ස්තූතියි මචන්
ඔව් මචන් මම කම්පැණියක් කරනව.
1/2. හරි මම මේක අලුතෙන් ගත්ත කෙනෙක්ට එයාගෙ පරණ එක තිබ්බ නිසා මම හිතුවෙ ආයෙ හදන්න ඕනි නෑ කියල
3. හරි මචන් අපේ කට්ටිය ඔක්කොම ඔන්ලයින් වැඩ කරන්නෙ දැන් ටිකක් කල් වෙනව ටිකක් දුර ඉන්නෙ කම්පැණිය රෙජිස්ට කරල තියෙන එකට අයිති එකෙන්ම රෙජිස්ට කරන්න ඕනි කිව්ව නිසා වැඩේ ටිකක් පරක්කු උනා. ඒ අතරෙ අපි අනික් අයගෙ දානකොට ඒ NIC වලට දැම්ම.
දැන් ඉක්මනට ඒ කාර්ඩ් එක හදල ඉවර කරගන්නන් මචන්
තව එකක් අපි සල්ලි දාන්න කොච්චර කල් පරක්කු උනොත්ද දඩ වදින්නෙ. සමාන්‍යෙන් දඩ මුදල කොච්චර ප්‍රතිශතයක්ද?
අරුට සල්ලි ගන්න ගියාම කුනු සීන් එකක් වෙනවා
(කලින් කොම්පැනි එකෙන් අත්සන් කරලා දෙන්නෙ අන්තිමට වැඩ කරපු දවසටනේ, ඊට පස්සෙත් සල්ලි වැටිලා කියන්නෙ වැඩ කරා කියලා තමයි ඩිපාර්ට්මෙන්ට් එක ගන්නෙ, එපාර අරුට ඔප්පු කරගන්න බැරුව කුනක් කන්න වෙනවා)
nic වලට දාපු එක සේෆ් ඔප්ශන් එකක් පරන කාර්ඩ් වලට දානවට වඩා.
දඩ සීන් එක නම් වෙබ් එකෙත් තියෙනවා
https://labourdept.gov.lk/index.php...jx-Gq3MWTZ9a86mC8OhTTmbymUjN5WzF-FRNEqP-Q396U
ගෙවීම ප්‍රමාදවීමේ දී දඩ මුදල් පැනවීම-ආයතනික හිමියන් ස්වකීය ආයතනයේ සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය. එසේ ගෙවීමට අපහසු හෝ ගෙවීම් පැහැර හරින විට පහත සඳහන් පරිදි දඩ මුදලකට යටත් වේ.
- දින 1සිට 10දක්වා -5%
- දින 10සිට මාස 1-15%
- මාස 1සිට මාස 3දක්වා-20%
- මාස 3සිට මාස 6දක්වා-30%
- මාස 06සිට අවුරුදු 1දක්වා- 40%
- අවුරුදු 1 ට වැඩි-50%
Kalin wada karapu tanaka b card eka na, ita passe wada karapu tan Wala Eva tiyanawa , 55ta kalin mewa ganna barida ban?
B- card එක හදාගන්න මචං /
ආයතනය වහලා නම්, වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන් ඩොකුයුමන්ට් තියෙනවා නම් පට්ට පරිස්සමට තියාගන්න...
----------------
අවස්ථා 6යි තියෙන්නෙ ගන්න පුලුවන්...
1. කාන්තාවක් නම් වයස 50 හෝ පිරිමි නම් 55 සම්පූර්ණ වෙන්න ඕනෙ බන්..
2. ගැහැනු අයට නම් විවාහ හේතුවට ගන්න පුලුවන් ( කොන්දේසි සහිතයි)
3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
5. වෙන රටක PR එකට ගන්න පුලුවන්
6. අර්ධ රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කිරිමේදි (කොන්දේසී සහිතයි)
------
Post added on Feb 12, 2023 at 9:26 PM