Facebook, Apple, Google passwords දැන් ම මාරු කරන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,022
    10,589
    113
    අපේ ඒවා ඔය ලිස්ට් එකේ තියෙනවද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද බන් ?
     
    • Like
    • Sad
    Reactions: NRTG and Pol hora

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    266
    141
    43
    අපේ ඒවා ඔය ලිස්ට් එකේ තියෙනවද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද බන් ?
    haveibeenpwned.com වෙබ් සයිට් එකට ගිහිල්ලා ඒකෙ ඔයාගෙ ඊමේල් එක දීලා බලන්න.. ඔයාගෙ ලීක් වුන ඩීටේල්ස් පෙන්නයි..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    🚨
    ඊයේ දිනයේ ඉහිහාසයේ ලොකුම දත්ත ලීක් එක වාර්තා වෙයි. Apple, Google, Facebook ගිණුම් වල Password, Username ඇතුළු තොරතුරු බිලියන 16ක් අන්තර්ජාලයට ලීක් වෙලා!
    😱
    මේ ලෝක ඉතිහාසයේ වූ විශාලතම Data Leaks වලින් එකක්. ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලම මේ ගැන වාර්තා කරලා තියෙන්නේ. ඔයාගේ Account එකත් මේකෙ තියෙන්න ලොකු ඉඩක් තියෙනවා.
    මෙම දැවැන්ත දත්ත කන්දුව "infostealer" නම් අනිෂ්ට මෘදුකාංග (malware) හරහා සිදුවන්නට ඇති බවට විශ්වාස කෙරේ. එම මෘදුකාංග මගින් පරිශීලකයින්ගේ උපාංගවලට ඇතුළුවී ඔවුන්ගේ ගිණුම්වලට අදාළ පරිශීලක නාම (Usernames) සහ මුරපද (Passwords) සොරකම් කර තිබේ.
    නිකන් Password ටිකක් ලීක් වුනා වගේ නෙවෙයි. අපේ Apple ID, Gmail, Facebook, Instagram හැමදේකම Passwords මේ ලිස්ට් එකේ තියෙන්න පුළුවන්.
    හිතලා බලන්න, එක රැයකින් ඔයාගේ Facebook එකෙන් අමුතු දේවල් share වෙලා, Photos නැතිවෙලා, සල්ලිත් නැතිවුනොත්?
    😱
    ඒක වෙන්න කලින් දැන්ම, මේ දැන්ම
    ගිණුම් ටික බේරගන්න දැන්ම පියවර 3 අනුගමනය කරන්න!
    👇

    ✅
    1. Password එක වහාම මාරු කරන්න!
    ඔබේ Facebook, Google (Gmail), Apple ID, Instagram ඇතුළු හැම වැදගත් ගිණුමකම Password එක දැන්ම වෙනස් කරන්න. අලුත්, ශක්තිමත් Password එකක් (අකුරු, ඉලක්කම්, සංකේත පාවිච්චි කරලා) දාන්න. පරණ ඒවා ආයෙමත් දාන්න එපා!
    ✅
    2. Two-Factor Authentication (2FA) ON කරන්න!
    මේක තමයි වැදගත්ම දේ. 2FA On කළාම, ඔයාගේ Password එක වෙන කෙනෙක් දැනගත්තත්, ඔයාගේ Phone එකට එන Code එක නැතුව කාටවත්ම ලොග් වෙන්න බෑ. මේක ඔයාගේ ගිණුමට දාන අගුල් දෙකක් වගේ. අනිවාර්යයෙන් දාගන්න!
    ✅
    3. සැක කටයුතු Links වලින් පරිස්සම් වෙන්න!
    Email, Messenger එකට එන "ඔබ දිනුම් අදිනු ඇත," "ඔබගේ ගිණුම අවදානමේ" වගේ පණිවිඩ වල තියෙන නොදන්නා ලින්ක් ඔබන්න යන්න එපා. ඒ හොරු අටවපු උගුල් වෙන්න පුළුවන්.
    මේ පණිවිඩය දැක්ක ගමන් ක්‍රියාත්මක වෙන්න. පස්සට දාන්න එපා! තත්පර කිහිපයකින් වෙන්න යන ලොකු හානියක් වළක්වගන්න මේක උදව්වක් වේවි.
    ❤️
    ඔබේ යාළුවන්ව, පවුලේ අයව දැනුවත් කරන්න. පුළුවන් තරම් SHARE කරන්න!
    ❤️

    අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක්
    ස්තුතිය මුල් අයිතිකරුට
     
    • Wow
    Reactions: Pol hora and NRTG