මෙන්න DW එකෙන් උඩරට දුම්රිය ගමන ගැන හදපු Documentary එක
rep++8
මෙන්න මචං ලා මන් බලපු තව සුපිරි ඩොකියුමෙන්ටරි එකක්.
නම : The Men Who Built America
නාලිකාව : History Channel
වර්ෂය :2012
කොටස් ගණන: 4 .
කෙටි හැඳින්වීමක් : "මාතෘකාවෙන්ම කියනවා වගෙ ඇමරිකාව ගොඩ නගපු මිනිස්සු ගැන තමා මෙකෙ කියවෙන්නෙ. නිකන් ගොඩ නැඟිමක් නෙමෙ සිවිල් යුද්ධෙන් පස්සෙ ඇමරිකාව තුළ කර්මාන්ත විප්ලවයට ප්රගමනයක් එහෙමත් නැත්තම් තල්ලුවක් ලබාදී ඇමරිකාව අද පත්ව ඇති බලවත් තත්වෙට පැමිණෙන්න පදනම දාපු පුද්ගලයන් 5 දෙනෙක් ගැන තමා චිත්‍රපටයක් ආකාරයෙන් මෙ වාර්තා වැඩ සටහන දිවෙන්නෙ. ඒ 5 දෙනාන් නම් Cornelius Vanderbilt, John D. Rockefeller, Andrew Carnegie, J. P. Morgan සහ Henry Ford
ඒ වගෙම ධනවාදය ක්‍රියාත්මක වන ආකරය. ව්‍යාපාරිකයෙක් ලෙස නැඟිසිටීමෙදි තිබිය යුතු ගුණාංග පිළිබඳවත් මෙ වාර්තා වැඩසටහන හරහා සිය ප්‍රෙක්ෂකයාට දායාද කිරීමට වග බලාගෙන ඇතිබවක් පෙනෙනවා "
වැඩි විස්තර : https://en.wikipedia.org/wiki/The_Men_Who_Built_America
බාගත/ලබාගත/මිලට ගත හැකි මූලාශ්‍රය:
Part 1
Part 2
Part 3
Part 4
කලු පූසා;20753582 said:Menna mekath maru. eka digata balan inna puluwan nikan bawana karanawa wage.
Life in a day kiyala movie ekak awa. ekath me wage. ude pandara indala re wenakan loke eka eka then wala inna minissu life eka gewana heti thiyenne. mara feeling ekak enne. hebei full dedicated wela balanna one relax eke. ethakotai kick eka
මචංලා .ටයිටල් එකෙන් තෙරෙනවා ඇතිනෙ මොකක් ගැනද කියලා. ටී වී සීරියස් ට්‍රෙන්ඩ් එක දැන් බහින කලාවෙ ඉන්නෙ.ෆිල්ම්ස් උනත් අළුතෙන් දෙයක් එන්නෙ කලාතුරකින්. එහෙමයි කියලා නිකන් ඉන්න බැහැ නේ. ඉතිං මන් එකට පිළියමක් ලෙස Documentaries බලන්න පුරුදු උනා. හැබැයි ඉතිං මගෙ Documentaries බැලිමෙ ඉතිහාසය කුඩා කාලෙ දක්වා දිවෙනවා. මතක ඇතිනෙ Discovery Channel එක. මන් ඉස්කොලෙ 1 හරි 2 හරි ඉද්දි තමා ඔය නාලිකාව රූපවාහිනියෙ විකාශය උනෙ. එකෙන් තමා මෙ Documentaries බලන්න පටන් ගත්තෙ. ඒ කලෙ බැලුවට ඉතිං මෙලො දෙයක් තෙරුනෙ නම් නැහැ. පොඩ්ඩක් හරි මතකෙ තියෙන්නෙ බිස්මාර්ක් නැව ගැන කරපු ඩොකියුමෙන්ටරි එක. අහ් තව ඊජිප්තුවෙ පිරමීඩ ,පාරාවො ගැන නම් ඩොකියුමෙන්ටරීස් ගියා. හරි කමක් නැහැ ඉතිං උඹලාටත් මතකෙ තියෙන උඹලාත් ආසා කරන ,උඹලා ආසාවෙන් බලපු ඩොකියුමෙන්ටරිස් එහෙම තියෙනම් එව්වා ගැන විස්තර මෙ ත්‍රෙඩ් එකෙ ෂෙයාර් කරගමු
අනෙක් අයටත් දැනගන්නත් එක්ක.
එහෙනම් පළමුවෙන් මෙන්න මන් මෙ දවස් ටිකෙ බලමින් පවතින ඩොකියුමෙන්ටරි එක.
නම :The Secret of the Seven Sisters,
නාලිකාව : Al Jazeera English.
වර්ෂය :2013
කොටස් ගණන: 4 යි .
කෙටි හැඳින්වීමක් :
"The Secret of the Seven Sisters කියන්නෙ සොහොයුරියන් 7 දෙනාගෙ රහස. කවුද මෙ සොහොයුරියන් ?? මෙ සොහොයුරියන් කියලා හඳුන්වන්නෙ ලොකයෙ ප්‍රභල ඛනිජ තෙල් සමාගම් 7 ක්. ඒ සමාගම් විසින් ලොකය තෙල් මිල පාලනයට, තම සමාගමෙ ලාභ වැඩි කරගැනිමට කළකීදැ නිසා ලොකයෙ ඇතිවුණ දේශපාලනික සාමාජීය විපර්යාසය ගැන තමා මෙ ඩොකියුමෙන්ටරි එකෙ පුරාවටම හෙළිකරන්නෙ ."
වැඩි විස්තර : http://www.aljazeera.com/programmes/specialseries/2013/04/201344105231487582.html
බාගත/ලබාගත/මිලට ගත හැකි මූලාශ්‍රය:
වැඩෙ හොඳයි වගෙනම් සහයොගයක් දෙන්න .එකින් එක මන් බලපු ඩොකියුමෙන්ටරීස් මෙතන පලකරන්නම්.
එහෙනම් මෙතන ඉඳන් වැඩෙ කරගෙන යමු නේ ??
meke torrent ekak hari direct download karaganna thiyenawada ban?