Thmnge rate sanskruthiya rakaganna lankawe wesiyo danganna one,anik unwa anukaranya karanna yanne Uba awul ganna EPA demaupiyo ahema thma,Uba waradak karala nahne bn.


තෝ ඕවට යන්නේ තෝ වෙන මොනවා කරනවා ඇතිද කියලා ඇහුවා අපේ ඇස් වහලා..


ape gedarath innawa oyawage naki bath kana harakek.
thu nodakin


සත්‍ය නොදැන පරම්පරා දෙකක ගැටීමක් ... අපේ කොල්ලොමයි මේ සින් එකට ප්‍රසිද්ධිය දුන්නේ ..දැන් උන්ම විදවනවා ..!!
..උබ සිරාවටම අම්මලාගේ ඇස වහලා තව මොනවා කරලා ඇතිද ඔය කිව්වට..නේද ..?..![]()





හ්ම්ම්ම්... තාම පපුව ගැහෙනවා බන්... මොනව ලියන්නද මන්දා... රෑ 8 නිව්ස් එකට මෛත්‍රි කියපු සීන් එක ඇහිලා මම ගියේ ඒ කොන්සට් එකට කියලා දැනගෙන කාමරේට ඇවිත් බැන්නා බන් මට පළු යන්න.... තෝ අවලමේ ගියාද අවලම් කම් බලන්න කියලා ඇහුවා... මම ගියේ සිංදු අහන්න මචන්.. අනික මට ෆ්‍රී ටිකට් එකක් ලැබුනේ.... මගේ කකුල් දෙකත් පණ නෑ බන් බැනපු බැනිල්ලට...
තෝ ඕවට යන්නේ තෝ වෙන මොනවා කරනවා ඇතිද කියලා ඇහුවා අපේ ඇස් වහලා... මම මොනව කරන්නද මචන්ලා... මගේ ඔළුව මාර අප්සෙට්...
මම පොඩි කාලේ ඉඳන් එන්‍රික්ට ආසයි... ඒ නිසයි මම බලන්න ගියේ... සිංදු අහන්න ඕන නිසා...
ඉස්සර ඉඳන් තාත්තා මා එක්ක වලි මචන්... මං හැමදාම කට වහන් හිටියා.. අදත් එහෙම හිටියා... මට දුකයි බන් තාත්තා ඇයි මට මෙහෙම පොඩි කාලේ ඉඳන් බයින්නේ කියලා...
mona unath me made DAD machan... ape dad amuthu dial ekak machan.. kisi hewillak balillak na bainawa ban mta.. podi kaale banala thiyenawa ambaneta.... eya game haduna kenek.... man giye ganu bra galoonawa balanna nemei.. meka eyalata therenn na


කවුද ඒ? බැන්නත් ගැහුවත් තාත්තා තාත්තා මනේ බන්.. ම්ට දුක මෙහෙම බයිනවට බන්... ම්ං කථා කරද්දි තාත්තගේ මූණවත් බලන්නේ නෑ... ඒ බයට බ්න් පොඩි කාලේ ඉඳන් තියෙන...

anna machan kathawaubath marry karala thatha kenek una data therei e baninne tharahata nemei kiyala![]()
ඕක පරම්පරා දෙකක් නිසා එහෙම හිතලා බනිනවා කියන අමාරුයි
තාමත් අපෙ අම්මලා තාත්තලා බනිනවා
අපෙ අයියට එහෙම පලු යන්න තාම බනිනවා
ඒ ඇවිල්ලා අපට තියෙන ආදරේ නිසා මචං උඹට ඕක කිව්වට තේරෙන්නෙ නැහැ
ඕක ඇත්තටම වෙනස් වෙන්නෙ මචං තාත්තා හරි අම්ම හරි අපෙ හොඳට තරවටු කරන විධිය අනුව ගහල කියන්නත් පුළුවන් බැනල කියන්නත් පුළුවන් නිහඬව ඉන්නත් පුළුවන් නැත්නම් හොදින් ඔවදන් දෙන්නත් පුළුවන් ඒක එක එක පුද්ගලයා අනුව වෙනස් වෙනවා
ඕක මචං උඹට හරියටම තේරෙන්නේ උඹ තාත්ත කෙනෙක් උන දවසට මචං
සමහරු හිතන් ඉන්නෙ බන් ඉරිසියාවට එහෙම කරනවා අරකයි මේකයි කියලා
සමහර අම්මල තාත්තල නම් එහෙම කරනවා හැබැයි බහුතරයක් එහෙම නැහැ
තමන්ගෙ දරුවන්ට තියෙන දරු සෙනෙහස වෙනුවෙන් තමයි ගොඩක් දේවල් කරන්නෙ
මම දාන්නම තැනක ඔය සිදුවීම හොඳටම තියෙනවා
තාත්තා ගොඩාක් සැරයි පවුලෙ දුවයි පුතයි
කොල්ලට කෙසේ වෙතත් කෙල්ලට කිසිම නිදහසක් නැහැ
අඩුගානේ යාළුවො වත් වැඩිය ඇසුරු කරන්න නැහැ
පංති උනත් ගෙදරම තමයි කරේ
හැම වාර අවසානේකම තාත්තා ඉස්කෝලෙට ගිහින් රිපෝට් කාර්ඩ් එක ගන්නවා බලනවා
මොන විෂයකට හරි ලකුණු 70 අඩු උනා කියන්නෙ ගෙදර ගිහින් ඉවරයි
අඩන එක තමයි කරන්නෙ
ගෙදර ඇතුළුවෙන කොටම තියෙන්නෙ වේවැල එල්ලලා
සමහර දවස් වලට ප්ලාස්ටර් ගහගෙන අතේ එහෙම එන්නෙ
ඇහුවත් කියන්නෙ නැහැ හැබැයි ඉතින් තාත්තා ගහලා කියලා පස්සෙ කියනවා ඕලෙවල් එලේවල් ඉවර වෙලා සිමා එකක ලකුණු වගයක් අඩුවෙලා කකුලටයි පිටටයි වේවැලෙන් ගහල තිබ්බා
කෙල්ල මරුනෙ නැති එක විතරයි
එකම කොල්ලටත් එහෙමයි යාළුවො ඉස්සරහම කනේ පාරවල් දෙනවා තාත්තා
පන්තිය ලඟට එකපාර එනවා ගාණට සල්ලි දෙන්නෙ
කැම්පස් ගියාමත් එහෙමයි පුදුම හෙවිල්ලක්
ඌ එක පාරක් හොරෙන් බිලා අපි එක්ක කියනවා
අඩ අඩ අඩෝ මට නංගිව මරන්න හිතෙනවා බන් අපෙ තාත්තා දෙන වැඩ දැකලා
එතකොටවත් එකී නිදහසේ ඉඳිලු
උඹ හිතපන් කොල්ලෙක්ට එහෙම හිතෙන්න තමන්ගෙ පියා ගැන මොන තරම් තරහක් එනවද කියලා
හැබැයි දැන් දෙන්නම හොඳ තැනක ඉන්නවා කෙල්ල යන්න හොඳටම ඉගෙන ගෙන මැනේජ්මන්ට් කෙනෙක් විදියට හොඳ ජොබ් එකක් කරනවා
ඉස්සර මරන්න තරම් කේන්තියෙන් ඉඳපු ඒ කෙල්ල අද කියනවා අපෙ තාත්තා ඉස්සර අරෙහෙම කරේ ඇයි කියලා දැන් තේරෙනවලු
එයාගේ එකම වයසේ යාළුවො සමහරුන්ට වෙලා තියෙන දේවල් දැක්කම
අපි ඕක දකින විදිය බන් වැරදි නැතුව අපි එක්ක තියෙන තරහට ඔහොම කරනවා නෙවෙයි ගොඩාක්ම අම්මලා තාත්තලා

මල්ලි ඔයාගේ තාත්තගේ මෝඩ කමවත්, ගමේ කමවත්, පරම්පරා දෙකක ගැටුවමක්වත් නෙවේ..ඕක දරු සෙනෙහස තියන අත්දැකීම් බහුල වැඩිහිටි තාත්ත කෙනෙක්ගේ හිතට තමන්ගේ දරුවා වැරදි පාරක යයි කියන බයට එයාගේ අදහස ප්‍රකාශ කරපු විදිය..එකම දේ ඒක කෝපය වශයෙන් පිට නොකර සාකච්චාවක් විදියට ගොඩ නැගුවා නම් තාත්තගේ හිතේ අදහස් පැහැදිලිව ඔයාට වැටහෙන්න තිබුනා..ඔයාගේ වයසේ ඉන්න කාටවත්ම තාත්තගේ ප්‍රකාශය දිහා සුබ වාදීව බලන්න තරම් පරිණත වෙලා නැහැ..එකක් තාත්ත ඒ අදහස පිට කලේ ආවේගයෙන් නිසා..එතකොට ඔයාට එන්නේ කේන්තියක් දුකක් මිසක, තාත්ත ඇයි මෙහෙම කියන්නේ කියන අදහස ගැන හිතන්න ඔයාට ඉවසිල්ලක් නැහැ...ඔයාට ඔයාගේ දරුවෙක් ලැබිලා රෑ තිස්සේ ගමන් බිමන් යන දාකදී ඔයාගේ තාත්ත අද කියපු දේ මොකක්ද කියල හරියටම තේරේවි...
ඔයා කලේ වැරද්දක් නොවුනට වැඩිහිටියෙක් විදියට හිතනකොට ඔයාට වැරදෙන්න යන්නේ එක තත්පරයයි..ඒකට ඔයා වැරද්දක් කල යුතුම නැහැ...තමන් ඉන්න වටපිටාවේ වරදක් උනත් ඇති...අම්මල තාත්තලට Enrqiue ගෙන් ඇති වැඩක් නැහැ මල්ලි..ඒ මිනිස්සු දුක් මහන්සි වෙලා නිදි මරාගෙන නොකා නොබී ඔයාලව උස් මහත් කරන්නේ ඔයාලට හොඳ අනාගතයක් උදා කරන්න..දරුවෙක් බිහි කරන්න අම්ම කෙනෙක් විදින වේදනාවයි, ඒ දුක වේදනා සේරමට කර තියන තාත්ත හුස්මක් කටක් නොගන දුක් විදින තරමයි ඔයාලට අද අමතකයි..සමහර විට දරුවෝ ඒවා දන්නෙත් නැහැ... සල්ලි ඇති නැති දුප්පත් පොහොසත් දෙමාපියෝ බහුතරයක් දරුවෙක් වෙනුවෙන් තමන්ගේ ජිවිතේ අනන්ත අප්‍රමාණ කැප කිරීම් කරනවා..ඒවා මොනාද කියල ඔයාලට දැනෙන්නේ ඔයාලට දරුවෙක් ලැබුනම...ඒවා ඔයාලට ඇහැට පේන්නෙත් නැහැ..හිතට දැනෙන්නෙත් නැහැ..මොකද අම්මල තාත්තල කවදාවත් ඔයාලට ඒවා එකින් එක කියල ඒවා මහා ලොකු දේවල් කියල ලෝකෙට කෑ ගහල කියන්නේ නැහැ..ඉලන්දාරි වෙලා අතපය හතර හය්ය උනාම විවේචනය කරලා පව් කරගන්නේ ඔයාල වෙනුවෙන් මොන දේවල් කරපු දෙමාපියන්ටද කියල දැනෙනකොට අපි හැමෝම පරක්කු වැඩියි..එදාට එයාල මේ ලෝකේ නැහැ...ප්‍රශ්නයක් කියාගන්න, උත්තරයක් හොයා ගන්න අනේ මගේ තාත්ත හිටිය නම් එදාට දහස් වාරයක් හිතෙයි...ඒ හන්ද එයාල යම් දෙයක් කියනවා නම් විචාරක බුද්ධියෙන් ඒ දිහා බලල ඔයාට ඕනේ ටික ගන්න පුරුදු වෙන්න...තාත්ත ඉස්සර ඉඳන්ම කෑ ගහල නම් එයාගේ විරෝධය ප්‍රකාශ කරන්නේ ඒක ඔයාට ආදරේට මිසක් තරහට කරන දෙයක් නෙවේ...ඒක තාත්තගේ ජිවන අත්දැකීම් එක්ක තාත්ත හැඩ ගැහුණු විදිය වෙන්න පුළුවන්...ඔයා අම්මත් එක්ක කතා කරලා හිත හෑල්ලු කරගන්න...එත් කවදාවත් දෙමව්පියෝ හෑල්ලු කරලා කතා කරන්න එපා...ඉපදුනු වෙලාවේම පාරේ විසි කරලා දාල ගියා නම් අද ඔයා කාත් කවුරුත් නැති අනාථයෙක්..එහෙනම් ඔයා Enrique ගේ සිංදු අහන සමාජ පරිසරයක හැදෙන්නේ නෑ කියන එක මතක තියාගන්න...