මම නං ලයිෂන් එක අරන් අවුරුදු 5 ක් විතර වෙනවා. කියන්න තියෙන්නේ ට‍්‍රයල් එකට බය වෙන්න දෙයක් නෑ කියලා තමයි. රිවස් එක හොදට පුරුදු වෙයන්න. රිවස් කරන තැන පොඩි පල්ලමක් වගේ තියෙනවා නම් ඇක්සලේටරේට කකුල තියන්නේ නැතිව ක්ලච් එක බැලන්ස් කරලා ගන්න පුරුදු වෙන්න. හැම තිස්සෙම පටන්ගන්නකොට, නවත්වනකොට වගේම හන්දි වලදී සිග්නල් දාන්න අමතක කරන්න එපා. වැඩිය හිත කලබල කරගන්න එපා. ට‍්‍රයල් එකේදි සෙකන්ඞ් එකට වගේ දාගෙන හිමින් යන්න. හැම තිස්සෙම ඩ‍්‍රයිව් කරනන කලින් මගේ අතින් වැරැුද්දක් වෙන්න එපා කියාලා හිතලා ස්ටීරියන් වීල් එකට වඳින්න. බලන්න පරණ ඩ‍්‍රයිවර්ස්ලා එහෙම කරනවා. එතකොට හිතටත් හොදයිනේ. බයික් එකක් නම් තැපැල් නයින්ටියකින් හොදට අට ගහන්න පුරුදු වෙන්න තමයි තියෙන්නේ.