Electric Bus (විදුලි බස්රථය)

Oct 3, 2008
1,723
437
0
Electric Bus (විදුලි බස්රථය)

කාර් වගේම සුපිරි කාර් පවා ඉන්ධන අතෑරලා විදුලිය යොදාගන්න කාලෙක ඔයාටත් හිතිලා ඇති ඇයි විදුලි බස් රථයක් හදන්න බැරි කියලා? විදුලි බස් රථ නිෂ්පාදකයෙකු වන Proterra සමාගම Catalyst E2 බස්රථය පසුගිය දිනෙක හඳුන්වා දුන්නා. දැවැන්ත කිලෝ වොට් පැය 660ක බැටරියක් මෙහි තිබෙන නිසා ලංකාවෙදි මාතර ඉඳන් යාපනේට යනකල් එක ආරෝපනයකින් යන්න පුලුවන්.

දැනට ඉන්දියාව, චීනය වගේ රටවල් වල නගර බොහෝමයක් වායුව දූෂණය වීමට ප්‍ර‍ධානතම හේතුවත් ඉන්ධන වලින් ධාවනය වන වාහන වලින් පිටවන දුමයි. ඉතින් මේ අලුත් විදුලි බස් රථය මේකට හොඳ විසඳුමක් වේවි. නමුත් මෙය ආරෝපනයට ගතවන කාලය සහ ආරෝපනයකින් යන්න පුලුවන් උපරිම දුර මෙයට යම් බාධාවක් වන්නට පුලුවන්. සමාගමට අනුව මේ ගැටලු දෙකම මේ බස් රථයේදි ගොඩක් දුරට විසඳලා තියෙනවා. පරීක්ෂණ ධාවනයේදී මේ බස් රථය කිලෝ මීටර් 966ක් එක් ආරෝපනයකින් ධාවනය කර තිබෙනවා. නමුත් සාමාන්‍ය එදිනෙදා භාවිතයේදී මෙය කිලෝමීටර් 312ත් 563ත් අතර ප්‍ර‍මාණයක් අරගෙන තිබෙනවා. පාරවල් වල තත්වය අනුව මේ ධාවනය වන දුර වෙනස්වනවා.

electric-bus.jpg


අඩි 42ක් දිග මේ බස් රථයේ 40 දෙනෙකුට ඉතාම සැප පහසුව ගමන් කරන්නට පුලුවන්. බඳ නිර්මාණය කරලා තිබෙන්නේ කාබන් ෆයිබර් මිශ්‍රිත අමුද්‍ර‍ව්‍යයකින් නිසා වාහනයේ බර කිලෝ 18,000කට සීමාකරගැනීමට ඔවුන්ට හැකිවී තිබෙනවා. ලංකාවේදී විදුලි වාහන වලට බදු පිට බදු ගැසුවත්, ඉන්දියාව වගේ රටවල් වල අනෙකුත් වාහනවලටත් වඩා විදුලි වාහන සඳහා ප්‍ර‍මුඛත්වය දෙනවා. ඒ පරිසරය සුරැකීම සඳහා රජය ලබාගෙන තිබෙන පියවර නිසාය. එනිසාම මේ බස් රථයත් ඉන්දියාවේ බොහෝ පාරවල් වල දුවන කාලය වැඩි ඈතක තිබෙන්නට විදියක් නෑ.

proterra-catalyst-e2_827x510_51473933157.jpg
පැති පෙනුම


proterra-catalyst-e2_827x510_41473933182.jpg
පිටුපස පෙනුම

Source - Muttiya Blog
 
Last edited:
  • Like
Reactions: osandaja

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉන්දියාවෙත් ඉලෙක්ට්‍රික් ඒවට තැන දෙන එකේ අඩුම ගානේ අපේ රටෙත් මේ වගේ ඒවටවත් බදු සහන දෙනවනම්..:yes:
    අපේ රටේ දේශපාලුවෝ දන්නේ තියෙන ගස් ටිකත් කපලා තව තවත් හුචක්කුම ගෙන්නන්න විතරයි..:angry:

     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඉන්දියාවෙත් ඉලෙක්ට්‍රික් ඒවට තැන දෙන එකේ අඩුම ගානේ අපේ රටෙත් මේ වගේ ඒවටවත් බදු සහන දෙනවනම්..:yes:
    අපේ රටේ දේශපාලුවෝ දන්නේ තියෙන ගස් ටිකත් කපලා තව තවත් හුචක්කුම ගෙන්නන්න විතරයි..:angry:


    :(:(:( sirawata bn
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    dan bus gamunu pons nahayen adagana manawa himikam diwwe dus walata adayam badu gahanna yanawa kiyala lol.

    hama bus ekatama supiri income tax ekak gahala me electric bus walata income tax 0% kalanam balan iddi sustainable wei bus industry eka :yes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉන්දියාවෙත් ඉලෙක්ට්‍රික් ඒවට තැන දෙන එකේ අඩුම ගානේ අපේ රටෙත් මේ වගේ ඒවටවත් බදු සහන දෙනවනම්..:yes:
    අපේ රටේ දේශපාලුවෝ දන්නේ තියෙන ගස් ටිකත් කපලා තව තවත් හුචක්කුම ගෙන්නන්න විතරයි..:angry:


    පොඩ්ඩක් ඉවසලා හිටපං ඉන්දියාවෙන් ඉලෙක්ට්‍රික් වාහන හදනකම්. .එතකොට අපිට ගන්න පුලුවන් වෙයි :rolleyes::D:P
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Good Post

    Good post. But, I do not agree with the 18,000 Kg weight of the bus. I know batteries weigh a lot, but 18 tons is bit too heavy.