. දින 100 යේ වැඩ සටහන එක දිනක් වත් වෙනස් නො කර ක්‍රියාත්මක කරන්න.
2. පොරොන්දු වූ ජනතා සහන 99%ක්වත් ප්‍රමාද නො කර ලබා දෙන්න.
3. ජාතික රජයේ අමාත්‍ය ධුර මහජන විශ්වාසය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පමණක් ලබා දෙන්න.
4. ඥාති සංග්‍රහය සම්පූර්ණයෙන් පිටු දකින්න. රාජ්‍ය පාලනයට සහෝදරයින්ගේ සහාය අවශ්‍ය ම නැත.
5. නාස්තිකාර වියදම් සියල්ල නවතා දමන්න. මහජන නියෝජිතයින්ගේ නාස්තිකාර වියදම් දැඩිව පාලනය කරන්න.
6. චූදිත දූෂිත ගනුදෙනු පිළිබඳ වහා ක්‍රියාත්මක වෙන්න. චූදිතයින්ට එරෙහිව විනිවිද භාවයකින් යුතු ව නීතිය ක්‍රියාත්මක කරන්න.
7. පුද්ගලික මට්ටමේ පලි ගැනීම්වලට ඉඩක් නො දිය යුතු ය.
8. මානව හිමිකම් සුරකින්න. ඔබව පත් කළ ජනතාවට සවන් දෙන්න.
9. ජනමාධ්‍ය ඔබගේ පාවිච්චියට යොදා නො ගන්න. ජනමාධ්‍ය ජනතාවගේ හඬ උදෙසා ය.
10. මාතෘ භූමිය පණ සේ සුරකින්න.