Electric Bus (විදුලි බස්රථය)
කාර් වගේම සුපිරි කාර් පවා ඉන්ධන අතෑරලා විදුලිය යොදාගන්න කාලෙක ඔයාටත් හිතිලා ඇති ඇයි විදුලි බස් රථයක් හදන්න බැරි කියලා? විදුලි බස් රථ නිෂ්පාදකයෙකු වන Proterra සමාගම Catalyst E2 බස්රථය පසුගිය දිනෙක හඳුන්වා දුන්නා. දැවැන්ත කිලෝ වොට් පැය 660ක බැටරියක් මෙහි තිබෙන නිසා ලංකාවෙදි මාතර ඉඳන් යාපනේට යනකල් එක ආරෝපනයකින් යන්න පුලුවන්.
දැනට ඉන්දියාව, චීනය වගේ රටවල් වල නගර බොහෝමයක් වායුව දූෂණය වීමට ප්‍රධානතම හේතුවත් ඉන්ධන වලින් ධාවනය වන වාහන වලින් පිටවන දුමයි. ඉතින් මේ අලුත් විදුලි බස් රථය මේකට හොඳ විසඳුමක් වේවි. නමුත් මෙය ආරෝපනයට ගතවන කාලය සහ ආරෝපනයකින් යන්න පුලුවන් උපරිම දුර මෙයට යම් බාධාවක් වන්නට පුලුවන්. සමාගමට අනුව මේ ගැටලු දෙකම මේ බස් රථයේදි ගොඩක් දුරට විසඳලා තියෙනවා. පරීක්ෂණ ධාවනයේදී මේ බස් රථය කිලෝ මීටර් 966ක් එක් ආරෝපනයකින් ධාවනය කර තිබෙනවා. නමුත් සාමාන්‍ය එදිනෙදා භාවිතයේදී මෙය කිලෝමීටර් 312ත් 563ත් අතර ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. පාරවල් වල තත්වය අනුව මේ ධාවනය වන දුර වෙනස්වනවා.
අඩි 42ක් දිග මේ බස් රථයේ 40 දෙනෙකුට ඉතාම සැප පහසුව ගමන් කරන්නට පුලුවන්. බඳ නිර්මාණය කරලා තිබෙන්නේ කාබන් ෆයිබර් මිශ්‍රිත අමුද්‍රව්‍යයකින් නිසා වාහනයේ බර කිලෝ 18,000කට සීමාකරගැනීමට ඔවුන්ට හැකිවී තිබෙනවා. ලංකාවේදී විදුලි වාහන වලට බදු පිට බදු ගැසුවත්, ඉන්දියාව වගේ රටවල් වල අනෙකුත් වාහනවලටත් වඩා විදුලි වාහන සඳහා ප්‍රමුඛත්වය දෙනවා. ඒ පරිසරය සුරැකීම සඳහා රජය ලබාගෙන තිබෙන පියවර නිසාය. එනිසාම මේ බස් රථයත් ඉන්දියාවේ බොහෝ පාරවල් වල දුවන කාලය වැඩි ඈතක තිබෙන්නට විදියක් නෑ.
පැති පෙනුම
පිටුපස පෙනුම
Source - Muttiya Blog

Last edited: