facebook වේ*යෝ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    fb-fuck_design.png


    මා යන බසය හැව්ලොක් ටවුමට ආවා
    ඩික්මන් පාර හරහා එය හැරවූවා
    රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා
    යාබද අසුන ගෙන ඇය වාඩි වුවා

    වටිනාකමින් හරි ඉහලයි ඇගේ අත
    වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත
    බි පිප් බි පිප් නද දෙනවා එය දසත
    හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙ වත

    මූනු පොතේ පිටුවයි එහි පෙනෙන්නේ
    නිතර නිතර "නොටිෆයි" පිටු පනින්නේ
    ඇයත් නිතර මොන මොනවද කොටන්නේ
    බලන්නමයි මගේ හිතනම් කියන්නේ

    බසයේ ඉදිරි පස බලනා විලස මම
    හිමිහිට එබී බැලුවා ඇගේ ඉස්ටේටස් දෙසම
    යනබව කීවත් එහි ගන්නට ඇය දහවල කෑම
    මෙවැනි කතාවක් නොකියා ඉන්නේ කොහොම

    එක්කෙනෙකුට තවුසන්ඩ් ෆයිව් ඕනෑ කීවා
    තුන්දෙනෙකුට එකපාරට බෑ කීවා
    කාමරයට ඒසී නැතුවත් බෑ ඇය කීවා
    අනිත් පැත්තේ අය අකමැති නැතිබව කීවා

    බම්බලපිටිය හන්දිය වෙත බසය ගියා
    එම් සී එක පැත්ත බලමින් බැස්සා එයා
    සන් කරමින් ටෙලිපෝනය කනේ තියා
    තරුණ ගැටව් තිදෙනෙක් ඈ ළඟට ගියා

    ඊට පස්සේ කුමක් උනේ බලනු රිසී
    නැගිටලා පොඩ්ඩක් බැලුවා මා ඉස්සී
    රියදුරු තැන ගැහුවා තිරිංගයක් ඉස්සී
    අනේ මාව වැටුනා බිමටම විසි


    මගේ නිර්මාණයක් නෙමේ .අත්තම්මාගේ පෙට්ටගම න් උස්සන ලදී