Experiance 3D without glasses

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    මම හදන්නෙ විශේෂිත උපැස් යුවලක් නැතුව ත්‍රිමාන රූප රාමුවක අත් දැකීමක් ඔයාලට ලබා දෙන්න​..
    හැබැයි ඇස් දෙක නම් ටිකක් රිදෙයි මේක අත් හදා බලද්දි.. අමාරුයි වගේ නම් කරන්න එපා කියලා මම මුලින්ම කියන්න ඕනෙ..


    වැඩේට සූදානම් ද​? හරි, එහෙම නම් මුලින්ම කරන්න තියෙන්නෙ පහල තියෙන වීඩියෝ එක ප්ලේ කරලා ෆුල් ස්ක්‍රීන් දාගන්න​, ඊට පස්සෙ පේන රූප දෙක එකක් කියලා පේනකන් ඇස් දෙක බොඳ කරන්න​, ඇත්තටම මෙතනදි කරන්න ඕනෙ මොනිටරයත්, මූණත් අතර හරි මැදට ඇස් දෙක ෆෝකස් කරන එක​.. ටිකක් උත්සාහ කරලා බලන්න​, ඔයාලා පුදුම වෙයි ඔයාලට පේන දේ දැක්කම​..

    http://www.youtube.com/watch?v=2HhsIs66mY0&feature=fvsr

    ඒක ඒ විදිහට බලන්න පුරුදු වෙන්න හදපු වීඩියෝ එකක්.. ඒක ත්‍රිමාන විදිහට දැක්කා නම් මේකත් බලන්නකෝ..

    http://www.youtube.com/watch?v=zBa-bCxsZDk

    මේකට කියන්නේ cross eye 3D කියලා... youtube වල හා google වල හෙව්වොත් ඕන තරම් මේ වගේ photos, videos තියෙනවා..

    crosseye.jpg



    මේ ගැන වැඩි විස්තර මෙතනින් දැන ගන්න​..
    http://www.starosta.com/3dshowcase/ihelp.html
     
    Last edited: