Sim Active karanne post paid Systerm eken
හැම sim එකක්ම එහෙම වෙන්න බැ මචන්. Prepaid ඒවට ඇත්තෙ prepaid system එකක්, උඹ sim විකුණනව ඇති ඒක ප්‍රස්නයක් නැහැ



Sim Active karanne post paid Systerm eken



ගිය අවුරුද්දෙ අන්තිම (2014 දෙසැම්බර්) කාලෙ මම ගත්තා Etisalat Internet connection එකක්. ඕක ටික කාලයක් කරදරයක් නැතුව පාවිචචි කළා. පොඩි පොඩි අඩුපාඩු හැරෙන්න වෙන කිසි අවුලක් තිබුණෙ නෑ මාර්තු මාසෙ වෙනකම්.
2015 මාර්තු මාසෙ මුල වගේ මම එක VAS (value-added service) එකක් සක්‍රීය කරගත්තා. (REG MJG කියලා SMS එකක් යැව්වාම රජයේ රැකියා ඇබෑර්තු ගැන සැරින් සැරේ විස්තර SMS එන්නේ, මාසෙකට රුපියල් තිහයි - අන්න ඒක තමා)
ඔහොම ගියා ටික දවසක්. මාර්තු මාසෙ මැද හරිය වෙද්දි මේ අය මගේ Etisalat අංකයට තව තවත් VAS සේවා සක්‍රීය කරල තිබුණ. නමුත් මේ එකක්වත් මම කිසිදාක සක්‍රීය කරන්න කියල ඉල්ලපු දේවල් නෙමේ. මේ තියෙන්නෙ ඒ ලැයිස්තුව:
මම පාවිච්චි කරන HSPA මොඩම් එක ProLink PRT7006H වර්ගයෙ වයර්ලස් මොඩම් එකක්. මොඩම් එක on කරලා මම WiFi හරහා තමයි ලැප්ටොප් එකෙන් හෝ ජංගම දුරකථනයෙන් ඊට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා වැඩි දෙනා පාවිච්චි කරන Huawei ඩොන්ගල් වල වගේ SMS එසැණින් මට එන්නෙ නෑ මොඩම් එකේ Web UI එකට ගිහින් බැලුවෙ නැත්නම්. මම දවසකට හෝ දෙකකට වතාවක් මට ඕනෑ වෙලාවට තමයි SMS බලන්නේ. ඒ නිසා, Etisalat ආයතනය මගේ අනුදැනුමින් තොරව සක්‍රීය කරපු VAS සේවා ගැන මට එවෙලේම දැනගන්න ලැබුණේ නෑ වගේම දවස ගණනේ මුදල් අය කරන සමහර VAS සේවා මගේ අනුදැනුමින් තොරව දවස් කීපයක් අළුත් කරලා (renew) පවා තිබුණා.
- Unlimited @ LKR 10
- Saregama Fashionmall
- Coolclub
- Gamesclub
නමුත් මේ කිසිම සේවාවක් සක්‍රීය කරන්න කියලා මම කිසිම අයුරකින් ඉල්ලලා නැහැ.
මේ පිළිබඳ දැනගත් වහාම මේ සේවා වහාම අක්‍රීය කරන්න කියාත් නැවත එසේ නොකරන්න කියාත්, ඒ වගේම මගේ අනුදැනුමින් තොරව සක්‍රීය කළ සේවා වලට මුදල් අය නොකරන්න කියාත් මම Etisalat වෙත Twitter හරහා දැනුම්දුන්නා. ඒ සේවා ඔවුන් ඉන් පසු අක්‍රීය කරලා තිබුණා. නමුත් බිල ගැන කිසිම කතාවක් නැහැ.
මේක ගැන Facebook status update එකකුත් මම පළ කළා ඒ දිනවලම:
https://www.facebook.com/shaakunthala/posts/10152716303376863
2015 අප්‍රේල් පළවෙනිදා බිල ආවා. Common VAS Services යටතේ රුපියල් 240ක් අය කරල තිබුණා. නමුත් මම පාවිච්චි කරල තිබුණු එකම VAS service එක රජයේ රැකියා පිළිබඳ දැනුම් දෙන සේවාව විතරයි. ඒ අනුව මගෙන් අය විය යුතු මුදල රුපියල් තිහයි. රුපියල් 210ක් නීති විරෝධී ලෙස මගෙන් අය කරලා තියෙනවා. රුපියල් 210ක් ලොකු ගානක් නොවෙන්න පුළුවන්, නමුත් එක පාරිභෝගිකයෙකුගෙන් අඩු තරමින් රුපියල් දහයක් මංකොල්ල කෑවත් පාරිභෝගිකයින් මිලියනයක් එක්ක මෙහෙම සෙල්ලම් කළොත් කිසි වෙහෙසක් නැතුව රුපියල් මිලියන දහයක් හෙවත් ලක්ෂ සීයක් හොයලා!
මේ පිළිබඳව සවිස්තරව ඊමේල් එකක් සකස් කරන්න අවශ්‍ය screenshots ගන්න මම නැවත වතාවක් මොඩම් එකට ලොග් වුණේ අප්‍රේල් 4 වෙනිදා. ඒ වෙලාවේ තමයි මම දැක්කේ Any 5 @ LKR 5 කියලා තවත් එකක් මගේ Etisalat සම්බන්ධතාවයට සක්‍රීය කරල කියල. ඒ වගේම මම කල්පනා කළා මුලින්ම පාරිභෝගික අධිකාරියට දැනුම් නොදී Etisalat ආයතනයට මේ මුලින්ම දැනුම් දෙන්න. එවිට ඔවුන්ට කාලයක් ලැබෙනවා මේ ගැන යම් සොයා බැලීමක් කරන්නට. ඒ නිසා ඊමේල් එක ලිව්වේ Etisalat ආයතනයට. ඒ වගේම මගෙන් වැඩිපුර අය කළ මුදලත් මම ඔවුන්ගෙන් නැවත ඉල්ලා සිටියා. මේ ගැන පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන බවත් මම කිව්වා. (ටිකක් විතර කේන්තියෙන් ලිව්වේ - නමුත් බැනලා හෝ අසභ්‍ය වදන් නැහැ)
