ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ
වත්ත පහල පාරෙ පල්ලමේ කාගෙද ලොරියක් නතර කරලා තිබුනා කවුරුවත් පේන්න හිටියෙත් නැහැ
දොර ලොක් කරලා තිබුනෙත් නැහැ, නැගල නිකමට එහෙ මෙහෙ කෑලි අදින්න ගත්තට පස්සෙ ලොරිය හෙමීට පල්ලමට යන්න ගත්තා
සුක්කානම කැරකුවට හරවගන්න තේරුමක් නැහැ නැහැ පලවෙනි වතාවටනේ ලොරියක් එලවන්නෙ , පන එපා කියලා පහලට යන ලොරියෙන් පැනගත්තා
පස්සෙ ගෙදර ඇවිත් මොකුත් උනේ නෑ වගේ ගෙදරට වෙලා ඉන්නකොට ටික ටික මහ කලබලේක සද්දයක් ඇහිලා ගියා බලන්න
කාගෙදෝ ලොරියක් පහල පල්ලමේ රෝල් වෙලා ගිහින් පාරෙන් පිට පැනලා අඩි 25ක් විතර කන්ඩියකින් පහලට වැටිලා කුබුරකට, ඩ්‍රයිවර් ඒ ලඟ පාත ගෙදරකට ඇවිත් ලොරිය දාල ගියපු වෙලේ හෑන්ඩ් බ්‍රේක් එක බුරුල් වෙලා ලොරිය රෝල් වෙලා ගිහින් කියලා තමයි කට්ටිය කිවුවෙ
ඔය වැඩේ වෙන කොට මට බයික් ලයිසන් තිවුනා
ආතල් එකට දැම්මෙ. ඇත්තට එහෙම එකක් උනේ නැහැ