මගේ එක එක්ස්පයර් උනේ 2020 -10
ඒවාට මාස 6යි කල් දුන්නේ
දිස්ත්‍රික් කාර්යාලවලින් ලයිසම අලුත් කරගන්නේ මෙහෙමයි
1. මෙඩිකල් එක ගන්න උදෙන් ගිහිං නම්බර් ගන්න පුළුවන් එහෙම නැතිනම් ඊචැනලින් වලින් බුක් කරන්නොන.
2. මෙඩිකල් එක ගන්න පරණ ලයිසන් එකයි NIC විතරයි ඕන
3. එතනින් ඇතුලට දැම්මම යන්නනොන කව්න්ටර් පිළිවලින් තීනවා එතන උන් කියනව කරන්නෝන දේ
4. මෙඩිකල් එක පැයක් විතර ඇතුලත දෙනවා කලින් නම් එදාම ලයිසන් එකට දාන්න පුළුවන් එත් දැන් ඒකට වෙනම කෝල් කරලා වෙලාවක් දාගන්න ඕන. මෙඩිකල් එක අරං rmv එකට යන්න එතන ගහල තීනවා පෝන් නම්බරේ
5. අලුත් කරන්න දෙන දිනයට වෙලාවට යන්නයි තියෙන්නේ. ඒකට ඕන වෙන්නේ මෙඩිකල් එකයි පරණ ලයිසමයි nic එකයි විතරයි (ෆොටෝ , උප්පැන්න සහතික අනං මනං මොනවත්ම ඕනා නෑ ඒවා බලන්නෙත් නෑ. ෆොටෝ ගන්නේ ඇතුලෙන්මයි. ෆින්ගපින්ට් ගන්නව සයින් එක ගන්නවා ඉලෙක්ට්‍රොනිකලි )
6. එතනත් යන්නොන කව්න්ටර් කියනව එකකින් වව්චර් එකක් දාල දෙනවා ගෙවන්නොන ගාන දාල. ඒක අරං ගිහිං බෑන්ක් එකට ගෙවල එතනින් දෙන කොලේ අරං යන්නයි තියෙන්නේ. සැහැල්ලු වාහන , ටුක්ටුක් , බයික් අලුත් කරන්න 1700යි මගේ අවරුද්දකට වඩා පරණ නිසා අවරුද්දකට 250 ගානේ 500ක් අමතර ගෙවන්න උනා)
7. කාර්ඩ් ලයිසන් එක එනකං ටෙම්පරි එකක් දෙනවා. ඒක මාස 4ක් වැලිඩ්. පරණ ලයිසන් එක උන් ගන්නේ නෑ.
8. මෙඩිකල් එකේ ඉදන් ඔක්කොම ෆෝර්ම් බාකෝඩ් ගහල තින්නේ කව්න්ටර් වල බාකොඩ් එක ස්කෑන් කරලා වැඩේ වෙන නිසා කුයික් වැඩේ වෙනව
------ Post added on Nov 27, 2021 at 11:07 AM