මේ පෝස්ට් එකේ පහළින් තියෙනවා ඒ ඊමේල් එක.
Twitter හරහාත් දැනුම් දුන්නා නැවතත් මේ වැඩේ නොකරන ලෙස. ඔවුන් ඒ සේවා අක්‍රීය කළා.
අප්‍රේල් 5 මට Etisalat වෙතින් ලැබුණු ඊමේල් එකක ඒ පිළිබඳ කණගාටුව පළ කරලා තිබුණා. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරල තිබුණා මේ VAS සේවා තෙවන පාර්ශ්ව WAP contents බවත් මම ඒවා සක්‍රීය කරන්න කියල ඉල්ලුවාම ඒවා සක්‍රීය වෙන බවත්. මම ඒවා සක්‍රීය කරන්න ඉල්ලීමක් නොකර කොහොමද ඒවා සක්‍රීය වෙන්නේ?
දින කීපයක් සද්ද නැතුව ඉඳලා අප්‍රේල් 11 වෙනිදා මේ ගැන නැවත විමසුවාම ඔවුන් කියනවා මගෙන් වැඩිපුර අය කළ මුදල සති දෙකක් ඇතුළත නැවත ලබා දෙන්න කටයුතු කරන්නම් කියලා. මගේ අවසාන ඉලක්කය මගේ රුපියල් 210 ආපහු ගන්න එක නෙමේ. මේක උදාහරණයක් කරගෙන, තමන්ට අසාධාරණයක් වෙද්දි කට වහගෙන ඉන්න එපා, කතා කරලා සාධාරණය ඉෂ්ඨ කරගන්න කියන පණිවුඩය අනිත් අයට දෙන එකයි මගේ අවසාන ඉලක්කය වුණේ.
සති දෙක නම් දැන් ගත වෙලා ගිහින්, අවුරුදු නිවාඩුව ගැනත් සලකලා තව ටිකක් මේ ගැන ඉවසන්න මට තිබුණා. නමුත්, අද (2015 අප්‍රේල් 26) මගේ මොඩම් එකේ SMS බලනකොටයි මම දැක්කේ තවත් ඔය වගේම VAS සේවා දෙකකට මගේ අනුදැනුමින් තොරව මාව subscribe කරලා කියලා.
![]()
මොකක් නමුත් ලොකු අවුලක් තියෙනවා. මේ මිනිස්සු කියන දේ අහන්න දන්නේ නැහැ. ඉස්සර Dialog එකත් මේ වගේ බොළඳ විධියට හැසිරිලා තියෙනවා මට මතකයි. නමුත් පාරිභෝගිකයින් අන්තර්ජාලය ඔස්සේ විවෘතව කළ විරෝධතා නිසා එයාලට අකුලගන්න සිද්ධ වුණා. මේ වෙලාවේ තමා මම තීරණය කළේ මේ ගැන පාරිභෝගික අධිකාරියට නියත වශයෙන්ම සවිස්තරව දැනුම් දෙනවා කියලා. දින වකවානුත් එක්ක අදාළ SMS වල screenshots මගේ ළඟ තියෙනවා.
ඒ වගේම මම මේ මොහොතේ තීරණය කළා මේ රුපියල් 210 ගැන පස්සෙන් පන්නලා මට වැඩක් නෑ. හැමදෙනාටම වැඩක් වෙන්නේ දුරකථන සමාගම් නැවත පාරිභෝගිකයින්ගේ මුදල් ගසාකන්නේ නැති තැනට වැඩ සිද්ධ කළොත් කියන එක. ඒ අනුව, මේ ත්‍රෙඩ් එක කියවන Etisalat පාරිභෝගිකයින්ගෙන් මම ඉල්ලා සිටිනවා, ඔබටත් මෙවැනි අත්දැකීම් තියෙනවද, තියෙනවනම් මට ඊමේල් එකක් එවන්න විස්තර ඇතුව. මගේ ඊමේල් ලිපිනය sameera{ඇට්}shaakunthala{ඩොට්}com. මම මගේ ගැටළුවත්, ඒ සියළු විස්තරත් අඩංගු කරලා පාරිභෝගික අධිකාරිය වෙත මේ පිළිබඳව දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ පිළිබඳ පසු විස්තරත් මේ ත්‍රෙඩ් එකේම සඳහන් කරන්නම්. ඒ වගේම මේක මම වෙනුවෙන් නෙමෙයි, අපි හැමෝම වෙනුවෙන්. අපේ ඉලක්කය Etisalat ආයතනය පාරිභෝගිකයන්ගේ මුදල් මංකොල්ලකෑමට එරෙහිව පියවර ගැනීමත්, ඒ වගේම අනෙක් දුරකථන සමාගම් වලට මෙය උදාහරණයක් ලෙස දැක්වීමත්.
විශේෂ ඉල්ලීමක් ලෙස සඳහන් කරන්නම්, අසභ්‍ය වදන් හෝ කෝපාවිෂ්ඨ විධියට බැනවැදීම් නොකර පුළුවන් තරම් decent විධියට මේක ඉදිරියට ගෙනියමු.
--
ස්තුතියි!
ශාකුන්තල
=========================================
====================
පසු සටහන - පොඩි poll එකක් දැමමා උඩින්, නමුත් ඒකේ කොටසක් කැපිලා ගිහින්. මෙන්න ඒකේ අහන ප්‍රශ්නය:
Etisalat ආයතනය ඔබෙනුත් අයථා ලෙස මුදල් අය කර තිබේද?
aniwaren okunta yako customer center call ekak ganna Rs3 k kapanawa bn. kala kanni.



මචන් උබේ machine එකේ History එකේ ඔය services වල නම් ගහල search කරලා බලපන් අනිවා උඹ ඔය site වලට ගිහින් තියනවා ඒ කියන්නේ ඒ සේර්විචේ subscribe කරලත් තියනවා කියන එක තමයි එක service provider ගෙ service නෙවෙයි ඕව වෙනම third party services ගොඩක් site වල ඕවගේ advertisement තියනවා බැරිවෙලාවත් ඕකක් click උනොත් service එක active වෙනවා
අන්තර්ජාලය බාවිතා කිරීමේදී ඔය වගේ දේවල් වලිනුත් පරිස්සම් වෙන්න ඕනේ මටත් ඔකේ අත්දැකීමක් තියනවා මම කවදාවත් subscribe කරපු නැති service එකක් ගැන message අවා dialog එකෙන් මම ඉතින් ගණන්ගත්තෙ නෑ බිල එද්දී තමි තේරුනේ වැඩේ refund karaganna මාරම කට්ටක් කැව ඒත් උන් refund කලේ නෑ අරෙහෙ යන්න මෙහෙ යන්න කියල රස්තියාදු කරපු එක විතරයි පස්සේ මම connection එක disconnect කරලා damma
service provider කෙනෙක් උනත් අසාධාරණ විදිහට සල්ලි හොයන්න හොඳ නැ අහිංසක මිනිස්සු අමරුවෙන් හොයන සල්ලි
Is there any way to check the VAS acivated on our sim ? i am using a prepaid connection so don't get a detailed bill![]()
Waraddak Kaloth mokath Waradi. Uba complne ekak dapan...Mama Nam Mage Kisima Package ekakata VAS active karanne na. oka Auto Eelaga Maseth Renew Wenawa Auto. Apitath owa Ain karanna Amathaka Wenawa.
Anith dee machan March wala Okunge Systerm Aulak Thibba. Oke Hitiya Lokkek Ain una. U yanakota Systerm ekatath Gemak Deegena Giye..Sim ekak wath Active karaganna Bari una...Line ekak Disconn wela Bill Eka gewwama , Auto Conn unewath na...Passe yanthan Sathi 2k wage Gihin Shape una...Ekath hethuwak unada dan na. Uba gema Adapan. Refund ganna Puluwan. Good luck !

