
නිලධාරි මාෆියාව!
අඟහරුවාදා ඖෂධ සංස්ථා ලොක්කන්ව ගෙන්වලා තිබ්බ COPE කමිටු රැස්වීමෙදි අපූරු දෙයක් හෙළි වුණා.
ඒ තමයි Indian credit line එකෙන් , world bank එකෙන් හා ADB එකෙන් ඖෂධ ගන්න ලැබිලා තියෙන අමෙරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න මුදල් නිලධාරීන් තවමත් ඖෂධ ගෙන්වන්න යොදවලා නෑ කියන එක.
සභාපති මහාචාර්ය චරිත හේරත් කියනවා " ඔය සල්ලි යොදවලා ඖෂධ ගෙන්වුවානම් 2023 අගෝස්තු වෙනකම්ම ලංකාවට ඕන කරන ඖෂධ සේරම මේ වෙද්දි ලැබිලා නේ..." කියලා. නිලධාරීන් procurement process දීර්ඝයි , ඇදෙනවා කිය කිය නන් දොඩවමින් හිටියා. දැන් ඒ ප්‍රමාදය ගැන විමර්ශන ඇරඹිලා තියෙනවා.
මෙතන තියෙන ඇත්ත කතාව නං නිලධාරීන් ඖෂධ ගෙන්වන ක්‍රියාදාමය කඩිනම් නොකළ එකම හේතුව කොමිස්. මොකද Indian credit line , World bank , ADB මුදල් වලින් ඖෂධ ගනිද්දි වෙන්නෙ අවශ්‍ය ඖෂධ තොග ඇණවුම් කළාම ඒ අදාළ පාර්ශ්වය සෘජුව ඒ බිල්පත්වලට ගෙවීම් කරන එකනෙ. සැපයුම්කරුවන්ගෙන් නිලධාරීන්ට වෙන වෙනම කොමිස් ගන්න බෑනේ.
226 ට බැන බැන ඉඳලා හරියන්නෙ නෑ , මේ රට හදන්නනං සමහර රාජ්‍ය නිලධාරීන් ගොඩනගාගෙන ඉන්න මාෆියාවත් බිඳලා දාන්න ඕන. එතනයි ලොකුම කාලකන්ණි ටික ඉන්නෙ.
මේගොල්ලෝ මේ විදිහට හැසිරෙන්නෙ ජලභීතිකා එන්නතවත් රටේ නැති වෙලාවක.
තව කියනවා බේත් ගැන තියෙන සිස්ටම් එකට මිලියන 700ක් වියද්ම් කරලා හැදුවලු. ඒක ඒත් වැඩ කරන්නේ නෑලු. ඒකටත් මාසෙකට මිලියන 5ක් යනවලු නඩත්තුවට. ඩොක්ටර් හර්ෂට ඒක අහලා "This is a crime " කියලා කියවුනා. තව කියනවා හරියට වැඩ කරන සිස්ටම් එකක් හදන්න මිලියන 7000ක් යනවලු. චිරිත ගෙයි හර්ශගෙයි ඇස් උඩ ගියා.
ඊට පස්සෙ චරිත හේරතුයි, හර්ෂ ද සිල්වයි කිව්වා මිලියන 7000 කතා බොරු , ඕක මොරටුවට බාරදෙන්න, ඒ ළමයි ඕක මාසෙන් හදලා දෙයි කියලා.
ඇත්තටම ගහනවා නම් ගහන්න ඕන මේන්න මේ තක්කඩි තිරිසන්නු ටිකට. 225ට වඩා ඇත්තටම මේ රට ඇතුලේ තියෙන්නෙ මේ දූෂිත නිලධාරින්ගෙ සාපය! කොමිස් නැති නිසා 2023 වෙනකල් රට ඇතුලට බේහෙත් ටික එන මග වලක්වපු උන්ට මිනිමැරුම් චෝදනා යටතේ අච්චු කරන්න මේ රටේ නීතියක් නැති එක නම් කරුමයක්!
Copied from Udara Gunawardana