Elakiri...සිංහල ගී පදවැල්........New Thread..අපේ සංගීත කලාවට සාධා&

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Elakiri...සිංහල ගී පදවැල්........New Thread..අපේ සංගීත කලාවට සාධා&

    ඔක්කොටම එකතු වෙන්න පුලුවන් දෙකට සම්බන්ද වෙලා...අපෙ සින්හල සින්දු රස විදින මෙන් මම ඔයලගෙන් ඉල්ලා සිටිනවා.....



    326530340.jpg


    ඝෝෂාකාරී සංගීතයේ තර්ජනයට හසුව තිබෙන අපේ
    සංගීත කලාවට සාධාරනයක් කරනු ්පිනිස , සිංහල සින්දු රසවිදින අපේ දයාබර හිතවතුන් එකට ඒකරාශී කිරීමේ අරමුනින්
    අද දින මෙසේ ආරම්භ කරනු ලබන අතර..ඔබගෙන් ලැබෙන ප්‍රතිචාරය මත මෙහි අනාගත ගමන් දිසාවන් තීරනය වනු ඈත........




    ගුනදාස කපුගෙ.....

    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ
    අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
    සංසාර ගිරි දුර්ගයේ

    දොඹ මල් කැලෑවේ..

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ

    දොඹ මල් කැලෑවේ..

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරිතලා
    පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා
     
    • Like
    Reactions: cspmaxx

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කසුන් කල්හාර....

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා
    ඇරඹුමම කඳුලක් වෙලා

    දුක්බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා
    අරුත පසිඳින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නියා
    අනන්තය ලඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    අමරසිරි පිරීස්.....

    ළඳුනේ ………. ළඳුනේ ………….

    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

    දෙනෝ දහක් අත ගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන
    වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා.. දනෙ තියෙන ගොඩාක් සිංදු නිකංම්ම විකාර වචන සෙට් එකක විතරයි...

    මෙන්න මගෙනුත්...

    සුනිල් එදිරිසිංහ -

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්.. හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්...
    විමසා නැතිද කිසිදා ඔබත්.. කදුලින් තුරන් වූ.. ප්‍රේමයක්...

    සතුටේ උපත කදුලයි සදා... හද වේදනා දෝතින් දරා..
    පවනේ සිසිල සුසුමයි සිතේ... පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා...

    පිපි මල් මතින් පියමං කලෝ... දිනුවේද කවදා ප්‍රේමයෙන්..
    විඳි වේදනා සතුටින් දරා... පැරදී ගියෝ කවුදෝ එයින්..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හන්තනෙට පයන සද....
    ලස්සනය් ද කියන්න....
    මා නොදකින එ පුර හද...
    ඔබට හෑකිය දකින්න.....

    අදුරු ගලා වසිනා කල...
    සරසවි බිම පෙගෙන්න....
    කුඩෙ යටින් ඔබ යන කල ....
    එපා තනිය රෑදෙන්න....

    ලතා මඩුලු අත වනාවි...
    එපා අහක බලන්න....
    මා ගෑන මතකය ගුලිකර...
    මහවෑලියට දමන්න.....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළු වී සිටියි
    නැගුනු සෙනෙහෙ
    කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි.//

    ලවන් හසකැන්
    නුවණ් කැල්මන්
    හොඳින් හදුනන්නේ ආදරේ
    නුවණ් රැහැනෙන් බැදෙන්නට පිං
    නොමැතිදෝ මා කෙරේ
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔ‍බේ සෙවණේ
    නවාතැන් දේද මා වෙතේ.

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළු වී සිටියි
    නැගුනු සෙනෙහෙ
    කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි

    ඔ‍බේ පෙම් ලොල්
    හදේ නොකැලැල්
    ලැඟුම් සොයමින් නුවණ් අයා
    යොවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    ම සිත සුසුමන් දවා ගියා
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔ‍බේ සෙවණේ
    නවාතැන් දේද මා වෙතේ.

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළු වී සිටියි
    නැගුනු සෙනෙහෙ
    කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි

    :(:(:(:(:(:(:(:(:(:(

    ගායනය,
    දයාරත්න පෙරේරා මහතා.




     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඩබිලිවි.ඩි අමරදේව

    සසර වසන තුරැ නිවන් දකින තුරැ
    පිංකෙත හෙළ රන් දෙරනේ යළි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා

    රත්න මාලි සෑ කිරණයි

    මහ බෝ සෙවනයි
    තිසා වැවයි සිගිරියයි
    මගේ උරැමයයි

    සසර වසන තුරැ නිවන් දකින තුරැ

    පිංකෙත හෙළ රන් දෙරනේ යළි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා
     

    kingdewi

    Well-known member
  • අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා
    තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ
    මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ....
    අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා

    පිරීතිරී යන මහවතුරක් සේ
    ගලා හැලෙන සිහිලැල් ගගුලක් සේ
    ගිමන් නිවාලන මේ බව කතරේ
    නිවන් සඳාලන බුදු ගුණ මහිමේ
    මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ...

    අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා
    තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ
    මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ
    -පණ්ඩිත් අමරදේව
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නන්දා මාලිනි.


    ලොවම එපා වී...
    ලොවම කලකිරී...
    දැවී දැවී හිදිනා වේලේ...
    ඔබේ දයාබර එකම වදනකින්...
    මගේ ආත්මය සුවපත් වේ...
    අසා අසෝබන නින්දා ගැරහුම්...
    වැලහින්නක සේ වැලපෙන මොහොතේ...
    පවනේ පාවෙන ඔබේ සුවදකින්
    පිපාසිත වූ හද සිහිලැල් වේ...
    ලොවම එපා වී......
    ලබා නොමිනිසුන්
    නගනා ගෙරවුම්
    මුවැත්තියක සේ බියපත් මොහොතේ...
    සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
    මුළු ගැන් වුන සිත උණුසුම් වේ....
    ලොවම එපා වී.....

     

    kingdewi

    Well-known member
  • මේ ප්‍රථම වසන්තයයි- Sanath Nandasiri

    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟු රැව් නැගෙනා
    මේ ප්‍රථම වසන්තයයි......

    තරු නැගෙන තුරා නිදිබර අඹරේ
    සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
    ඔබ සුපුන් සඳක් සේ පායා
    පහන් රැයක් වී ආවේ......

    සිත පවස දරා මිරිඟුව අතරේ
    දිය පහස පතා සිටියදි කතරේ
    ඔබ සිහිල් දොලක් සේ පාවී
    වසන්තයක් වී ආවේ

    (ආසම කරන සින්දුවක්...මේක කියන තාලයට ගොඩක්ම ආසයි!)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්...

    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ...
    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ,
    අළුත් ලොවක, ඔබ සතුටින්,
    කිරුළු පැළඳුවා දෝ...

    තනි වෙන්නට...

    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ...
    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ
    සෝ ගීයකි, දුක් බර වූ,
    සැනසුම කොහි වේ දෝ...

    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්..
     

    kingdewi

    Well-known member
  • ආදරයේ උල්පත වු අම්මා- Victor Rathnayaka

    ආදරයේ උල්පත වු අම්මා - මා ඔබගේ පුතු වු
    ඔබ මතු බුදුවන දවසේ - මා රාහුල කුමරුන් සේ
    සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි - සුළැඟිල්ලේ එල්ලී

    සඳ දියකර කිරි වතුරෙන් - ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් - මතකය් මා නැලවුවා
    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී - ඒ ජීවතයට දිවිදී රැකදී
    මා දැඩි කල අම්මා

    ආදරයේ උල්පත..........

    තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා - නිදි ගන්වා යහන් ගැබේ
    සිහිනෙන් ගෑ සුවඳක් වාගේ - සිහිවේ ඒ කිරි සුවඳ ඔබේ
    දවසින් දවසට සෙනෙහස ලබැඳි - ගෙනදුන් දිවියට නව පණ ලැබදී
    මා දැඩි කල අම්මා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    සීත අරණේ සුපුල් නාමල
    සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිමගිර සීත නොදැනේ
    දැනේ උණුසුම ආදරේ

    ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි රැකවරණය ඔබෙන්//
    සදා දෝතින් මලක්සේ ඔබ
    වැලඳ ගන්නෙමි හදවතින්..
    හදවතින්...

    සීත අරණේ...

    වළාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ලඟයි//
    මහා කතරෙක ගෙවූ තනි මග
    නිමා කල ඉම ඔබ නෙතයි..
    ඔබ නෙතයි...
     

    kingdewi

    Well-known member
  • දුකේදී හැඬුමට- T.M Jayarathna

    දුකේදී හැඬුමට - සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා

    සොඳුරියෙ නුඹයි ඒ අම්මා
    අහස මෙන් ලත් චෝදනා - පොළොව මෙන් දුක් උහුලනා
    මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
    සොඳුරියෙ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා

    සිතට සැනසුම් කල්පනා - ගෙනෙන පාදා වාසනා
    තනා ටජ් මහලක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
    සොඳුරියෙ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරඟ
     

    kingdewi

    Well-known member

  • සීත අරණේ සුපුල් නාමල
    සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිමගිර සීත නොදැනේ
    දැනේ උණුසුම ආදරේ

    ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි රැකවරණය ඔබෙන්//
    සදා දෝතින් මලක්සේ ඔබ
    වැලඳ ගන්නෙමි හදවතින්..
    හදවතින්...

    සීත අරණේ...

    වළාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ලඟයි//
    මහා කතරෙක ගෙවූ තනි මග
    නිමා කල ඉම ඔබ නෙතයි..
    ඔබ නෙතයි...

    ලස්සනයි මචන් :love:
     

    kingdewi

    Well-known member
  • සුදු මුදු රළ පෙළ-T.M Jayarathna n Neela Wickramasingha

    සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - පාවඩ පලස එලා
    සිඳුළඳ ගෙන දුන් මුතු කැකුලක් සේ - ඔබ මට තිළිණ වෙලා

    යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ - මුකුළිත සීත සලා
    අරුණල්ලක් සේ...
    අරුණැල්ලක් සේ නුඹ මිණ පායා - සනහස ජනිත කළා

    සැඬ රළ රැල්ලේ සැළෙන කැදැලලේ - රැඳුනෙමි සරණ සොයා

    සෙවනැල්ලක් සේ ....
    සෙවනැල්ලක් සේ නොමහැර ආවෙමි - ඔබ හද සැලෙන තුරා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    somathilaka jayamaha....

    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජිවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

    ආදරයේ උණුසුම ලඟ..

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලෝකය උඩුයටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ලඟ..

    දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
    සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