Polyethylene Terephthalate

    types_of_plastic_1_pete.jpg

    Polyethylene Terephthalate (PET, PETE)
    පැහැදිලි පෙනෙන ලෙස ශක්තිමත්ව සාදා ඇත.

    සාමාන්‍ය බීම සඳහා බෝතල් ලෙස(වතුර,බීම, පළතුරු යුෂ බෝතල්, සෝඩාබෝතල්, පානීය ජල බෝතල්, විවිධ සිරප් වර්ග අඩංගු බෝතල්)සමහර ආහාර ද්‍රව්‍යඇසුරුම්, එළවළු තෙල් බෝතල් ආදිය සාදනු ලබයි. මෙය ඉතා විෂ අඩු ප්ලාස්ටික් වර්ගයකි. වඩාත්ම බහුල ලෙස භාවිතා වන රෙසින් වර්ගයයි.මෙය තැලීම් වලට ඔරොත්තු දෙන ඉතා පැහැදිළි ප්ලාස්ටික් වර්ගයකි
    නිෂ්පාදන වියදම අඩුය, ඝනත්වයෙන් අඩුය, විනිවිද පෙනෙන සුළුය.

    නැවත නැවත භාවිත කරමින් මෙය ප්‍රතිචක්‍රීකරණයකිරීම පහසුය.
    පයිබර් කාපට්,ජැකට් සැදීමටද ,නැවත වරක් බෝතල් සැදීමට යොදා ගනී.
    plastic-1pet_main.jpg



    2 – HDPE – High density Polyethylene
    types_of_plastic_2_hdpe.jpg

    බෝතල් වර්ග සැදීමටම යොදා ගනු ලබයි.රසායන ප්‍රතික්‍රියාවන් නොකරයි ඒ නිසාබොහෝවිට කිරි බෝතල්,ෂැම්පු වර්ග,සබන් කුඩු සබන් වර්ග. සේදුම් කාරක, මෝටර් ඔයිල්, සුවඳ විලවුන්, සෙල්ලම් බඩු, යෝගට් කෝප්ප ඇසිරීමට යොදා ගනී .වයර් වල කේබල්කවර ආදියද මෙයින් නිපදවයි. බොහෝවිට විනිවිද නොපෙනෙන ස්වභාවයක් ඇත.වර්ණ ගන්වන ලද හා වර්ණ රහිත ලෙස මේවා ඇත

    ආහාර නොදාන බෝතල් සැදීම,(ෂැම්පු,වාහන තෙල්)ආදිය සාදනු ලබයි.
    plastic-2hdpe_main.jpg


    3 – PVC – Polyvinyl Chloride
    types_of_plastic_3_v.jpg

    ඉතා හොද ප්‍රතික්‍රියා නොකරන ද්‍රව්‍යකි.අපි කවුරුත් දන්න PVC බට හදන්නේ මෙවයින්..ඒවගේම ලේ දාලා තියෙන බැග් blood bags කොන්ඩියුට් බට මෙයින් නිපදවයි.ඉලෙක්ට්‍රොනික් ද්‍රව්‍ය වල පිට සැකැස්මටද යොදාගනී.වඩාත්ම විෂ සහිත ප්ලාස්ටික් වර්ගයයි. නිෂ්පාදනයේදී මෙන්ම ඉවත් කිරීමේදීද විෂ ද්‍රව්‍ය පරිසරයට මුසු වේ.දැවීමේදී පිළිකා කාරක ද්‍රව්‍ය පිටවේ.
    ක්‍රම ක්‍රමයෙන් ආහාර ද්‍රව්‍ය සඳහා මෙහි භාවිතය සීමා වෙමින් පවතින්නේ මෙම ලක්ෂණ නිසාය.
    එහෙත් තවදුරටත් නැතිව බැරි වර්ගයකි.දැඩි බව, රසායන ද්‍රව්‍ය වලට ඔරොත්තු දෙන ස්වභාවය, ඉරු එළියට ඔරොත්තු දීම ආදිය මෙහි ලක්ෂණ වේ.

    plastic-3pvc_main.jpg


    ප්‍රතිචක්‍රීකරණය මගින් ඉහත ද්‍රව්‍යම සාදයි.
    4 – LDPE- Low-density Polyethylene
    types_of_plastic_4_ldpe.jpg

