Questions drive කරගෙන තනියෙන් ගිය 1st day

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    උඹල වාහනයක් drive කරගෙන තනියෙන් ගමනක් ගිය 1st day එක මතකද?
    මට මතක නැහැනේ බන්

    (not when learning. after license)
     
    • Like
    Reactions: wqe123

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    ඒ මතක හැටියට 2002. අයිය ගත්ත පලවෙනි වාහනේ වින්රෝඅඩ් එකක්. මම 9 වසර. අයිය කොලබ ගියා. ගෙදර කවුරුත් හිටියෙත් නැ. මම ෂර්ට් එකත් නැතිව පිස්සෙක් වගේ කාර් එකේ මාතලේ ටවුම වටේ රවුමක් ගිහින් ආව. අලුවිහාරේ පෙත්තේ දී 70 වට වගේ ගියා කෙලින් පාර නිසා. මරි මෝඩකම හෙප්පිල අසරණ මනුස්සයෙකුට මොනවා හරි වුනානම්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොරෙන් අරන් ගියපු පලවෙනි දවසෙම කානුවකට වැටුනා. යන්තම් ගුටි නොකා බේරුනේ :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ
    වත්ත පහල පාරෙ පල්ලමේ කාගෙද ලොරියක් නතර කරලා තිබුනා කවුරුවත් පේන්න හිටියෙත් නැහැ
    දොර ලොක් කරලා තිබුනෙත් නැහැ, නැගල නිකමට එහෙ මෙහෙ කෑලි අදින්න ගත්තට පස්සෙ ලොරිය හෙමීට පල්ලමට යන්න ගත්තා
    සුක්කානම කැරකුවට හරවගන්න තේරුමක් නැහැ නැහැ පලවෙනි වතාවටනේ ලොරියක් එලවන්නෙ , පන එපා කියලා පහලට යන ලොරියෙන් පැනගත්තා
    පස්සෙ ගෙදර ඇවිත් මොකුත් උනේ නෑ වගේ ගෙදරට වෙලා ඉන්නකොට ටික ටික මහ කලබලේක සද්දයක් ඇහිලා ගියා බලන්න
    කාගෙදෝ ලොරියක් පහල පල්ලමේ රෝල් වෙලා ගිහින් පාරෙන් පිට පැනලා අඩි 25ක් විතර කන්ඩියකින් පහලට වැටිලා කුබුරකට, ඩ්‍රයිවර් ඒ ලඟ පාත ගෙදරකට ඇවිත් ලොරිය දාල ගියපු වෙලේ හෑන්ඩ් බ්‍රේක් එක බුරුල් වෙලා ලොරිය රෝල් වෙලා ගිහින් කියලා තමයි කට්ටිය කිවුවෙ
    ඔය වැඩේ වෙන කොට මට බයික් ලයිසන් තිවුනා

    ආතල් එකට දැම්මෙ. ඇත්තට එහෙම එකක් උනේ නැහැ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කොහොම අමතක කරන්නද
    තාත්තා ළගින්ම හිටියා, ආය ඉතින් හැම වෙලේම උපදෙස් දෙනවා
    කොරවක්කා වගේ ගියේ, සෑහෙන කට්ටක් කාලා පුරුදු වුණා

    පළවෙනි වතාවට තාත්තට එන්න එපා කියලා මං තනියෙන් ගියා
    මීටර් 100ක් ගියේ නෑ හොබ්බ ඇණුනා බිම, අඩාගෙන ආවා :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නිසාන් වැනට් එකක් තිබ්බ
    හන්දියෙ පොලට යැව්ව තාත්ත

    කිමි 6ක් විතර, හොද බුලත් හපයක් ගහගෙන ආවෙ. ඇවිල්ල ඩයිවර් සයිඩ් පැත්ත හෝදල දැම්ම

    වගේ මතකයක් තියෙන්නෙ
     
    • Like
    Reactions: dilan_randika