EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    IT එකේ #යා..:sorry:

    අසභ්‍ය වචන පාවිච්චි කරන්න සිදුවීම ගැන බලවත් කනගාටුව...:baffled:

    (මුලින්ම කියන්න ඕනේ අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල් කියන එක... අපි දන්න සමහර සුලු දේවල් නොදැන හිටියත්
    ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...:yes:)
    -
    -
    -

    එක දවසක් උදෙන්ම වැඩට ඇවිත් කම්පූටරේ එහෙම ඔන් කරනකොටම මට මතක් උනා වෙනත් ඩිපාට්මන්ට් එකකට යන්න ඕනෙ කියල පොඩි වැඩකට.. ඔය අතරෙම කෝල් එකකුත් ආව අපේ ඩිපාට්මන්ට් එකේ ෆෝන් එකට...

    "හෙලෝ මල්ලී.. මෙන්න මේකෙ ඊමේල් එන්නෙ නෑ.. පොඩ්ඩක් ඇවිත් බලනවද..?"
    :frown:

    "අරි අයියෙ මම එන්නම්.."
    අම්මටහුඩු! තැන අහගගන්න බැරි උනානේ...:eek:

    මට නිතර නිතර වෙන සුපුරුදු ගැටළුවම එදත් මතු උනා.. පස්සෙ ආයෙත් මගේ චූටි
    ඔලුගෙඩියට ආව මේ වෙලාවේ ඇරල තියෙන්නෙ මොන ඩිපාට්මන්ට් එකද කියන එක..:lol: ඒ මම උදෙන්ම යන්න හිතන් හිටිය එකමයි.. අනික ඒ අය තමයි උදෙන්ම ඊ මේල් එක දිග ඇර ගන්නේ.. මමත් ඉතින් අඩියට දෙකට අදාල ඩිපාට්මන්ට් එකට ගිහින් මේල් එන මැෂින් එකේ eමේල් කේස් එක ගැන හොයල බලල වැඩේ ගොඩ දැම්ම තප්පර ගාණක් ඇතුළත... (එච්චර ලොකු අවුලක් නෙමෙයි වෙලා තිබුණේ.. :P)
    email-yes-no.jpg


    මම ඇතුළට යද්දිම දැක්ක මට උදේ පාන්දරම කෝල් එක දීපු කෙනත් වෙන කෝල් එකක ඉන්නව ෆෝන් එකේ එල්ලිගෙන...
    ඔෆිස් වල සාමන්‍යෙන් ඩිපාට්මන්ට් ඇතුළෙ ක්ලස්ටස් වලින් වෙන් වෙලානෙ තියෙන්නේ... ඉතින් ඊ මේල් එක සෙටප් කරපු මැෂින් එකේ කවුරුහරි ඉඳගෙන ඉන්නකොට අනිත් අයට පේන්නෙ නෑ, නැගිටල බැලුවෙ නැත්තන්.. ඒ නිසා මම ඇවිත් මේල් එක ගැන බලනව එයා දැක්කෙත් නෑ..;)

    මම පාඩුවේ වැඩේ කර කර ඉන්න අතරේ තව කෙනෙක් ඇවිත් මට කෝල් එක දීපු කෙනාගෙන් අහපි,


    "මචන් අර ඊමේල් එක ආවද..?" කියලා

    "
    ඊ මේල් වැඩ කරන්නේ නෑ බං... මොකක් හරි අවුලක් වෙලා උදේ පාන්දරම.. මම අර IT එකේ, ##යට කෝල් එකකුත් දුන්න... මේ !@#$%^&* තාම ආවේ නෑනේ..." :lol:

    මට තනියම හිනා වෙච්ච වැඩේට... උදේ පාන්දරම මම හෝල්සේල් කුණු හරුප අහගන්නව..:rofl: මම ඉතින් දඩස් ගාල නැගිටල, අතේ ඇඟිලි හතර ගුලි කරගෙන මහපොට ඇඟිල්ල උස්සල,

    "දැන් ඊමේල් කේස් එක හරි අයියේ.." කියල කිව්ව හිනාවකුත් දාගෙනම...:P අයියා සෑහෙන කලබල වෙලා, මූණ ජම්බු ගෙඩිය කරන්,

    "අ.අ.අම්මටහුඩු මල්ලි..!
    උ.උ.උඹ ඇවිල්ල ඕක හදලත් ඉ.
    .ඉවරද..? කො.කො.කොයි වෙලාවෙද ආවේ..?":eek:

    "It. එකේ ##යෝ එහෙම තමයි අයියෙ.." කියල කියන්නත් හදලා, ආයි නිකන් අහක යන රා මුට්ටි පෙරල ගන්න ඕනෙ නැති නිසා සද්ද නැතුව හිනාවක් දාල අනිත් පැත්ත හැරිල එන්න ආවා...:yes:
    බාගයක් දුර එද්දියි මතක් උනේ, මම උදේ ඒ ඩිපාට්මන්ට් එකට ගිහින් කරන්න හිටිය වැඩේ කුණුහරුප අහ ගත්ත එකෙන් කරන්න අමතක උනා කියලා...:(
    මට ඒ වැඩේ මතක් උනෙත් මේ දැන් පොස්ට් එක ටයිප් කරද්දි කියහංකෝ...:rofl:

    (කලින් පොස්ට් එකේදී මාව කෝට් කරල රිප්ලයි දාපු අයව මම කෝට් කරන්න නොගියේ හැමෝම එකම කතාවක් වටේ සෙට් වෙලා ඉන්නව දැක්ක නිසයි.. මමත් කට්ටියව කෝට් කරල ස්තූතියි කියන්න ගියොත් ඒක ත්‍රෙඩ් එකේ යාවජීව සාමාජිකයන්ට බාධාවක් වෙන නිසා මේ පාරත් මම කස්ටිය්ව කොට් කරන්නෙ නෑ හොඳේ...:yes:)

    උබයි මායි එකම බෝට්ටුවක ඉන්න දෙන්නම් බන්..:D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)


    665 පිටුවෙ මම ඊයෙ පොඩි ඉඩක් ඉල්ල ගත්තා...:P
    එල තව කතා දපන් මට නම් ටයිප් කරන්න නෝ ටයිම් මචන්..උබ කොහෙද වැඩ කරන්නේ...කියන්න පුලුවන් විස්තර ටිකක් දාපන් අපිට දැනගන්න:D
    :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හායි හායි..මොකෝ පහු ගිය දවස් වල වැඩිය පේන්න හිටියේ නැත්තේ:angry:

    :sorry: ගිය සිකුරාද නිවාඩු, එන්න බැරි උනා :baffled: මොකෝ වෙන්නේ ඉතින් ;)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...:baffled:


    No-Internet-Meme-nofpsw.png


    මේ සිදුවීම උනේ මම රස්සාවට ආව මුල්ම කාලේ... ඒ කියන්නෙ පියන්ටත් "සර්" කියල කියවෙන්න යන, සිකුරුටි අන්කල්ට මහත්තයෝ කියල කියවෙන හෙන ගන්දබ්බ සීසන් එක.. :rofl:

    උදේ පාන්දරම අයි.ටී එකේ දොර ගලෝල යන තරම් වේගෙන් ඇරගෙන, චූටි ඇස් කණ්නාඩි දෙකකුත් හීනි දැම්වැලකින් බෙල්ලෙ එල්ලගෙන, කලිසම පපුවට පොඩ්ඩක් පහලට වෙන්න ඇඳපු ටිකක් විතර වයසින් වැඩි තරබාරු කෙනෙක් ඇවිත්

    "කවුද අද අයි.ටී. එකේ ඉන්නෙ" කියල ඇහැව්වා...

    දත් තිස් දෙකෙන් විසි හතරක් විතර ලාවට
    වගේ පේන හිනාවක් දාගෙන මමත් ඇහැව්වා "මොකද්ද අවුල" කියලා.. ආපු අලුතනේ.. :P

    "ආහ් ඔයා.. අලුතෙන්ද ආවේ..? අනේ මල්ලි, මචන්, පුතේ මේහ්... අන්න අර මල ඉලව්වේ ඉන්ටර්නෙට් එන්නෙ නෑනේ.. පොඩ්ඩක් ඇවිත් බලල මොකක් හරි කරල දීපංකො අනේ.."

    ඈහ්.. :eek:

    හෙන ප්‍රෝෆෙසර් ලුක් එකක් තිබුණ මේ මනුස්සයගෙ කතා විලාසෙ නිසා මාව නිකන් කරකවල අත ඇරල ආයි වට තුන හතරක් කැරකෙව්වා වගේ උනා...:baffled:
    මටත් දැන් හෙන ජාතික ප්‍රස්නයක් මේ යකාට මම මොකක් කියල කතා කරන්නද කියල..? සර් කියනවද, අයියෙ කියනවද, මචන් කියනවද, එහෙම නැත්තන් කට පුරෝල අංකල් කියල කුණුහරුප අහගන්නවද කියල හිතන ගමන්, කුළුඳුල් ට්‍රබල් ශූටින් එකට පිටත් උනා මේ කියන වයසක හාදයත් එක්කම එයා වැඩ කරන මැෂින් එකට ලඟට...:confused:

    වර්ඩ් ෆයිල් ගොඩ ගැහුණු ඩෙක්ස්ටොප් එක පුරාම මීයව (Mouse) එක්ක ගිහින් බොහොම අමාරුවෙන් තැඹිලි පාට නරිය ඉන්න අයිකන් එක හොයාගෙන එක ඩබල් ක්ලික් කරාම, හෝයි ගාල යාහූ මේල් එකක් ඕපන් උනා.. අඩේ මේකෙ ඉන්ටර්නෙට් නියමෙට වැඩනේ...:baffled: මම ඉතින් අර අංකල්, මචන්, අයියට කිව්වා,

    "මේකෙ ඉන්ටර්නෙට් එක හොඳට වැඩ කරනවනේ.. අවුලක් පේන්න නෑනේ.." කියලා..:eek:

    "නෑ නෑ.. මෙහෙම නෙමෙයි... මේ වෙන මොකද්ද හත් ඉලව්වක්නේ එන්නේ.. මට ඕනෙ මේක නෙමෙයි..."

