Extreme weather Live Update 2017..

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කුකුලේ ගඟින් විසි හතර පැයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වෙයි

    පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් අද (26) පෙරවරු 8.30 දක්වා ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙසින් මිලිමීටර් 553 වර්ෂාපතනයක් කුකුලේ ගඟ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මීට අමතරව වීරකැටිය මිලිමීටර් 495 ක්, ගාල්ල බටුවංගල මිලිමීටර් 395.6 ක්, පාදුක්ක මිලිමීටර් 387.2 ක්,අවිස්සාවේල්ල මිලිමීටර් 314 ක මිලිමීටර් 300ට වැඩි වර්ෂාපතන අගයන් වාර්තා වී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පවසයි.

    ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ නිරිත දිග කොටසට අයත් ගාල්ල,හම්බන්තොට ,මාතර ,රත්නපුර ,කෑගල්ල ,කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසකටම මිලිමීටර් 100 යට වැඩි වර්ෂාපතන අගයන් වාර්තා වී ඇතැයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා වැඩිදුරටත් පැවසීය.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    34 mins
    yD4n8qT.jpg
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කැළණි ගඟේ ජල මට්ටම ඉහළට : පවුල් 2000 ක් ඉවත් කරයි

    කැලණි ගඟ අසබඩ ජනතාව හැකිතාක් ඉක්මනින් තම ස්ථාන වලින් ඉවත් විය යුතු බව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති සුනිල් කන්නන්ගර මහතා අද (26) පෙරවරුවේ පැවැසීය.

    කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් පසුගිය වසරේ තත්ත්වයට සමාන අයුරින් මේ වසරේ ද ජල මට්ටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කර ඇති බවත් ඇතැම් විට පසුගිය වරට වඩා තත්ත්වය දරුණු විය හැකි බවත් කන්නන්ගර මහතා කීය.

    අද (26) සවස 3 වනවිට පවුල් 2000ක් පමණ කැලණි ගං මිටියාවතෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව කැලණි ගඟ අසබඩ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, සීතාවක, හෝමාගම සහ කඩුවෙල ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, වත්තල හා බියගම යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් විය යුතු බව ද කන්නන්ගර මහතා පැවසීය.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    8 mins ·

    තවත් අපේ රට දෙසට වේගයෙන් වලාකුලු ගලා එමින් පවතී.. මේ චීනයේ ඔන්ලයි චන්ද්‍රිකා ජායාරූප වේ.. පැහැදිලිව බෙංගාල බොක්කේ සිට වලාකුලු වැඩිවශයෙන් ලංකාව දෙසට ගමන් කරමින් පවති..
    තත්වය මීට වඩා දරුණු විය හැක. එබැවින් ආරක්ශිත උපදෙස් පිලිපැදීම වඩාත් සුදුසුය..
    tO7oWIg.png
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    කැළණි ගඟේ ජල මට්ටම ඉහළට : පවුල් 2000 ක් ඉවත් කරයි

    කැලණි ගඟ අසබඩ ජනතාව හැකිතාක් ඉක්මනින් තම ස්ථාන වලින් ඉවත් විය යුතු බව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති සුනිල් කන්නන්ගර මහතා අද (26) පෙරවරුවේ පැවැසීය.

    කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් පසුගිය වසරේ තත්ත්වයට සමාන අයුරින් මේ වසරේ ද ජල මට්ටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කර ඇති බවත් ඇතැම් විට පසුගිය වරට වඩා තත්ත්වය දරුණු විය හැකි බවත් කන්නන්ගර මහතා කීය.

    අද (26) සවස 3 වනවිට පවුල් 2000ක් පමණ කැලණි ගං මිටියාවතෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව කැලණි ගඟ අසබඩ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, සීතාවක, හෝමාගම සහ කඩුවෙල ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, වත්තල හා බියගම යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් විය යුතු බව ද කන්නන්ගර මහතා පැවසීය.

    ..
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    කුකුලේ ගඟින් විසි හතර පැයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වෙයි

    පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් අද (26) පෙරවරු 8.30 දක්වා ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙසින් මිලිමීටර් 553 වර්ෂාපතනයක් කුකුලේ ගඟ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මීට අමතරව වීරකැටිය මිලිමීටර් 495 ක්, ගාල්ල බටුවංගල මිලිමීටර් 395.6 ක්, පාදුක්ක මිලිමීටර් 387.2 ක්,අවිස්සාවේල්ල මිලිමීටර් 314 ක මිලිමීටර් 300ට වැඩි වර්ෂාපතන අගයන් වාර්තා වී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පවසයි.

    ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ නිරිත දිග කොටසට අයත් ගාල්ල,හම්බන්තොට ,මාතර ,රත්නපුර ,කෑගල්ල ,කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසකටම මිලිමීටර් 100 යට වැඩි වර්ෂාපතන අගයන් වාර්තා වී ඇතැයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා වැඩිදුරටත් පැවසීය.

    ..
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයත් යටවෙයි

    කොළඹ - අවිස්සාවේල්ල පරණ පාර වැල්ලම්පිටිය- කොහිලවත්ත සහ අඹතලේ යන ප්‍රදේශවලින් ජලයෙන් යටවී තිබේ.
    මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට සහ ජනතාවට දැනුම් දෙයි.
    විකල්ප මාර්ග ලෙස වැලිකඩ-රාජගිරිය-මාළඹේ-අතුරුගිරිය හරහා ගොඩගම හංදියට පැමිණ හයිලෙවල් මාර්ගය භාවිත කරන ලෙසට පොලීසිය නිවේදනය කරයි.
    මේ අතර කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වැල්ලම්පිටිය නගරයද මේ වනවිට ගංවතුරින් යටව තිබේ.
    රාත්‍රී කාලයේදී එම තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකි බැවින් පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යනලෙස බලධාරීන් උපදෙස් ලබාදී තිබේ.
    එමෙන්ම ගං වතුර තත්වය හේතුවෙන් කොළඹ රත්නපුර පරණ පාරේ ගමනාගමනය ඇණ හිට තිබේ.
    විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියැදුරන්ට පොලීසිය උපදෙස් ලබා දෙයි.

    http://sinhala.adaderana.lk/news/73597/--කොළඹ---අවිස්සාවේල්ල-මාර්ගයත්-යටවෙයි
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අකුරැස්ස නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රාත්‍රී කාලයේදී එම තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකි බැවින් පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යනලෙස බලධාරීන් උපදෙස් ලබාදී තිබේ.

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php
     
    Attachments

    • 18739729_1301126713268031_7376514670274676879_n.jpg
      18739729_1301126713268031_7376514670274676879_n.jpg
      42.6 KB · Views: 141
    • 18766002_1301038473276855_5184601516015771253_n.jpg
      18766002_1301038473276855_5184601516015771253_n.jpg
      29 KB · Views: 144
    • 18740666_1301038439943525_5383124717458393464_n.jpg
      18740666_1301038439943525_5383124717458393464_n.jpg
      29.2 KB · Views: 153
    • 18622245_1301038426610193_493727888789759205_n.jpg
      18622245_1301038426610193_493727888789759205_n.jpg
      43.5 KB · Views: 52
    • 18620367_1301038416610194_5714695673731735315_n.jpg
      18620367_1301038416610194_5714695673731735315_n.jpg
      43.3 KB · Views: 142
    Last edited: