කොයි තරම් වේදනා විඳින කෙනෙක් උනත් මැරෙන්න කැමති නෑ බං. උඹ ගැනම හිතපං සුව කල නොහැකියි කිය රෝගයක් හැදිලා ඉන්නවා නම් ලෝකේ කොහෙ හරි ගිහින් බෙහෙත් කරන්න ට්රයි එකක් දානවා මිසක්. කාට හරි කියනවාද මාව මරන්න කියලා නෑනේ.
හැම සතෙක්ම ජීවිතේට ආසයි. ආගම දහම අත ඇරලාම කල්පනා කලත් ඕකේ හොඳක් දකින්න නම් බෑ.
අපි මේ සල්ලි හොයන්නේ ගෙවල් දොරවල් හදන්නේ ජීවත් වෙන්නනේ.
ලෙඩක් හැදුනා කියලා වයසට ගියා කියලා ඒ අදහස් අයින් වෙන්නේ නෑ.
ඔය දේවල් නීති ගත කලොත්
මුලින් සුව කරන්න බෑ කියන ලෙඩ්ඩු මරයි
දරුවෝ අම්මගෙ තාත්තගේ ඉඩම් ලියාගෙන අම්මලා තාත්තලාට ලෙඩ කියලා මරයි
මිනීමැරුමකදි ඔය දේවල් ඔප්පු කරලා දඩුවම් අඩු කිරීමක් හරි නිදහස් වීමක් හරි කරයි.
කාලයක් යද්දි
මිනිස්සු වැඩියි කියලා
පිස්සු හැදුන උන මරයි
එක පවුලක ලමයි වැඩියි කියලා මරයි
ජන ගහනය වැඩියි කියලා හිගන්නෝ මරයි
ආර්ථික ශක්තියක් නැති මිනිස්සු මරයි
අවසානයේ දවසක ඔය පදනම සමාජගත උනාම මොකක්හරි රටක ත්රස්තවාදය හරි විප්ලව හරි උනාම ඒ ප්රදේශයම සමූලඝාතනය කරයි.
හැම නරකක්ම පටන් ගන්නේ ඊට අදාලව සාධාරණයි කියන හේතු පෙනිලා. නමුත් කාලයකින් ඒක පාලනය කරන්න බැරි වෙනවා. මොකද මිනිස්සු කියන්නේ හැම වෙලාවෙම ලෙහෙසි දේ හොයන නිසා