::::::Elakiri Sinhala Zone:::::

සින්හල කතා කරමු ?

  • එලකිරි

    Votes: 18 90.0%
  • ශිට්

    Votes: 2 10.0%

  • Total voters
    20

TRockz

Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    ඊයේට වඩා බස් රථ 240ක් ...

    Thursday, 10 July 2008
    bus_CTB.jpg
    ඊයේට වඩා බස් රථ 240ක් අද ධාවනයේ
    - ලංගම සභාපති


    ඊයේට වඩා බස් රථ 240ක් අද (10) ධාවනය වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ටියුඩර් දයාරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    සභාපතිවරයා ප්*රකාශ කළේ අද බස් රථ 4,903ක් ඉතා හොඳින් ධාවනයේ යෙදවෙන අතර ඊයේ බස් රථ 4,663ක් පමණක් ධාවනය වූ බවයි. එසේම සේවකයින් උද්*යෝගයෙන් හා කාර්යක්ෂමව සේවයේ යෙදෙන බව ද ඔහු පැවසීය.

    සමහර ප්*රදේශවල සුළු සුළු බාධාවන් තිබුණත් එයින් බස් රථ ධාවනයට කිසිදු ආකාරයේ බාධාවක් සිදු නොවූ බව ඔහු සඳහන් කළේය. ඊයේ රාත්*රියේ බස් රථ රෝදවල හුලං ඇරීම, ගල් ගැසීම, සේවකයින් කලු තෙල් ගැසීම වැනි සිදුවීම් කිහිපයක් වාර්තා වූ බව පැවසූ ඒ මහතා කෙසේ වුවද වැඩ වර්ජනයක් සිදු නොවන බව ප්*රකාශ කළේය.

    එසේම බස් රථ ධාවනය කඩාකප්පල් කිරීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ ද ඔහු පළා ගොස් තිබේ. කෙසේ වුවද ඔහු සතුව තිබූ ලියකියවිලි හමු වී ඇත. ඒ අනුව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියකට සම්බන්ධ අයෙකු බවට දැනට තොරතුරු ලැබී ඇති බව සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
     

    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    චීන පටස්
    කණ ගාව පුපුරණ එකට වඩා
    වෙන කිසිම කරදරයක් අවුරුද්දට තිබුණේ නෑ
    රචනාච ලියනවාට වඩා
    නෑදැයෝ බලන්න
    රට වටේ යන එක තමා
    ලොකුම වැඩේ
    උතුරට උන්න ආසා උනාට එහේ
    මානුසික වැඩ නිසා බෑ
    දකුණට යන්ට බස් නෑ
    දුර ගමන් අපි යන්නේ බස් වලනේ
    බදුල්ලට කෝච්චි නෑ
    ඒ හින්දා මාර ගහේම ඉඳගන
    රූපවාහිනියෙන් අවුරුදු කෑවා
    රූප වාහිනී වල අවුරුදු
    කොච්චර සරුද?
    නැකරට වෙලාවට
    කිරෙන් තෙලෙන්
    අවුරුදු අවුරුදු
    ඒ හින්දා
    නොකා නොබී
    රූප පෙටිටියෙන්ම අවුරුදු වින්ඳා
    ගුරුතුමීටත් එහෙම ඇති
     

    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    උණුසුම් පුවත් ››

    එල්.ටී.ටී.ඊ යෙන් සිවිල් බස් රථයකට වෙඩි ප්*රහාරයක්-සිව් දෙනෙක් මරුට [යාවත්කාලීන]

    20080711_01.jpg

    බුත්තල - කතරගම මාර්ගයේ ගල්ගේ, 49 කි.මි. කණුව ප්*රදේශයේදී අද (ජූලි 11) උදෑසන 10.15 ට පමණ මොණරාගල - කතරගම දිවෙන සිවිල් මගී බස් රථයක් ඉලක්ක කර ගනිමින් එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් විසින් සුළු අවි ප්*රහාරයක් එල්ල කර ඇත.


