Electricity bill aththada

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං ඇත්තද බන් විදුලි බිලත් 50% කින් අප්‍රේල් වල ඉදන් වැඩි වෙනවා කියන්නේ..මොකද බන් මේ වෙන්නේ...පිස්සුද මුන්ට...අඩුම ගානේ 5% වගේනම් කමකුත් නැ බන්.....වසල හමාරයි දැන් නම් ලංකාවේ .:no::no::no::no::no::no:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(:(
    ඔව් බන් ඔය කතාව ඇත්ත ,,,,
    CEB එක පෙට්ට්‍රොලියම් එකට මිලියන ගානක් ණයයි.
    ඔහොම වැඩිකරලවත් ඒ ණය ගෙවන්න ලැබෙන්නේ නැහැ ..........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    electricity-chart.jpg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    ලංකාවේ nuclear power plant ගැහුවා නම් ඉවරයි. මුලික වියදම විතරයි. ලයිට් බිල ගොඩක් අඩුවෙයි... අනික එකක් මුළු ලංකාවටම ඇති. අපේ මෝඩ ගොබ්බයෝ කරන්නේ... ගල්අගුරු බලාගාර ගහනවා රට හැමතැනම. අවුරුද්දකට ගල් අගුරුවලට විතරක් මිලියන ගණන් වියඳම්කරනවා චීනෙටයි,ඉන්දියාවටයි.... තුක් නොදකින් මේව්වා බලන්න අපිත් මෙහෙ ඉපදුනානේ.......:frown::frown::frown::frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔවු අද පත්තර වලත් තිබුණා මං දැක්කා..:yes:

    ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලැබී ඇති අතර, ගාස්තු වැඩිවීම ලබන අප්‍රේල් විදුලි බිලෙහි සිට ක්‍රියාත්මක වනු ඇතැයිද එම කොමිසම පවසයි.

    විදුලි ගාස්තු ඉහළ දැමීමේ චෝදනාව හෙට මහජන අදහස් සඳහා විවෘත කෙරෙන අතර, සියයට පනහකට වැඩි ගාස්තු වැඩිවීමක් මෙම යෝජනාව හරහා ලංකා විදුලි බල ම ණ්ඩලය ඉල්ලා තිබෙන බව ද වාර්ථා වේ.

    විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීමෙන් පසු ප්‍රතිපත්ති තීරණය ද සලකා බලා විදුලි ගාස්තුව වැඩිවන ප්‍රතිශතය තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම වසරට ලංවීම සඳහා අනුමත ඇස්තමේන්තු වියදම රුපියල් බිලියන 228ක් වන අතර, දැනට පවතින විදුලි ගාස්තුව අනුව ලංවීමට ලැබිය හැකි වාර්ෂික ආදායම රුපියල් බිලියන 171ක් පමණ වේ. එම නිසා හිඟය වන රුපියල් බිලියන 57ක ප්‍රමාණය පියවා ගැනීමට රජය සහනාධාරයක් නොදෙන්නේ නම් විදුලිබල මණ්ඩලයට වන මූල්‍යමය පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවේ.

    අද ලක්බිම