COD රස කථා #2
ටික දවසකට පස්සෙ ඕන්න ආයෙත් අද සෙට් උනා COD ගසන්ට. ඉතිං වෙනදා වගේම මැරි මැරි ඉදලා.. ඊට පස්සෙ වෙනදා වගේම ඉක්මනට මැරෙන්න බැරි නිසා මුල්ලකට වෙලා වහං වෙලා හිටියා.. තොපි කෑම්ප් කියන්න එපා හරිය.

ඒක සටන් උපක්රමයක්
පස්සෙ ඉතිං සුපුරුදු පරිදි සිංහලෙං කිව්වා සෝල්ජර් ගෙට් ඉට් ඩන් කියලා. හාට් එක ඩග් ඩග් ඩග් ගාන්ඩ ගත්තා සිංහලු. මයිල් ඉස්මයිල් උනා. ඊයෙ රෑ බලපු ස්නයිපර් චිත්තර පටියෙ කලා වගේ වාත් හොරෙං හොරෙං එලියට ඇවිත් වටපිට බැලුවා.

මෙන්න බොලේ නූබ් හියර් කියලා එකෙක් මං ලගින් යනවා.

පැනපු ගමං මං තිබ්බා උට. වැදුනෙ පුකටද කොහෙද

ඊට පස්සෙ අලයිව් කියලා එකෙක්ට. ඊට පස්සෙ සහෝදරවරුනි ආවා පට්ට මොරාල් එකක්. ආපු මොරාල් එකට පැන්නා බිල්ඩිමෙං බිමට.

පනින ගමං ඈත ඉන්න එකෙක්ට තිබ්බා.
ඌත් මලා. හුටා යූ ඒ වී රීකෝන් ස්ටෑන්ඩිං බයි ලු. කවදා කාපු ටකරං ද

ඔය 3 දෙනෙක් එක පාර මැරුවමද කොහෙද. දැං තොපි හිනා වෙනවා නෙවේ


හරි සන්තෝසයි

සේරමත් හරි. නෙමෙසිස් කියලා බුවෙක් කියාපි මං හැක් ලු.

මං කිව්වා මං හැක් නෑ උඹ වෙන්න ඇති හැක් කියලා. ඊට පස්සෙ ඌ කියනවා අපේ අම්මත් හැක් ලු.

යකො අපේ අම්මා COD ගහනවා තියා කොම්පීතරේ වැඩක් කොර ගන්ඩ වත් දන්නෑ


විහිලු නෙවේ. මේ ඔන්ලයින් ගේම් වලදි උනත් අම්මලා තාත්තලා ගාව ගන්න එපා සහො.
අපි අපේ ගේම සාධාරනව සෙල්ලං කරලා සන්තෝසෙන් අපේ ගමන යමු