    ඈහ්.. ඒ පාර මොන කෙහෙල් ගෙඩියක්ද මේ යකා මේ කියවන්නේ..:shocked: එක්කො මේ මනුස්සයා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන්ද දන්නෙත් නෑ නෙට් යන්නේ... මම ඉතින් කෝකටත් ආයි ඇහැව්වා,
    "මේ බ්‍රවුසරේ නේද සාමන්‍යෙන් පාචිචි කරන්නෙ.." කියලත්... එතකොට කියපි,

    "ඔව් ඔව්.. මේක මෙන්න මෙහෙම දෙපාරක් ඔබල තමයි මම හැමදාම යන්නේ.. ඒත් අද ඉන්ටර්නෙට් එක හරියට එන්නෙ නෑනේ..." කියලා..

    නයි කයිද රෝස් පාන් කිව්වලු... මේ යකා තියෙන එක ආයි නෑ කියනවනේ...:baffled:

    "හරි හරි... ඉන්න මම මේ ටික ඔක්කොම ක්ලෝස් කරන්නම්... මට චුට්ටක් වෙනද යන විදිහ ආයි පෙන්නනවද..?":yes:

    "දැන් මෙහෙමනේ මචන්, මල්ලී.. ඔයාගෙ නම මොකද්ද කිව්වේ.."(මම මූට නම කිව්වෙත් නෑ..:angry:)

    "මෙන්න මේක දෙපාරක් එබුවාම මෙතන මැද්දෙන් එනව ගූගල් කියලා... අද ඉන්ටර්නෙට් එක නැති නිසා මේ යාහූ ද මොකද්ද !@#$%^&*ක් එනවනේ..."

    8u2b.jpg

    අම්මපා යකෝ මේ යකාගේ !@#$%^&*()_+.........:frown:
    වෙලාවට ඒ කාලෙ චාමරල, සුජීල කරලියේ හිටියෙ නැත්තේ.. නැත්තන් චාමරට කියල පොල්ලකින් ගස්සගෙන සුජීට කියලා... එක්කො ඕනෙ නෑ....:growl:

    පස්සෙයි වැඩේ තේරුණේ.. බ්‍රවුසරේ හෝම් පේජ් එකට ගූගල් සෙට් කරල තිබුණ එක වෙනස් වෙලා යාහු සර්ච් ඇන්ජිම සෙට් වෙලා...:sorry:වෙනදා ඕපන් කරපු ගමන් පාට පාටින් විරාජමාණ වෙන ගූගල් දෙයියෝ පේන්න නැති උන ගමන් මගේ සේවාදායකයා හිතල තියෙන්නේ ඉන්ටර්නෙට් එක හුටස් වෙලා කියලා... පස්සේ ඉතින් ආයෙත් හෝම් පේජ් එකට ගූගල් දෙයියොන්ට වඩින්න සලස්සල බ්‍රවුසරේ ක්ලෝස් කරල ආයෙ ඕපන් කරල දුන්නාම,

    "ආහ්.. දැන්නම් ඉන්ටර්නෙට් වැඩ නේද මල්ලි.." කියලත් ඇහැව්ව..
    11.gif


    Funny-Images-For-Facebook-Comments-In-English-6.jpg


    පස්සේ මේ හාදයා සිරියාවට නෙලන පුටින් වගේ හෙන හැපි එකේ ගූගල් එකට ගිහින්, ආයෙත් යාහූ කියල මුල ඉඳල සර්ච් කරල, කලින් තනි ඩබල් ක්ලික් එකෙන්ම ඕපන් උන් Yahoo මේල් එකම ඕපන් කරපු හැටි බලන් ඉඳපු මට ආපහු අපේ ඩිපාට්මන්ට් එකට එන පාරත් අමතක උනා...:baffled:
     
    • Like
    Reactions: Elysium

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...:baffled:




    :lol::lol: හප්පා ආතල් සීන් එක :D ඔය වගේ dial වලට ඔහොම දෙයක් ගොඩ දාල දුන්නම දෙයියන්ට වගේ සලකන්නේ නෙහ් :P:P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...:baffled:
    පස්සේ මේ හාදයා සිරියාවට නෙලන පුටින් වගේ හෙන හැපි එකේ ගූගල් එකට ගිහින්, ආයෙත් යාහූ කියල මුල ඉඳල සර්ච් කරල, කලින් තනි ඩබල් ක්ලික් එකෙන්ම ඕපන් උන් Yahoo මේල් එකම ඕපන් කරපු හැටි බලන් ඉඳපු මට ආපහු අපේ ඩිපාට්මන්ට් එකට එන පාරත් අමතක උනා...:baffled:

    :lol::lol:
    Antheemata tikanam maru :rofl:
     
    • Like
    Reactions: richlife