පොඩි අවුලක් තියෙනවා තමයි. අපේ ගෙවල් පැත්තේ පොරක් වැඩ කලා එක කම්පැණි එකක. කම්පැණි එක කරන්නේ කොම්පුටර් හාර්ඩ් වෙයාර් වැඩ. මූ එතනට ගියේ කොම්පුටර් සහ වැඩ කරන ස්ටාෆ් එක අදාල තැන් වලට ගෙනියන්න. ඔහොම යන එන ගමන් කට්ටියට සෙට්වෙලා වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න එහෙමත් ටිකක් දැනගත්තා.
ඔන්න කාලය ගියා. මට දැන් මගුලක් හොයනවා. මම ගියා මගුල් බෝකර් කෙනෙක් ලගට. මගේ තනියට මම මූවයි තව මුගේ වැඩකරන තැන හාර්ඩ්වෙයාර කරන එකෙක්වයි අරං ගියා. ඌත් මගේ යාළුවෙක්.
ඔන්න දැන් අපි අදාල ස්ථානයට ගිහින් ඉන්නවා. එතන කරන්නේ ගෑණියෙක්. අපි යනකොට කොල්ලෙක්ට කෙල්ලෙක්ව හදුන්වලා දීලා අර කපුවා. දැන් උන් දෙන්නා එතන ඉදන් උන්ගේ තොරතුරැ කතා කරනවා. ටික වෙලාවක් යද්දි කොල්ලා කිව්වා මට ඉංජිනියර්ලවනම් පෙන්නන්න බෑ කියලා. එතකොට අර ගෑණි කියනවා මගේ ඩයිවර් යාලුවව පෙන්නලා එහෙම කියන්න එපා ඔය පිටිපස්සේ ඉන්නෙත් කොම්පියුටර් ඉංජිනියර් කෙනෙක් කියලා. ඌට දැන් හෙන අවුල් උගේ ඔෆිස් එකේ අනිකා හිටපු නිසා. ඌ එනගමන් අර ගෑණිට බොරැවට බනිනව් බලපන් බන් අර ගෑණි කියන බොරැ මම ඉංජිනියර් කෙනෙක් කියලා කියලා.
හැබැයි ඌ මං ඉස්සරහත් අනිත් අයට කියන්නේ ඉංජිනියර් කියලා. පස්සේ ඌ නෝන්ඩි උනා.
කොම්පියුටරේට වින්ඩෝස් දාන එකත් දැන් කියන්නේ කොම්පුටුර් ඉංජිනියර් කියලා මචං. ඒකෙන් ෆීල්ඩ් එකේ ගරැත්වය බහින කතාවනම් ඇත්ත.
තව එකක්, අපේ ගෙවල් පැත්තේ තව ඉන්නවා කෙල්ලෙක්. සුදුයි ටිකක් ලස්සනයි. මේකි ආයුරැවේද ඩිග්‍රය කලා. තවම පත්වීමක් නෑ. නමුත් අහන හැමෝටම කියන්නේ තමන් ඩොක්ටර් කියලයි. කොහොමද බං පත්වීමක් දෙන්නෙත් නැතුව ඩොක්ටර් වෙන්නේ. අනික ආයුර්වේද කියන එක හංගලා බටහිර ඩොක්ටර් කියන අර්ථයෙන් තමයි මේකි මේක කියන්නේ.
මිනිස්සුන්ගේ ලොකුකකම බං. සරල නැති කම.
මම කරන්නේ මචං ඩිසයින්ග් වැඩ. යූසර් ඉන්ටර්ෆේස් හදනවා ඩිවලොප් කරනවා. මටත් ඕනනම් කියන්න පුල්වන් කොම්පුටර් සොෆ්ට්වෙයාර් ඉංජිනයර් හෝ ඉන්ටර්ෆේස් ඉංජිනියර් හෝ ප්‍රන්ට් එනඩ් ඉංජිනියර් කියලා. නමුත් ගෙවල් පැත්තේ එකෙක් ඇහුවොත් මම කියන්නේ කොම්පියුටර් වැඩ කරනවා කියලා.
නිකන් මොකටදට බං අපි බොරැ කියලා අමාරැවෙන් මොරටුව පේරාදෙණිය ගිහින් කොලිෆයිඩ් වෙච්ච උන්ගේ තත්ත්වේ බාල්දු කරන්නේ.