    භාවිතා වන්නේ ෂොපින් බෑග්, කිරි පැකට්,බිම බොන කප්,සෙල්ලම් බඩු,පරිඝණක කේසින් වල, CD හා DVD ආවරණ වල සහ සමහර බෝතල් වලය.. විද්යුත් උපාංග වල හා වයර් ආවරණ වලද යොදයි.නැමෙනසුළු ශක්තිමත් වර්ගයකි.මෙය තුන් වන වර්ගය තරම් අවදානම් නැත.
    නමුත් සමහර රටවල මෙම වර්ගයේ අසුරණ තහනම් කර ඇත.
    නම්‍යශීලී ශක්තිමත් බව නිසා තාප ආවරණ අවශ්‍ය තැන් වල භාවිතා වේ.
    ප්ලාස්ටික් බෑග් සාදන්නන් ඇතැම් විට මෙම වර්ගය සඳහා භාවිතා කරන්නේ පහත සංකේතයයි.

    peLD.gif


    මෙයටද වඩා මෞලික ඝනත්වයෙන් අඩු වර්ගයක් වනlow low density polyethyleneප්ලාස්ටික් බෑග් සාදන්නන් ඇතැම් විට යොදා ගනී. මෙහි සංකේතය නම්
    plasticLLDPE.gif

    plastic-4ldpe_main.jpg



    ප්‍රතිචක්‍රිකරණයෙන් කුණු බක්කි,බකට්,ආදිය හා ඉහත ද්‍රව්‍යම නිපදවයි.

    5 – PP – Polypropylene
    types_of_plastic_5_pp.jpg


    අවම ඝනත්වය සහිත වර්ගයයි.රසායන ප්‍රතික්‍රියා නොකරයි.
    ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දේ.
    භාවිතා වන්නේ බෙහෙත් බෝතල්, යෝගට් කෝප්ප, බෝතල් මූඩි, පරීක්ෂණාගාර භාජන, උණුසුම් ආහාර රඳවන ඇසුරුම් ආදියටයි.
    නැවත භාවිත කර වාහාන වල ප්ලාස්ටික් කොටස්,ප්ලාස්ටික් කොසු,බැටරි කේස් ආදිය සකසයි.
    :D:D
    plastic-5pp_main.jpg


    6 – PS – Polystyrene
    types_of_plastic_6_ps.jpg

    කප්,ප්ලාස්ටික් පිගන් යෝගට් කෝප්ප ආදිය සැදීමට යොදා ගනු ලබයි.බෝහෝවිට ආහාර සැපයුම් ද්‍රව්‍ය ලෙස..
    PS නමින් මෙම වර්ගය හැඳින්වේ.
    තාපයට ඔරොත්තු දීම අඩුය. භාවිතා වන්නේ පාවිච්චි කර ඉවත දැමිය හැකි කෝප්ප වර්ග, දීසි වර්ග, බිත්තර රඳවන, CD රඳවන ආදියටයි.

    plastic-6ps_main.jpg


    7 – Other
    types_of_plastic_7_other.jpg

    ඉහත වර්ග හයට අයත් නොවන සියල්ල මෙම සංකේතයෙන් දැක්වේ.සමහර විට ඉහත දෑ දෙකක් හෝ කිහිපයක් යොදමින් සාදපු වර්ගදවිය හැකිය. ශාක අනුසාරයෙන් සාදන ලද දිරාපත් වන ප්ලාස්ටික් වර්ගද මෙම සංකේතයටම අයත් වේ. මේවා පරිසර හිතකාමීය.
    polycarbonate bottles නම් බෝතල් වර්ගය - මෙහි ශරීරයට අහිතකර bisphenol-A නම් රසායනය අඩංගු වන නිසා භාවිතයෙන් ඉවත් වෙමින් පවතී. විශාල පානීය ජල බෝතල් (ලීටර් 20වැනි )භාවිතා කරන්නේ මෙම වර්ගයයි.

    plastic-7other_main.jpg

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගොඩාක් වැදගත් ලිපියක් මල්ලි ..:D.දැනන් හිටියේ නෑ මම....:no:..
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔබගේ විස්තරය වටිනව නොමැත සැක
    රෙප් දෙන්නට බැරිවෙන එක තමයි දුක!!

    රෙප් නැති වුනත් අයියන්ඩියේ සුදු..
    වටිනවා අදහසක් ඔබ එකපාර දැමු
    කරනවා තුතිය එකි හිතින්ම මෙතනම මු
    මොනවා ද දෙන්නනේ 16 මම ආව පසු?:rolleyes:
     
    • Like
    Reactions: inranasingha

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙච්චර කාලෙකට අදයි මේක දැනගත්තේ... ගොඩාක් ස්තූතියි චාමික මල්ලි... :yes::)

    රෙප් දෙන්න විදිහක් නෑ.. :(
     
    රෙප් නැති වුනත් අයියන්ඩියේ සුදු..
    වටිනවා අදහසක් ඔබ එකපාර දැමු
    කරනවා තුතිය එකි හිතින්ම මෙතනම මු
    මොනවා ද දෙන්නනේ 16 මම ආව පසු?:rolleyes:

    :rolleyes::rolleyes: