Ex-Alien ටෙන්ඩරය ඇමරිකාවට...
පසුගියදා ජනප්රිය "Ex-Alien" ගීතයේ හා අදාළ වීඩියෝවේ බුද්ධිමය දේපළ අයිතිය විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබිණි.
මෙහිදී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම ගීතයේ හා වීඩියෝවේ අයිතිය මිළදී ගන්නා ලදී...
මේ අතර ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අපරාධ සැකකරුවන්ගෙන් හා යුද්ධ සිරකරුවන්ගෙන් තොරතුරු "වැමෑරීම" සඳහා එම ගීතය යොදා ගන්නට උත්සහ කරන බව ප්රකට මානව හිමිකම් සංවිධානයක් චෝදනා කරයි. ශ්රී ලංකා පොලීසිය විසින් මෙම කාර්යය සඳහා ඉහත ගීතය සාර්ථකව යොදා ගත් අතර මෙය ඇමරිකා රජයට ආරංචි වීම නිසා මෙම ගනුදෙනුව සිදුවී ඇති බව මානව හිමිකම් ප්රකාශකයෙක් පැවසීය.
ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් අතර ප්රමුඛ පෙලේ විරේක බෙහෙත් නිශ්පාදන සමාගම් හා ප්රකට පණු බෙහෙත් නිශ්පාදන සමාගම් ද තිබූ බව ගීතයේ හිමිකාරිණිය වන ***** මෙනවිය ප්රකාශ කළාය.
ටෙන්ඩර් කොන්දේසි වලට අනුව Youtube අඩවියෙන් ගීතය ඉවත් කළ යුතු වුවත් අදාළ Youtube වෙබ් පිටුවේ වෙළඳ දැන්වීම් පළ කර ඇති පිරිසක් එසේ නොකරන ලෙස තමාට බලපෑම් කරන බව ඇය වැඩිදුරටත් කියයි.