Elakiri sound designing - PART 01

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    Elakiri sound designing - PART 01


    1st_commercial_Moog_synthesizer_(1964,_commissioned_by_the_Alwin_Nikolai_Dance_Theater_of_NY)_@_Stearns_Collection_(Stearns_2035),_University_of_Michigan.jpg



    මියුසික් උන තියෙන අයට වැදගත්වෙන ත්‍රෙඩ් එකක් දාන්න හිතුව :D අපි සංගීත නිර්මානයක් කරන කොට අපිට අවශ්‍යය විවධ ශබ්ද රටා අපි විසින්ම Electronic විදියට හදාගන්න(Synthersize) විදිය ගැන තමයි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.


    මූලික වශයෙන් Sound synthesize කරන අකාර කිහිපයක් තියෙනව. අපි පළවෙනි යෙන්ම කතා කරන්න යන්නෙ subtractive synthesys කියන ක්‍රමය. නමුත් අපිට අවශ්‍යය කරන background knowledge එක මුලින්ම කතා කරමු.


    What do you need?

    Sound design කරන්න අපිට sound synthesizer එකක් අවශ්‍යය කරනව. මේවා Hardware සහ Software ආකාර වලින් මිලදී ගන්න මෙන්ම නොමිලේම (only software) ලාබා ගන්න පුලුවන් කම තියෙනව. නමුත් සිද්දාන්ත නියමාකාරව ඉගෙනීම තුලින් ඕනෑම වර්ගයේ synthersizer එකක් program කරන්න පුලුවන්.


    Basic concepts

    ශබ්ද තරංග (sound waves)
    ශබ්දය නිපදවන්න කලින් ශබ්දය ගැන ඉගෙනිම වටී. ශබ්දයක් හැදෙන්නෙ තරංග ආකාරයෙන් වාතය කම්පනය වීම තුලිනුයි. ශබ්දය, වාතයට අමතරව ජලය සහ වෙනත් මාධ්‍යය හරහා ද ගමන් කරනව. නමුත් අනිවාර්යෙන්ම ශබ්දය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍යයි.


    320px-2006-01-14_Surface_waves.jpg


    දැන් අපි ආයිත් තරංග පැත්තට හැරෙමු. අපි දන්නව වාත අනු දෙපසට කම්පනය වීම තුලින් තමයි මේ තරංග හට ගන්නෙ කියල. දැන් මේ ඇතිවෙන තරංග කාලය සමග අංශු කම්පනය වන දිශාව දැක්වෙන ප්‍රස්තාරයකින් දක්වන්න පුලුවන් පහත විදියට.


    1619_d1dc3a8270a6f9394f88847d7f0050cf.png



    සංඛ්‍යයාතය(Frequency)

    Frequency යනුවෙන් හදුන්වන්නෙ තත්පරයකදී තරංගයක් කම්පනය වන වාර ගනන ලෙස සරලව හැදින්විය හැකියි. මං හිතන්නෙ O/L දැනුම ප්‍රමානවත් මේ කරුනු තේරුම් ගන්න. අපි Frequency එක මනින්න භාවිතා කරන්නෙ Hz කියන ඒකකයයි. පහත රූප සටහන බලන්න.


    Fig4.gif


    වම් පසින් දැක්වෙන තරංගය සාපේක්ශව බේස් වැඩි (Bassy) තරංගයක්. නමුත් දකුනු පසින් දැක්වෙන්නෙ Treble සාපේක්ශව වැඩි තරංගයක්. නමුත් සැබෑ ජීවිතයේ මේ අවස්ථා දෙකේම මිශ්‍ර තරංග තමයි අපිට හමුවෙන්නෙ.

    මූලික තරංග ආකාර (Different waveforms)


    557px-Waveforms.svg.png


    ඉහතින් දක්වා තිබෙනව විවිධ තරංග රටා ආකාර කිහිපයක්. නමුත් ඔබට මීට වඩා සංකීර්න ආකාර මෙන්ම විවිධ සම්මිශ්‍රනද Software synthersizer තුල දැකිය හැකියි. දැන් අපි මේවා අතර ඇති ගුන කිහිපයක් සංසන්දනය කරල බලමු.

