කාර් එකේද යන්නෙ? පොඩි එකත් එක්ක යනව නම්, යන්නපුලුවන් තැන්,
1. දෝව පංසල - බදුල්ල-කොළඹ පාර අයිනෙමයි තියෙන්නෙ.
2. රාවනා ඇල්ල (බඹරගම ඇල්ල)
3. රාවනා රජමහා විහාරය සහ රාවනා ගුහාව - ගුහාව ඇතුලට නම් යන්න බෑ පොඩි එකත් එක්ක. පිටින් බලන්න පුලුවන්. පංසලෙත් ඉතින් ලොකු දෙයන් නෑ. ඓතිහාසික වටිනකම තමයි.
4. හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව
5. දෙමෝදර ආරුක්කු 9යේ පාලම - කි. මී 3ක විතර දුරක් ගමේ ත්‍රීවිල් එකක් කතාකරගෙන යන්න. කාර් එකට යන්න බෑ, යට වදිනව.
6. දෙමෝදර දුම්රියපල
7. බෝගොඩ රජමහා විහාරය - හාලි ඇලෙන් හැරිල කි.මී. 11ක් විතර යන්න ඕනෙ. කාර් එකකට යන්න පුලුවන්. හැබැයි පාරෙ අන්තිම හරිය ටිකක් අබලන්.
8. බදුල්ලටම යනව නම්, මුතියංගනයයි, දුන්හිඳ ඇල්ලයි බලන්න.
9. හපුතලේ හරහා යනව නම්, ඇඩිශම් බංගලාව.
10. කොළඹ - බදුල්ල පාරෙ බෙරගලින් හැරිල කි.මී 23ක් ගිහින් දියලුම ඇල්ලත් බලන්න පුලුවන්.
11. කොළඹ - බදුල්ල පාරෙ කලුපහන හන්දියෙන් හැරිල කි.මී. 5ක් විතර ගිහින් බඹරකන්ද ඇල්ල බලන්නත් පුලුවන්.
මම උඩ කියපු හැමතැනටම ගියා ගොඩක් පොඩි උන් අරගෙන. පොඩිම එකාට අවුරුද්දක්වත් නෑ. හැබැයි එක ට්‍රිප් එකෙන් නෙවි. ට්‍රිප් දෙකකින්. පොඩි එකත් එක්ක එක ට්‍රිප් එකෙන් ඔය ඔක්කොම බලන්න යන්න එපා. . ගමන් මහන්සිය වැඩී.