Facebook රහතන් වහන්සේලා.....

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Facebook රහතන් වහන්සේලා.....


    පසුගිය දවස් ටිකේ මට හරි අපූරු පිරිසක් මුණගැහුනා. මේගොල්ලො සියලු කෙලෙසුන් නසා අරිහත්වයට පත්වුන පිරිසක්ලු. සියලු දුකින් නිදහස් වූ, සියලු ලොකවලින් නිදහස් වූ බොහොම සතුටින් ඉන්න පිරිසක්ලු. මේ අය අතරේ නියම ජොඩුවක් ඉන්නවා රහත් වෙච්ච, මම හිතන්නේHusband & wife වෙන්න ඔනේ. Photo album එකේ නම් පේන්නේ ඒ විදිහට. හැබැයි මේ දෙන්නා රහත්වෙලා තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ නෙවෙයි. Maithree බුද්ධ ශාසනයේ. මේගොල්ලො කියනවා maithree බුදුන් පහළ වෙලාලු ඉන්නේ.



    මේගොල්ලො හොයාගෙන තියෙනවා නිවන් දකින්න අලුත්ම ක්‍රමයක්. මේ ජොඩුව විතරක් නෙවෙයි අනිත් අයත්. මේ අය හරිම පුදුම පිරිසක්. හරි පුදුම දේවල් කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ගුරුවරයෙක් නෙවෙයි ලු, බුදුවරු ධර්මය දේශනා කරන්නේ නැතිලු. සියලු සoස්කාර ධර්මයන් නිත්‍යත් නැතිලු, අනිත්‍යත් නැතිලු. දුක කියලා දෙයක් මේ ලොකේ නැතිලු, මේ ඔක්කොම මායාවක්ලු. බුද්ධo සරණo ගඡ්චාමි කියන්නේ බුද්ධිය සරණ යන එකලු. හරි විනොදයි මෙගොල්ලො කියන ඒවා.තව මේගොල්ලො කියනවා ජාති, ජරා, ව්‍යාධි, මරණ විතරයි දුක, පoච උපාදානස්කන්දය කියන්නේ දුකට හේතුවලු. දැනුම නිසාලු සත්ත්වයන් සසර දුකට වැටිලා ඉන්නේ. දැනුම නැති කලොත් නිවන් දැක්කා වෙනවලු. ධර්මය අවබොධ කරන්න බැරිලු. ධර්මයට අනුව හැසිරුනොත් සසර දික් වෙනවලු. පුදුමේ කියන්නේ මෙයාලා රහත්වුනාට බුදුරජාණන් වහන්සේ ගැන අල්පමාත්‍ර පැහැදීමක් නෑ. බුදුරජාණන් වහන්සේ කියපු දේවල් වැරදියිලු. මට මේගොල්ලො ලියපු ඒ ලිපි පෙළ කියවලා ඉවරවෙද්දි මේ ධර්මද්වීපයේ එක්තරා ස්ථානයක් මගේ මතකෙට ආවා මේ අයට සුදුසු. අoගොඩ පිස්සන් කොටුව.


    මේ අය මේ උපදෙස් ගන්නේ එක්තරා චීවරධාරියෙකුගෙන්. මෙයාවත් මට මුණගැහුනා අන්තර්ජාලය තුලදීම. ගණ පිහිටුවලා පිරිත් කියන්න එහෙම දක්ෂයි. බෞද්ධයිනි මතක තබාගන්න මේ හිස් ශ්‍රමණයා කියන දේවල් වලට භික්ෂු සoඝයා වග කියන්නේ නෑ. මොහුගේ නම මම සදහන් කරන්නේ නෑ, මොකද ප්‍රසිද්දියේ අපහාස කලා කියලා නඩු දැම්මොත් මම blog ලියලත් ඉවරයි.සමහරු තමන් පාලි දන්නවා කියලා පෙන්නන්න ධම්ම පදයේ ගාථා වලට හිතුන හිතුන විදිහට අර්ථකතන දීලා තියෙනවා. නියම පාලි තේරුම අරන් බැලුවාම නිකන් අලුකෙහෙලුයි කොණ්ඩකටුයි වගේ. කිසි ගැලපීමක් නෑ. ඒගොල්ලන්ගේ හිතේ හිතේ හැටියට වචන තොරලා දීල තියෙනවා. හරි ෂොක් ඉතින් මේගොල්ලොන්ගේ වැඩ. නමොතස්ස පාඨයටත් හරි විනොද අර්තදැක්වීමක් දීලාතිබ්බා එක්තරා කාන්තාවක්.


    නමෝ - නැමෙනවා

    තස්ස - එතැනට (එනම් කොතැනටද?)
    භගවතෝ - බිද හැර හෙවත් බෙදා බලන ක්‍රමයට වතට
    අරහතෝ - රහස නැතිකරගන්නවා
    සම්මා - සං කියන ලෝකය හෙවත් එකතුවේ බැදීමෙන් අවිද්යම තෘෂ්ණා දෙකෙන් මිදෙනවා
    සම්බුද්ධස්ස - එකතු කරමින් හදාගත් භවය උදුරා හරිනවා

    මේ එයා ලියපු ටික ගෙඩි පිටින් copy කරලා paste කලේ. මට නම් තේරෙන්නේ නෑ. පාඨක ඔබ තේරුම්ගන්න බලන්න.


    ආහ්....! මට අමතක වුනා. තව මේ අය කියනවා ඔය දැන් ඉන්න බටහිර Scientists ලා ටික ඉන්නවනේ. මේ Scientists ලා ටිකත් තෙරුවණ් සරණ ගිය අයලු. ඒගොල්ලො තිසරණයේ පිහිට ලබාගෙන ජීවිතේ ජයගෙන ඉන්නේ. අපි තාම මගලු.මේ ලොකේ 75%ක් බුද්ධිමත් අයලු ඉන්නේ. කොහොමද දන්නේ නෑ ඒක හොයා ගත්තේ. මම අහලා තියෙන විදිහට බුද්ධිමත් අය ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ නිය සිලට ගත් පස් ටික වගේ ප්‍රමාණයක් කියලයි. හිමාල කන්දේ පස් වගේ පිරිසක් නුවණ නැති අය කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මෙයාලා රහතන් වහන්සේලානේ, බුදුරජාණන් වහන්සේටත් වඩා දැනුමක් බුද්ධියක් තියෙනවා මෙයාලට. අනුකම්පා හිතෙනවා නේද.....?මෙහෙමත් මිනිස්සුන්ට වෙනවද කියලා මට ගොඩාක් සoවේග ඇතිවුනා.වැඩේ කියන්නේ මෙයාලා රහත්වුනාට නිරොධ සමාපත්තියක් ගැන දන්නේවත් නෑ. පිරිනිවන් පානවා කියන්නේ මොකක්ද දන්නේත් නෑ. ශ්‍රද්ධාව ගැන දන්නේත් නෑ. චතුරාර්ය සත්‍ය ගැන දන්නේත් නෑ.


    ආහ්.......! චතුරාර්ය සත්‍ය කිව්වාම මතක් වුනේ, එකෙක් කියනවා චතුරාර්ය සත්‍ය හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේලු. බුදුරජාණන් වහන්සේ දුකට හේතුව නෙවෙයිලු නැති කරන්න කියලා දෙන්නේ.


    මාර ග්‍රහණයට බෙල්ලෙන්ම අහුවෙලා ඉන්නේ මේ පිරිස. පව් ඉතින්, මොනවා කරන්නද......!Face book එකේ Hidden Buddhism සැගවුනු බුදුදහම කියලා Group එකක් තියෙනවා. මේකේ තමයි මේ උන්මත්තකයො ටික ඉන්නේ. ඔය Buddhism නම් ඉතින් Hidden තමයි. අපි දන්න Buddhism නම් Hidden නෑ.


    සබ්බේ පුථුඡ්ඡනා උම්මත්ථකා.



     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මුන්ට නම් සිරාවටම පිස්සු,නත්තම් මේවගේ මල විකාර කියවිද?????මුං අංගොඩ නවත්තල හරියන්නෙ නැහැ.අනිව ඩෙෆා එහෙත් මුන්ට බෙහෙත් නැතුව ඇති.කාලකන්නි යක්කු.නොදකින් මුන් වහෙ වල් හැත්ත.මුන් පණ පිටින් වලක් කපලා වලලන්න ඕන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුන්ට නම් සිරාවටම පිස්සු,නත්තම් මේවගේ මල විකාර කියවිද?????මුං අංගොඩ නවත්තල හරියන්නෙ නැහැ.අනිව ඩෙෆා එහෙත් මුන්ට බෙහෙත් නැතුව ඇති.කාලකන්නි යක්කු.නොදකින් මුන් වහෙ වල් හැත්ත.මුන් පණ පිටින් වලක් කපලා වලලන්න ඕන.