oyage data number eka pm karanna nattam 0710654659 sms ekak danna mokkada wela tiyenne kiyala balal kiyannam
- System අවුලක් තිබුණා නම් ඒ ගැන සොයාබැලීමක් කරන්න ඔවුන්ට කාලය තිබුණා. මොකද මමත් මාර්තු 21 වෙනිදා තමා ඕක නෝට් කරලා මුලින්ම Etisalat එකට කිව්වේ.
- ලොක්කෙක් අයින් වුණ කතාවෙ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙලා නම්, rogue employee කෙනෙක් ආයතනය හැර යද්දි මොකක් හරි කඩාකප්පල්කාරී වැඩක් කරලා ගියා කියන හෝ අනේ අපිව හැක් කරලා කියන එක නම් නිදහසට කාරණාවක් නෙමේ.
- මට විතරක් දැන් refund ඕනේ නැහැ. සාක්ෂි සහිතව Etisalat ආයතනය තමාට වංචාවක් කරලා තියෙන බව ඔප්පු කර පෙන්වන හැම දෙනාටම refund ලැබෙන්නයි මට ඕනා. ඒකයි මේක එළකිරියෙ දැම්මේ.
ස්තුතියි ඔබේ අදහසට.![]()

මචං මට ඊමේල් එකක් එවන්න පුළුවන්ද? ඔයාවත් cc කරලා මම මේ ගැන දැනුම් දීම කරන්නම්. ඒ වගේම ලිඛිත හෝ ඊමේල් සාක්ෂි තියෙනවනම් ඒවත් මේ ත්‍රෙඩ් එකටම එකතු කරන්න කැමති නම්.
මචන් උබේ machine එකේ History එකේ ඔය services වල නම් ගහල search කරලා බලපන් අනිවා උඹ ඔය site වලට ගිහින් තියනවා ඒ කියන්නේ ඒ සේර්විචේ subscribe කරලත් තියනවා කියන එක තමයි එක service provider ගෙ service නෙවෙයි ඕව වෙනම third party services ගොඩක් site වල ඕවගේ advertisement තියනවා බැරිවෙලාවත් ඕකක් click උනොත් service එක active වෙනවා
අන්තර්ජාලය බාවිතා කිරීමේදී ඔය වගේ දේවල් වලිනුත් පරිස්සම් වෙන්න ඕනේ මටත් ඔකේ අත්දැකීමක් තියනවා මම කවදාවත් subscribe කරපු නැති service එකක් ගැන message අවා dialog එකෙන් මම ඉතින් ගණන්ගත්තෙ නෑ බිල එද්දී තමි තේරුනේ වැඩේ refund karaganna මාරම කට්ටක් කැව ඒත් උන් refund කලේ නෑ අරෙහෙ යන්න මෙහෙ යන්න කියල රස්තියාදු කරපු එක විතරයි පස්සේ මම connection එක disconnect කරලා damma
service provider කෙනෙක් උනත් අසාධාරණ විදිහට සල්ලි හොයන්න හොඳ නැ අහිංසක මිනිස්සු අමරුවෙන් හොයන සල්ලි

අඩේ මගේ VAS වලට 310 ක් ගිහිල්ලනේ.
![]()
අඩේ මගේ VAS වලට 310 ක් ගිහිල්ලනේ.
![]()


VAS kiyanne data usage eka free limit eka pannama yana data walata gewiya yuthu ganana neda
umba 1mb = Rs. 1.00 gaane use karala wadiyen![]()