    ප්*රහාරයෙන් අවුරුදු 12ක ළමයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට මළ සිරුරු 03ක් කතරගම රෝහලේ තැන්පත් කර ඇති අතර, අ*ෙනක් මළ සිරුර හම්බන්තොට රෝහ*ෙල් තැන්පත් කර ඇත. තුවාල ලැබූවන් 07 දෙනෙකු කතරගම රෝහලේ ප්*රතිකාර ලබන අතර 18 දෙනෙකු වැඩිදුර ප්*රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යැවූ බව කතරගම රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ප්*රහාරයට ලක් වූ බස් රථය මොණරාගල ඩිපෝවට අයත් වන අතර ප්*රහාරයට ලක් වන අවස්ථාවේ බස් රථය මොණරාගල සිට කතරගම දක්වා ගමන් කරමින් තිබී ඇත. මේ වනවිට කතරගම-බුත්තල මාර්ගය වසා ඇති අතර, පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
    20080711_kt5.jpg

    ප්*රහාරයට ලක්වූ බස් රථය
    තුවාල ලැබූවෙකු රෝහ*ෙල් ප්*රතිකාර ලබමින්
    තුවාල ලැබූ කුඩා දරුවෙක්
    20080711_kt4.jpg
    20080711_kt6.jpg
    තුවාල ලැබූ කාන්තාවක් රෝහ*ෙල් ප්*රතිකාර ලබමින්
    තුවාල ලැබූවෙකු රෝහ*ෙල් ප්*රතිකාර ලබමින්
    ප්*රහාරයට ලක්වූ බස් රථයේ ඇතුලත
    සබැඳි පුවත් >>>
     

    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    සේවයට වාර්තා නො කළ සේවකයින්ට එරෙහි ව පියවර
    වැඩ වර්ජනය පැවැත් වූ ඊයේ එයට එක්වෙමින් සේවයට වාර්තා නො කළ සෞඛ්*ය සේවයේ අනියම් සහ ආදේශක කම්කරුවන්ගේ සේවය අහෝසි කිරීමට ද දැනුම්දීමකින් තොර ව සේවයට වාර්තා නො කළ ස්ථීර සේවකයින්ට එරෙහි ව නීත්*යානුකූල ව විනය පියවර ගැනීමට ද සෞඛ්*ය අමාත්*යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
    සෞඛ්*ය අමාත්*යාංශයේ ලේකම්වරයා, රජයේ සෞඛ්*ය ආයතනවල ප*්*රධානීන් වෙත චක*්*රලේඛයක් නිකුත් කරමින් සේවයට වාර්තා නො කළ සියලූ සෞඛ්*ය සේවකයින් දින තුනක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු බව අද (11) දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
     

    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    කතා ඛහ,උණුසුමි පුවත්,විහිලු තහලු,මිතුරු හවුල

    යුද්දේ ඌවට ඇවිත්
    කොළඹ බෝම්බ පිපිරෙන කොට
    අපි පියෑඹුවේ මොණරාගලට.
    ඔන්න දැන් එහේ මිනිස්සු මරනවාලු.
    දැන් කොළඹ මොණරාග*ලට වඩා
    ආරස්සාව තියනවා වගේ.
    කිලිනොච්චියේ ඉඳන් පයින්ම කැළේ ඇවිත්
    මිනිස්සු මරන්ට කොච්චර තරහක් ඕනෙලුද?
    ඒ කියන්නේ ඒ තරම් තරහවක් ඇතිවෙනදේ
    සිද්ධ වෙනවා එහේ,
    දැන් ටීවී එකේ පෙන්නන්නේ යුද්දේ විතරයි
    සුපර් ස්ටාර්ලා නැති හින්දා හරිම දුකයි
    ඔය සුපර් තරඟෙට පෝලිමේ ආපු
    පැරදිලා ගියපු අය
    හමුදාවට බඳවාගෙන දාන්ත තියෙන්නේ
    සිංදු කිය කියා මොණරාගල මුර කරන්න
    පස්සේ ඕනෑනම් බැරියෑ
    තාරකාවක් හදන්න
    හී...