Draftmen Job

Nickzone

Member
May 15, 2016
243
11
0
Draftmen කෝස් එකක් කරෝතින් එහෙම Job එහෙම තියෙනවද හොයාගන්න. :oo: දැනට Draftmen ජොබ් එක කරන අය ඉන්නව නම් විස්තර ටිකක් කියන්න පුළුවන්ද ජොබ් එක මොනවගේ එකක් ද කියලා. මේ ජොබ් එක කරන්න Creative mind එකක් එහෙම ඕනද ? :rolleyes: සෑහෙන්න මහන්සිවෙන්න වෙනවද මේ ජොබ් එක කරන්න. :confused: දන්න කට්ටිය මේකෙ Negative පැත්ත එහෙම කියන්න පුළුවන් ද? :confused: :dull: තව සැලරි එහෙම කොහොමද මේකට හම්බවෙන්නෙ ? :dull:
 

jisa

Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    karana de hariyata karanna draughtsmen course eka karala auto cad saha revit 3d kara ganna pita rata hoda job thiyanawa
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    Draftmen කෝස් එකක් කරෝතින් එහෙම Job එහෙම තියෙනවද හොයාගන්න. :oo: දැනට Draftmen ජොබ් එක කරන අය ඉන්නව නම් විස්තර ටිකක් කියන්න පුළුවන්ද ජොබ් එක මොනවගේ එකක් ද කියලා. මේ ජොබ් එක කරන්න Creative mind එකක් එහෙම ඕනද ? :rolleyes: සෑහෙන්න මහන්සිවෙන්න වෙනවද මේ ජොබ් එක කරන්න. :confused: දන්න කට්ටිය මේකෙ Negative පැත්ත එහෙම කියන්න පුළුවන් ද? :confused: :dull: තව සැලරි එහෙම කොහොමද මේකට හම්බවෙන්නෙ ? :dull:

    draftng karapan.
    e matahama radenna epa

    e ekkama QS wage joba ekak karapan

    drafting karanwa nam wadi salay ekaka one nam mewth ona

    3d max / maya
    Vray rendering

    for mechanical

    Solidworks
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩ්‍රාෆ්ට්මන් ජොබ් එක ගැන කියනවනම් ඉතින් දවසෙම ඉරි අඳින්න තියෙන්නේ :D:D.ලොකු වගකීමක් නෑ.හැබැයි කරන වැඩේ ගැන හොඳ අවබෝදයක් තියෙන්න ඕනි.

    ජොබ් නම් තියෙනවා.ප්‍රස්නයක් නෑ.උඹ තනියම ගෙවල් ඩිසයින් කරන්න අදහසක් තියෙනවනම් ක්රේටිව් අයිඩියාස් තියෙන එක හොඳයි.එහෙම අදහසක් තියෙනවනම් ආකිටෙක් කෙනෙක් ගාව අවුරුදු කීපයක් වැඩ කරන්න.

    සැලරි නම් ට්‍රේනින් 15ක් වගේ ගෙවන්නේ.ඊට පස්සේ ඉතින් එක්ස්පීරියන්ස්,ටැලන්ට් එක අනුව වැඩිවෙනවා.රු 30000,40000 ට වැඩ කරන ඩ්‍රාෆ්ට්මන්ලත් ඉන්නවා ලක්ශෙට එහා සැලරියක් ගන්න අයත් ඉන්නවා.තව ඉතින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවනම් තව හොයන්න පුලුවන්.

    කෝස් එක කරනවනම් ටෙක්නිකල් කොලේජ් එකක කෝස් එක කරන්න.අතන මෙතන කරන්න එපා.ටෙක්නිකල් කෝස් එක අවුරුද්දක් ෆුල් ටයිම්.ඒක කරහන්.ඒ අතරේ ඔටෝ කැඩ් කෝස් එකක් කරන්න.පස්සේ හෙමිහිට Revit,Civil 3D වගේ සොෆ්ට්වෙයා ඉගෙන ගන්න. මිකැනිකල් සයිඩ් එකට යන්න අදහසක් තියෙනවනම් Solid work ඉගෙන ගන්න.ඩ්‍රාෆ්ට්මන් ලගේ අඩුවෙන්ම පඩි ගෙවන්න ආකිටෙක් ෆර්ම් වල.සාමාන්‍යයෙන් Structural,MEP,Road වගේ දන්න අයට සැලරි වැඩියි.ජොබ් එකට ගියාම මුල් කාලෙ කිසිම තැනක අවුරුදු 2 කට වඩා ඉන්න එපා.උඹට වැඩක් නෑ.මුල් කාලේ ස්ට්‍රක්චරල්,MEP වගේ දෙයක් ඉගෙන ගන්න බලහන්.

    ඔය සමහරි 3D මැක්ස්,මායා වගේ ඒවා ඉගෙන ගන්න කියනවා.ඒවා කරන්න ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ව ගන්න කියහන්.උඹ ඩ්‍රාෆ්ට්මන් බව මතක තියාගෙන අදාල දේවල් ඉගෙන ගන්න.ඩ්‍රාෆ්ට්මන් කෝස් එක ඉවර කරපු ගමන් NCT Civil හරි NCT Qs කරන්න.දිගටම ඩ්‍රාෆ්ට්මන් ඉන්නවනම් NCT Civil කරන එක හොඳයි.