    Sine waves

    සයිනාකාර තරංග එහි සුමට බව නිසා අපි මූලිකව යොදා ගන්නෙ ගැඹුරු බේස් නාද(Deep bass), Pad sounds, 808 kicks වැනි ශබ්ද නිපදවීමටයි. නමුත් අපිට අවශ්‍යය කරන ඕනෑම තරංගයක් අනුකරනය කිරීමද මේ මූලික තරංග ආකාරයෙන් කිරීමට පුළුවන් වීම විශේෂත්වයක් (Additive synthesys තුලින්). එවගේම Dubstep හි සාම්ප්‍රදායික Wub නාදය නිපදවීමටද මෙම තරංග යොදා ගන්නව (LFO තුලින්).

    Square waves

    මෙම තරංග රළු ස්වභාවයක් ගන්නා අතර බේස් නාද වල සිට ලීඩ් නාද රටා දක්වා පුළුල් පරාසයක් ආවරණය කරනව.

    Triangle waves

    මෙම තරංග Sine සහ Square තරංග අතර මැදි අවස්ථාවක්. මෙම තරංග ලීඩ් නාද රටා සදහා විශේෂයෙන් යොදා ගන්නව.

    Sawtooth waves

    කෙටියෙන් saw ලෙස හදුනවන මෙම තරංග නූතන Dubstep සහ House music සදහා විශේෂයි. මෙය Triangle සහ Square තරංග වල සංකලනයක්.

    මේ ඉහතින් දක්වල තියෙන මූලික තරංග ආකාර ගැන දැනීමක් ලබා ගැනීම සදහා ප්‍රායෝගික යෙදීම් තුලින් ඉදිරියේදී තේරුම් ගැනීම පහසුවෙයි. මීලගට අපි sound synthesizer වල භාවිතය ගැන කතා කරමු.


    Sound synthesizers


    satyr.jpg


    අපි මෙහිදී synthesizer programming සදහා අත්පොත් තැබීම ආරම්භ කරනව. අපි දන්නව synthesizer යොදා ගෙන ශබ්ද නිපදවීම කරනව කියල. නමුත් අපිට මුලික තරංග ආකාරයක් (Basic waveform) බොහෝවිට අවශ්‍යය කරනව ශබ්දයක් නිර්මානයට. මෙම Basic waveform ලබා ගන්නෙ synthesizer හී Waveform generator කොටසෙන්ය. බොහෝ විට මේ සදහා Ocillator/Operator මගින්ද Wavetable වැනි ක්‍රමද භාවිතා කරයි.

    Waveform generator තුලින් පැමිනෙන ශබ්දය Filters, Amplifiers, Fx units, සහ අවසානයේ බොහෝ විට ADSR Envelope තුලින් ගමන් කර අවසාන නාද රටාව ඇසෙයි. නමුත් මෙම කොටස් පිහිටීම ශබ්ද නිර්මානය සදහා අනුගමනය කරනු ලබන ක්‍රමය මත හා synthesizer මත වෙනස්වේ. මෙම කොටස් ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීම ඉදිරියේදි බලාපොරොත්තු වෙනව.


    Sound designing methodologies

    ප්‍රධාන වශයෙන් ශබ්ද නිර්මාන (Synthesys) කරන ක්‍රම කිහිපයක් තිබෙනව.

    1. Subtractive synthesis
    2. FM synthesis
    3. Additive synthesis
    4. Physical modeling synthesis
    5. Wavetable synthesis


    මීට අමතරව වෙනත් තාක්ශනික ක්‍රම තිබුනත් ඒව එතරම් ප්‍රසිද්ධ ඒව නොවෙයි. නමුත් කලින් සදහන් කල ක්‍රම එකක් හෝ බොහෝ විට කිහිපයක් ඇතුලත් synthesizer සුලබව දක්නට ලැබෙයි. අපි මුලින්ම ඉදිරියට ඉගෙන ගන්න බලාපොරොත්තු වන්නෙ වඩාත් පහසු ක්‍රමයක් වන Subtractive synthesis ක්‍රමයයි.

    ඉදිරි කොටස් සදහා මා භාවිතා කරනු ලබන්නේ FL Studio මෘදුකාංගයේ නොමිලේ එන Wasp XT synth එකයි. FL Studio මෘදුකාංගයේ නොමිලේ Trial version එකක් ලබා ගැනීම සදහා www.image-line.com වෙත පිවිසෙන්න.