Documentary හෙල්ප්

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.

    මේක documentary එකක්. සෑහෙන්න පරන එකක්. ගියේ ජාතික රූපවාහිනියෙ. හරියටම කාලය මතක නම් නෑ :oo: , ඒත් මතක හැටියට 1997 ත් 1999 ත් අතර කාලෙක තමා ගියේ. එපිසෝඩ්ස් කීපයක් තිබුන වගෙ මතකයි. :nerd::nerd:

    එකේ තිබුනෙ දුපතක්, මතක හැටියට කොරල් දුපතක්. ඒක මුහුදෙන් මෑත කලෙක මතු උන එකක්. කෙනෙක් ඒක සල්ලි වලට අරගෙන ඒක වාසයට සුදුසු තත්වෙට පත් කරපු හැටි ගැන. ඇත්තම කතාවක්. ඒ දුපත මුල් කාලේ කිසිම ගහක් කොලක් නැති තැනක්.

    එක කොටසක තියනවා පයින් ගස්ද මන්ද එකේ වගා කරන කොට ආපු ප්‍රශ්න ගැන. මතක හැටියට අප්‍රිකාවට කිට්ටුයි මේ දූපත. තව එපි එකක තියනවා මාලු ජාතියක් නියන් කාල වලදි පොලවේ වැලලිල ඉන්න, වැස්ස කාලෙදි එලියට එන. :baffled::baffled:

    ඇත්තටම මට දැන් හරියට මුකුත් මතක නෑ ඒ කතාව ගැන. ඒක සින්හලෙන් හඬ කවල තිබුනෙ. අඩුගානේ ඒ කතාව 1980 ගනන් වල වත් හදපු එකක් වෙන්න ඇති. කතාවෙ සින්හල නම වත් මතක නෑ දැන්. :no::no::no::no:

    අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කතාවෙ නම වත් හොයල දෙන්න. පොඩි කාලෙ ඉදන්ම හිතන් හිටියා ආයෙ කවද හරි ඒක බලන්ව කියල. හැම තැනම හෙව්වා කිසි විස්තරයක් හම්බුනෙ නෑ. නම දන්නෙ නැති හන්ද මුකුත් හොයාගන්න ලේසිත් නෑ. :no::no::no::no:

    කවුරු හරි පින්වතෙක් උදව් කරන්න. :yes::yes::yes::yes: හබැයි රෙප් වලින් සලකන්න තරම් මන් පෝසත් නම් නෑ.:dull::dull::dull:
     
    • Like
    Reactions: ACHIK

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කවුරු හරි පින්වතෙක් උදව් කරන්න.... :yes::yes::yes::yes:රෙප් වලින් සලකන්න....:yes::yes::yes::yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මාලු ජාතියක් නියන් කාල වලදි පොලවේ වැලලිල ඉන්න,
    වැස්ස කාලෙදි එලියට එන එක මටත් මතකයි.....නම නම් දන් නෑ,
    planet earth එකේ තිබ්බා ඔය මාලු ගැන
    එපියක්......
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මාලු ජාතියක් නියන් කාල වලදි පොලවේ වැලලිල ඉන්න,
    වැස්ස කාලෙදි එලියට එන එක මටත් මතකයි.....නම නම් දන් නෑ,
    planet earth එකේ තිබ්බා ඔය මාලු ගැන
    එපියක්......

    මන් හිතන්නෙ ඔය මාලු ජාතිය අෆ්‍රිකන් ලන්ග් ෆිශ් http://en.wikipedia.org/wiki/Protopterus වෙන්න ඕනෙ. ඒත් මාලු ගැන නෙමෙ සහෝ ඩොක්‍යුමෙන්ටරිය. :no::no:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    මටත් ඔහොම ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බ කියල මතකයි.
    මුහුදේ වතුර මට්ටම කාලයත් එක්ක අඩුවෙලා හිරිගල් පරයක් මතුවෙනවා, ඊට පස්සේ හිරිගල් සිමෙන්ති ගන්න ගත්තයින් පස්සේ මුඩු බිමක් ඉතිරි වෙනවා, ඩයල් එකක් එක අරගෙන තමයි වනවගා කරලා දුපත නිර්මාණය කරන්නේ.
    අනේ මචෝ නම නම් මතක නැ.
    ඕවා තොටවත්ත ගේ කාලේ හදපුවා වෙන්න ඇති බං.
    සමහර විට රූපවාහිනියෙන් හොයාගන්න පුළුවන් වෙයි.
    ඉස්සර ඔය ප්‍රෝග්‍රෑම් එක ගියේ 2-5 අතරේ අද්‍යාපනය සේවයේ..

    හම්බවුනොත් ලින්ක් එකක් දාපං
    ;):love:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මටත් ඔහොම ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බ කියල මතකයි.
    මුහුදේ වතුර මට්ටම කාලයත් එක්ක අඩුවෙලා හිරිගල් පරයක් මතුවෙනවා, ඊට පස්සේ හිරිගල් සිමෙන්ති ගන්න ගත්තයින් පස්සේ මුඩු බිමක් ඉතිරි වෙනවා, ඩයල් එකක් එක අරගෙන තමයි වනවගා කරලා දුපත නිර්මාණය කරන්නේ.
    අනේ මචෝ නම නම් මතක නැ.
    ඕවා තොටවත්ත ගේ කාලේ හදපුවා වෙන්න ඇති බං.
    සමහර විට රූපවාහිනියෙන් හොයාගන්න පුළුවන් වෙයි.
    ඉස්සර ඔය ප්‍රෝග්‍රෑම් එක ගියේ 2-5 අතරේ අද්‍යාපනය සේවයේ..

    හම්බවුනොත් ලින්ක් එකක් දාපං
    ;):love:

    Onna oka thama macho. Thotawattage kale tama. Rupawahiniyenma thama ahanna wenne
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මට මතකයි බන්... ඒකාලේ බැලුවා ඕක...:D

    කොහොමද හොයන්නේ.. බලමු ට්‍රයි එකක් දාලා..:yes: