Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    21766436_10210103377922934_1890950348352694924_n.jpg


    book fair giyaa
    great ++ Rep Added 7+
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මගෙ පොත් එකතුව :)


    දැනට කියෝමින් පවතින ටික (Currently Reading)
    screenshot_2017_09_23_T18_54_23_0530.png


    කියවන්න සැලසුම් කරගෙන ඉන්න ටික (To Read)
    screenshot_2017_09_23_T18_54_43_0530.png

    screenshot_2017_09_23_T18_54_53_0530.png

    screenshot_2017_09_23_T18_55_10_0530.png


    කියෝල ඉවරයක් කරපු ටික (Read)
    screenshot_2017_09_23_T19_00_33_0530.png

    screenshot_2017_09_23_T19_00_37_0530.png

    screenshot_2017_09_23_T19_01_02_0530.png

    screenshot_2017_09_23_T19_01_08_0530.png

    screenshot_2017_09_23_T19_01_15_0530.png

    screenshot_2017_09_23_T19_01_19_0530.png

    App eka mokak da kindle ekak da me?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Game of Thrones books wala story eka TV series ekata wada wenas kiyanawa neda? Mamath aragena kiyawanna kiyala hithagena inne.
    ඔව් වෙනස්. සමහර චරිත, සමහර සිද්දි එහෙම සම්පුර්ණයෙන් වෙනස්. සාමාන්‍යයෙන් පොතකින් හදන movie එකක් පොත තරම් රසවත් නෑ. ඒත් මේකෙදි ඒකෙ අනික් පැත්ත. tv show එකේ තියෙන සමහර awesome scenes පොතේ නෑ. අනික කතාව ඉදිරිපත් කිරීම ගත්තත් වෙන ලේඛකයින්ගෙ කතා ඉදිරිපත් කිරීම් වගේ රසවත් නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මන් ඉස්කොලෙ යනකාලෙ පුස්ථකාලෙන් නම් පරිවර්තන කෘතියක් කියෙව්වා. නොහඳුනන ලින්කන් කියලා එබ්‍රහම් ලින්කන්ගෙ ජීවිත කතාව ගැන.

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහාසාමී




    • මහාසාමී


    • කතෘ : සේපාලී මයාදුන්නේ


    • ප්‍රකාශනය : ගොඩගේ ප්‍රකාශන

    පොතක කවරය දෙස බලා ඒ ගැන නිගමනයකට එන්නට එපා යැයි කියමනක් ඇත. එහෙත් මම පොතක් මිලදී ගන්නා විට එහි කවරය ගැන හොඳ අවධානයක් යොමු කරමි. ඒ පොතක කවරය එහි ඇති අන්තර්ගතය පෙන්වන කැඩපතක් වියයුතු යැයි මම විශ්වාස කරන බැවිනි. මේ පොතට ආකර්ශනීය කවරයක් හෝ නමක් නැත. ඒ නයින් බැලුවානම් මම මේ පොත මිල දී නොගන්නට ඉඩ තිබුණි. එසේ කලානම් ප්‍රබන්ධ කතා සඳහා නිතර වස්තු නොවන විෂයයක් පාදක කොටගත් මේ අගනා පොත මට මග හැරෙන්නට ඉඩ තිබුනි.

    පොතෙහි ප්‍රධාන චරිතය වන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ (සෙල්ලම් නිරිඳුගේ) රාජ්‍ය කාලයේ විසූ ඒකනායක සුමංගල බණ්ඩාර නම් ගනින්නාන්සේ කෙනෙකි. ඔහුගේ චරිතයේ විකාශනය තුලින් කතු වරිය සිදුකර ඇත්තේ සම්පූර්ණයෙන් පැවිදිත් නොවන ගිහිත් නොවන ජීවිත ගත කරමින්, ඉහල නිලමක්කාර තනතුරු දරමින්, රාජ්‍ය පාලනයට පවා උර දෙමින් කටයුතු කල ගනින්නාන්සේලාගේ නැගීමත් පිරිහීමත් විග්‍රහ කිරීමය. ඊට සමාන්තරව සෙල්ලම නිරිඳුගේ අදූරදර්ෂී රාජ්‍ය පාලන ක්‍රමයද, ඉන්දියාවෙන් පැමිණි නායක්කර් වරුන් රජකම ලබාගන්නා තරමට බලවත් වීමද, උඩරට සාම්ප්‍රදායික රදල නිලමේ වරුන්ගේ බලය පිරිහීමද, වැලිවිට සරණංකර හිමි ප්‍රමුඛ සිල්වත් සමාගමේ වර්ධනය නිසා ගනින්නාන්සේලාගේ සමාජ තත්වය පහල වැටීමද, මේ පිරිස් අතර සිදුවුන බල අරගලද, කතුවරිය විසින් නිර්මාණාත්මකව ඉදිරිපත් කර ඇත.

    තවද මහාසාමී කෘතිය කියවාගෙන යද්දී මෙය ඇත්තෙන්ම ප්‍රබන්ධයක්ද නැත්නම් ඉතිහාස කතාවක්ද යන ප්‍රශ්න පැන නැගුනේ එහි ඇති කතා විලාශය නිසාය. පැරණි සිංහල බස් වහරක් යොදාගෙන ලියන ලද මේ කෘතිය කියවීම මුලදී තරමක් වෙහෙසකර වූ නමුත් එයට හුරුවූ පසු පසු එය ප්‍රසන්න අත් දැකීමක් විය. පැරණි සිංහල වචන සහ ව්‍යවහාර රාශියක් ඉගෙන ගැනීමට හැකි විය. පාඨකයන්ගේ පහසුව සඳහා ගැටපද පෙල වෙනම ඉදිරිපත් කලානම් වඩා හොඳ යැයි සිතුනි. වර්තමානයේදී “ගණයින්” යනුවෙන් අපහාසාත්මකව සඳහන් කරන ගණින්නාන්සේලාගේ ජීවිත ගැන වැදගත් තොරතුරු රාශියක් දන ගැනීමට ලැබීම පොත කියවීමෙන් මා ලද ඉහලම ආශ්වාදයයි.



    LVkaAkw.jpg

     

    AnuradhaRa

    Well-known member
  • දොන් පීටර් පියතුමාගෙ ඩිංකි පොත කියවල තියෙන්නෙ කවුද..
    ගොඩාක් ඉස්සර මම කියවල තියෙනව මතකයි. හෙන ආසාවෙන් කියෙව්ව..
    මගේ මේ OCD ලෙඩෙන් පස්සෙ එකම අවධානෙන් නවකතා කියවන එක මට ටිකක් අමාරු වුණා.. ඒ දවස්වල මම පොත් ගුල්ලෙක්. ඒ කතා ඇතුලෙ මාත් ජීවත් වුණා..

    මගේ පොතට තියෙන අවධානෙ කැඩෙනව කියල හිතිල එහෙමම වෙනව මාර වැඩක් මේක. ඒක මතක් වුණ ගමං අවධානෙ නැතුව යනව :eek: OCD - ග්‍රස්ථිය. මගේ හිතෙන් මාවම බ්ලොක් කරනව
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දොන් පීටර් පියතුමාගෙ ඩිංකි පොත කියවල තියෙන්නෙ කවුද..
    ගොඩාක් ඉස්සර මම කියවල තියෙනව මතකයි. හෙන ආසාවෙන් කියෙව්ව..
    මගේ මේ OCD ලෙඩෙන් පස්සෙ එකම අවධානෙන් නවකතා කියවන එක මට ටිකක් අමාරු වුණා.. ඒ දවස්වල මම පොත් ගුල්ලෙක්. ඒ කතා ඇතුලෙ මාත් ජීවත් වුණා..

    මගේ පොතට තියෙන අවධානෙ කැඩෙනව කියල හිතිල එහෙමම වෙනව මාර වැඩක් මේක. ඒක මතක් වුණ ගමං අවධානෙ නැතුව යනව :eek: OCD - ග්‍රස්ථිය. මගේ හිතෙන් මාවම බ්ලොක් කරනව


    ඩිංකි කියන බුරු පැටියෙකුගේ ආත්ම කථනයක් විදිහට ලියපු පොතක්.. හරිම ලස්සනයි..
    දොන් පිටර් පියතුමා කියන්නේ අපේ ළමා කතා ශ්‍රේෂ්ත්‍රයට ලොකු සේවාවක් කරපු කෙනෙක්.
    ''වනගත ළමෝ'' එතුමාගේ තවත් ප්‍රසිද්ද ළමා කතාවක් :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මගෙ ගාව තියෙනවා සැහෙනපොත් ගොඩක්....එකතු කරන්න ගත්තෙ මචං පොඩි කාලෙ ඉඳන්...දැන් අවුරැදු 25ක්වගේ ...පොඩි පුස්තකාලය කට පොත් තියෙනවා.... ගෙදර නෙමෙයි මෙිි දවස් වල....ගියා ෆොටෝ කිපයක් දාන්නමිි....
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    පොත් ඇත පොත් ඇත

    :yes:


    කට්ටිය මන් කලින් වතාවකදි ත්‍රෙඩ් එකක් දැම්මා මෙන්න මෙහෙම.
    http://www.elakiri.com/forum/showthread.php?t=1765184
    [/SIZE]
    එම ආකෘතියම රැගත් වෙනස් මාතෘකාවක සංගමයක් තමා මෙ පටන් ගන්න හදන්නෙ.
    උඹලා මෙ වෙනකන් එක්කහු කරගෙන තියෙන පොත් වල ෆොටොස් මෙකෙ දාන්න තියෙන්නෙ.එ වගෙම පොත් ගැන විස්තර අළුතින් ගන්න ඉන්න පොත් ගැන විස්තර වගෙ දෙවල් මෙතන අප්ඩෙට් කිරිමෙන් එකිනෙකාට දැනුවත් වෙන්නත් පුලුවන් එකිනෙකාව දැනුවත් කරන්නත් පුළුවන්.
    ඉතිං පටන් ගමුද වැඩෙ.
    මෙන්න මගෙ පොත් ටික. ඉන්නෙ රටින් පිට නිසා මෙහෙම තමා තියන් ඉන්නෙ.
    මාත් තාම වැඩෙ පටන්ගත්තා විතරයි නෙ.

    21430144_262862664222318_6865655676879945614_n.jpg