    munwa para loketa giyama therewi karapu ewa.
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    nice post bro.. thanx for revealing these crap... machan e kaleth hitiyane nigantayo anan manan.. n then eka eka wikara harak.. me kaleth ehemama thama.. apita thiyenne anukampawen balanna witharai macho.. unge gon kamata karanna deyak naha..
    :mad:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    me uthum poya dawase oya wage moda minissu kiyana dewal wadak na, oya wage aya ada witarak nemei budu hamuduruwoo inna dawas walath hitiya, boruwata kawadawath pawathmak na

    awrudu 2550 nirmala budu dahama pawathuna wage tawath chirath kalayak budu dahama e kiyapu karunu boru karanna puluwan kenek me loke inna ekak na, oya wage aya ada idivi tawa tika dawasakin hoya gannawath nathi wevi.......
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    lolz....... :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    menna niyama buddayo...:rofl::rofl::rofl:
    thz exactly wht Buddha tough.... :rofl::rofl::rofl::rofl:

    :sorry::sorry::sorry::sorry:
    යකෝ මුන් අපහස කරන්නෙ බුද්ධාගමට.බොරු කිය කියා වටේ යනකොට ඕනම එකෙක්ට මළ පනින්නෙ නැද්ද කියපන් බලන්න.උබේ ආගම මම දන්නෙ නැහැ.උබලගේ ආගම චා වෙන විදියට මොනවාහරි කිව්වොත් උබට මළ පනින්නෙ නැද්ද??????
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    :sorry::sorry::sorry::sorry:
    යකෝ මුන් අපහස කරන්නෙ බුද්ධාගමට.බොරු කිය කියා වටේ යනකොට ඕනම එකෙක්ට මළ පනින්නෙ නැද්ද කියපන් බලන්න.උබේ ආගම මම දන්නෙ නැහැ.උබලගේ ආගම චා වෙන විදියට මොනවාහරි කිව්වොත් උබට මළ පනින්නෙ නැද්ද??????


    බමුනා උනත් දුදනෙකුනම් බිම හොවනු
    සැඩොලා උනත් සුදෙන්කු නම් පුටුව දෙනු
    හෙලයා උනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමලා උනත් විරුවෙකු නම් ගරු කරනු

    සුභාෂිතය හෙට්ත් හිතොපදෙශයෙන්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මුන්ට නම් සිරාවටම පිස්සු,නත්තම් මේවගේ මල විකාර කියවිද?????මුං අංගොඩ නවත්තල හරියන්නෙ නැහැ.අනිව ඩෙෆා එහෙත් මුන්ට බෙහෙත් නැතුව ඇති.කාලකන්නි යක්කු.නොදකින් මුන් වහෙ වල් හැත්ත.මුන් පණ පිටින් වලක් කපලා වලලන්න ඕන.

    මචන් ගෞතම බුදුරජාණන් වහන්සේ කිවේ කාවවත් කපා කොටා දමා පණ පිටින් වලක් කපලා වලලන්න නෙවෙයි.පිස්සු හැදිලා වගේ public forum එකක කෑ ගහන්ට එපා බන්.මේ වගේ මෝඩ මිනිස්සුන්ට ඉතින් පව් තමා.මෝඩකමනේ බන් වෙන මොකද්ද ඉතින්.තනිකරම ගොන් කම තමා.අනුකම්පා කරන්න.මේ පෝය දවසේ කපන්න කොටන්න වලලන්න දඟලන්නේ නැතුව.එහෙම නැති උනොත් උබත් නමට බෞද්ධ පමණි පොරක් තමා.සිරාවට !

    :yes::yes:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    බමුනා උනත් දුදනෙකුනම් බිම හොවනු
    සැඩොලා උනත් සුදෙන්කු නම් පුටුව දෙනු
    හෙලයා උනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමලා උනත් විරුවෙකු නම් ගරු කරනු

    සුභාෂිතය හෙට්ත් හිතොපදෙශයෙන්

    :baffled::baffled::baffled::baffled:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචන් ගෞතම බුදුරජාණන් වහන්සේ කිවේ කාවවත් කපා කොටා දමා පණ පිටින් වලක් කපලා වලලන්න නෙවෙයි.පිස්සු හැදිලා වගේ public forum එකක කෑ ගහන්ට එපා බන්.මේ වගේ මෝඩ මිනිස්සුන්ට ඉතින් පව් තමා.මෝඩකමනේ බන් වෙන මොකද්ද ඉතින්.තනිකරම ගොන් කම තමා.අනුකම්පා කරන්න.මේ පෝය දවසේ කපන්න කොටන්න වලලන්න දඟලන්නේ නැතුව.එහෙම නැති උනොත් උබත් නමට බෞද්ධ පමණි පොරක් තමා.සිරාවට !

    :yes::yes:

    SRY MACHAN