Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    පක්ෂීන් හමුවේ මිනිසා පරාජය වූ සටන - EMU WAR

    මිනිසා හා සත්ත්වයන් අතර ඇතිවූ සටනකදි මිනිසා පරාජයට පත්වූ
    විරල අවස්ථාවක් පිලිබද ඔබ දන්නවාද? :no::no::no:

    මේ අරුම යුද්ධය ගැන කතා කරන්නට අපි පශ්චාත් පලමු ලෝක යුද්ධය සමය ගතකරන ඔස්ට්‍රේලියාව වෙත යමු. පලමු ලෝක යුද්ධයෙන් පසු නැවත ගම්බිම් කරා පැමිණෙන හිටපු සෙබළුන් ඇතුළු පිරිස් වෙත රැකියා ලබාදීමේ නිසි වැඩපිලිවෙලක් ඔස්ට්‍රේලියානු රජය සතුවූයේ නැත. ඒ අනුව රජය විසින් අවස්ථානූකුලව ගතහැකි පහසු පියවරක් ලෙස වගාබිම් ලබා දී සහනාධාර දීමේ පොරොන්දුව මත තිරිගු වගාව වෙත යොමුකරනු ලැබුවා. කර්කශ දේශගුණයක වගා කිරිම පහසු කාර්යයක් නොවේ.

    1920 දශකයේ අගභාගය වන විට ලෝකය වෙළාගත් මහා ආර්ථික අර්බුදය ඔස්ට්‍රේලියාවට ද දැනෙන්නට වූ අතර තිරිගු වෙළදපොල සිඝ්‍ර ලෙස කඩාවැටුනා. මේ අතර බටහිර ඔස්ට්‍රේලියාවේ ගොවියන්ට එදිරිව තවත් සතුරෙකු පැනනැග්ගා.

    සතුරා නමින් ඉමූ (emu) පක්ෂියායි. පියැබීය නොහැකි ඔස්ට්‍රේලියාවට ආවේණික විශාල පක්ෂීයකු වන ඉමූ බටහිර ගොවිබිම් ආක්‍රමණය කරමින් ඵලදාව වනසන්නට විය. විවිධ උපක්‍රම යෙදුවද පලවාහැරිය නොහැකි වූ තැන ගොවින් විසින් එවක ආරක්ෂක ඇමැති ශ්‍රීමත් ජෝර්ජ් පියර්ස් මහතාගෙන් සහය ඉල්ලා සිටියා.

    ඒ අනුව මේජර් ජි.පී.ඩබ්.මැරිඩිත් ගේ විධානයෙන් මැක්මුරේ හා හැලොරන් යන සෙබළුන් මැෂින් තුවක්කු හා උණ්ඩ දහදහසක් සමග පක්ෂින් මර්ධනය කිරිමේ අටියෙන් බටහිරට පැමිණියා. 1932 නොවැම්බරයේ බටහිර ඔස්ට්‍රේලියාවේ කැම්පියන් දිස්ත්‍රිකයෙන් ඉමූ ට එදිරිව Great Emu War ඇරබූවා.

    පක්ෂින් මර්ධනය සිතා සිටි තරම්ම පහසු වූයේ නැත. ඉමූවන් වේගයෙන් පැන දිවීම , සැගවීම හා දුර නිසාවෙන් පලමු උත්සහය අසාර්ථක විය. දින දෙකකට පසුව දහසකට ආසන්න එමූ රැලකට එදිරිව වෙඩි තැබූ නමුදු ඝාතනයට ලක්වූයේ ඉතා සුලු පිරිසකි. සිතු තරම් ඉමූ පක්ෂින් මෝඩ නොවන බව සෙබළුන්ට වැටහිණි. පක්ෂි රැලට නායකයෙක් සිටි අතර අනතුරක සේයාව දැනුණු වහාම අනෙකාට සංඥා කරන අතර සියලුම පක්ෂින් ඉවත්වන තුරු නායකයා රැදී සිටියි.

    මුල් උත්සහයන් අසාර්ථක වූ තැන ට්‍රක් රථයක සවිකල මැෂින් තුවක්කුවක් ආධාරයෙන් එමු දඩයමට සෙබළුන් අවතීර්ණ විය. නමුදු මෙම උත්සහයද අසාර්ථක වූයේ වල ගොඩැලි නිසා රථය ගැස්සිමෙන් ඉලක්කය ගැනිමට අපහසුවිමත් පක්ෂීන්ගේ වේගයත් නිසාය. එමෙන්ම පැන දුවන ඉමූවෙක් රථයේ සුක්කානමේ ද සිරවූ බව සදහන් වේ. අවසන යුධ රථයද අතැර දැමිණි.

    මෙම අසාර්ථක මෙහෙයුම පිලිබදව ජනමාධ්‍ය මගින් උපහාසාත්වක දිගින් දිගටම කරුණු වාර්ථාකල අතර ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුලද වාදයක් ඇතිවිය. එල්ලවූ බලපෑම් හමුවේ ඇමති පියර්ස්ගේ නියමයෙන් මෙහෙයුම නවතා දැමීය. ඉමූ පක්ෂීන්ට සටන් භූමියේ ජය අත්විය.

    මෙහෙයුම් නැවැත්විමෙන් පසුවද පක්ෂින් වගාබිම් විනාශ කරන්නට වු අතර නැවතත් හමුදා මැදිහත්විමක් සිදුකෙරින. එහිදී පෙරට වඩා වැඩි පක්ෂින් ප්‍රමාණයක් ඝාතනයට ලක්විය. පසුව එමු ගැටලුවට විකල්ප රැසක් රජය මගින් හදුන්වාදුනි.

    මෙහෙයුමට එක්වූ මේජර් මෙරිඩිත් වරක් මෙසේ ප්‍රකාශ කර ඇත.

    ‘‘මේ පක්ෂීන් සතු හැකියාව අප හමුදාවක් සතුව තිබුණානම්, ලොව වෙනත් ඕනැම හමුදාවකට මුහුණදිමට අපට හැකිවේවි!‘‘

    අද වන විට එමු ඔස්ට්‍රේලියාවේ ජාතික පක්ෂියා මෙන්ම සංරක්ෂිත සත්ත්වයකි.


    - Roshin Fernando

    බ්ලොග් ලිපිය මෙතැනන්