Electron වලින් අපි හිතනවට වඩා වැඩක් ගන්න පුලුවන්, ඔය ඉස්සර මොබයිල් ඇප් එහෙම හැදුවා ඔය විදියටම integrated web view එකක් උඩ දුවන, ඒව නං performance case නිසා ලොකුවට නැගලා ගියේ නැහැ
නමුත් electron ඊට වඩා සෑහෙන්න හොඳයි, PC වල රිසෝස් එහෙමත් සෑහෙන්න තියනවානේ, ඒක නිසා හරියට කරොත් එහෙම electron වලින් කරාද කියල හොයාගන්න බැරි වෙන්න කරන්න පුලුවන්
VS Code එක Electron තමයි, ශුවර් නෑහැ කියලා හිතනවා නං සෝස් එක බලන්න, VS Code එක Open Source නේ,
https://github.com/microsoft/vscode/tree/master/src/vs/platform/electron
දැං ගොඩක් පොඩි ඩෙස්ක්ටොප් ඇප් electron වලින් කරනවා, cross platform ඇප් එකක් හැදෙන එක ලොකු ඇඩ්වානේටේජ් එකක්. දැන් පොඩි ඇප් විතරක් නෙමයි ග්රැෆික් ඩිසයින් ටූල් (Invision), ගේම් එන්ජින්(cocos creator) එහෙමත් electron වලින් කරලා තියනවා. ඒක නිසා performance ගැන බය වෙන්න දෙයක් නැහැ
performance ගැන ලොකුවටම හිතනවා නම් QT Framework එකෙන් කරන්න පුලුවන්, QT Creator IDE එකත් තියනවා Free.
Commercial App කරනවා නම් උන්ගෙ terms තියනවා ඒව පොඩ්ඩක් බලන්න ඕන. C++ වලින් කරන්න තියෙනනෙ, දැන් C++ උනත් මොඩන් ෆීචර්ස් තියනවා QT Creator එක්ක Rapid develop කරන්න පුලුවන්, මට ඔෆිස් එකේ ස්ක්රීන් දාල තියන Stick PC එකේ ඩිස්ප්ලේ කරන දේවල් ටික මැනේජ් කරන්න ඕන වෙලා, QT වලින් ඇප් එකක් හදාගත්තා, සතියෙන් වගේ හදලා ඉවරකරගත්තා, තාම කිසි අවුලක් වෙලා නැහැ අවුරුද්දක් විතර දුවනවා.