FB තහනම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    උබලට හිතෙන්නේ නැද්ද මේක ආණ්ඩුව කරන්නම බලන් හිටිය දෙයක් කියලා.මොකද මහින්ද FB එකෙන් ගෙදර යැව්වා වගේ මේ ආණ්ඩුවත් බයයි මුන්ගේ වැරදි FB එකේ දාලා මුන්ටත් කෙලවෙයි කියලා.සිරිසේනට උනත් ඕනතරම් මඩ ගහනවනේ FB එකේ.පහුගිය චන්දෙ කාලෙත් FB එකෙන් සෑහෙන්න ආණ්ඩු විරෝධී ප්‍රචාර ගියා.ඒකෙන් ආණ්ඩුවට සෑහෙන්න චන්ද අඩු උනා..මටනම් මුගේ කතාවෙන් තේරුණේ FB තහනම් කරන්න මුන් ලොකු ආසාවකින් හිටියා කියලා.දැන් මුන්ට ඕන ජාතිවාදේ සීන් පිට එක දාලා FB තහනම්ම කරලා දාන්න.


    ෆේස්බුක් පාලනය කළ යුතු බව ධීවර ඇමති කියයි !


    ෆේස්බුක් පාලනය කිරීමක් අවශ්‍ය බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැත්තේ මන්දැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා.

    "ලෝකයේ දියුණු රටවල් අද වන විට ෆෙස් බුක් මුළුමනින් අයින් කරලා තියෙන්නේ.හොදම උදාහරණය චීනය .

    අද අපිට මේක පාලනයක් අවශ්‍ය වෙලා තියනවා .ඒ නිසා මේ පිළිබද ජනතා මතය සොයා බැලිය යුතුයි.රටට හොදනම් ප්‍රශ්නයක් නැහැ හැබැයි හොද නැත්නම තීන්දුවක් ගත් යුතුයි .නමුත් මෙය තහනම්කිරීමට වඩා පාලනය කිරීමක් තමයි අවශ්‍ය .”


    07ab0596b303b87d90d9ace5e5318987_L.jpg




    source
    https://sinhala.srilankamirror.com/news/news-in-brief/10405-2018-03-11-09-37-33
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,800
    6,378
    113
    ගග අද්දර
    ඕක නම් ඇත්ත මචන්, ආණ්ඩුවට ගහන එක නවත්තන්න එෆ්බි එකට කෙලවන්න උන් බලන් හිටියේ, මේ සිද්දිය අල්ලලා ගේම දුන්න,

     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    ඕක නම් ඇත්ත මචන්, ආණ්ඩුවට ගහන එක නවත්තන්න එෆ්බි එකට කෙලවන්න උන් බලන් හිටියේ, මේ සිද්දිය අල්ලලා ගේම දුන්න,


    :yes:අනික whatsapp.group හදාගෙන සෑහෙන්න ආණ්ඩුව විවේචනය කරා.whatsapp එකත් ආණ්ඩුවට ඔළුව කැක්කුමක් වෙලා තිබ්බේ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕක කළොත් දෙකක් නෑ 2020 ආණ්ඩුව ගෙදර

    :rofl: කලත් ගෙදර කලේ නැතත් ගෙදර..
    කලොත් තව සහශ්‍ර වර්ෂයකට unp ඒකට ඔලුව උස්සන්න හම්බෙන්නෙ නෑ ඒකයි වෙන
    ස..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    සමාජ ජාලා වාරණයෙන් අර්බුදයක්.. ලංකාවට අති විශාල ආර්ථික පාඩුවක්.. ගිණුම් හිමියන් ලක්‍ෂ 68ක්..

    අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා පනවා තිබේ. නමුත් එහි ආර්ථික සා සාමාජීය බලපෑම අති විශාල බව රජය වටහා ගත යුතු බව ද, වහා මෙම තහනම ඉවත් කළ යුතු බව ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ලංකාවේ ලක්ෂ 59 ක් ෆෙස් බුක් භාවිත කරති. ලක්ෂ 8 ක් ටුවිටර් භාවිත කරති. ලංකාව ජනගහනයට වැඩි දුරකතන ප්‍ර‍මාණයක් සහිත රටකි. ලංකාවේ ජනප්‍රියම ඇප් එක වයිබර් වන අතර, Anubhav Nayyar, the Regional Head of Viber South Asia ට අනුව ලංකාව ලෝකයේ වයිබර් ස්ටිකර් නිශ්පාදනය සිදු කරන ප්‍ර‍මුඛ රාජ්‍යයන් 5 න් එකකි!

    ලංකාවේ වයිබර්, වට්ස්අප්, මැසෙන්ජර් වැනි සමාජ ජාලා භාවිත කරන මුළු සංඛ්‍යාව මිලියන 6.8 කි. මැද පෙරදිග, ලෝකයේ විවිධ රටවල්වල වෙසෙන තම ඥාතීන්, හිතවතුන් සමග පහසුම සන්නිවේදන මාර්ග සියල්ලම පාහේ දැන් දින 6 ක් අවහිර වී ඇත. ලාභ සන්නිවේදන මාර්ග අවහිරවීම යනු වැඩි මිලක් ගෙවා එම පහසුකම් ලබාගැනීමට පාරිභෝගිකයින්ට සිදුවීමයි. සමාජ ජාලා අවහිර කළ වහාම ටෙලිකොම් ඇතුළු සන්නිවේදන පහසුකම් සපයන ආයතන කළේ සෘජු විදේස් දුරකතන පහසුකම් පිළිබද දැන්වීම් පල කිරීමය. අවම මිල සේවා ලබා ගැනීමට වෙනුවට වැඩි මිලක් ගෙවා අන්තර් ජාතික සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට මිලියන 3 ක් වන පාරිභෝගිකයින්ට සිදුව තිබේ.

    විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ඥාති හිතවතුන් සමග සබදතා පවත්වාගන්නේ අන්තර් ජාලය හරහා ය. ජාත්‍යන්තර වෙළෙදපොළට සේවා සපයන ආයතන සිය ගණනක් ලංකාවේ ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාර දැවැන්ත බිද වැටීමක ලක් වී තිබේ.

    මෙයට මසකට පෙර පැවති පළාත් පාලන ඡන්දවිමසීමෙන් දැවැන්ත පරාජයක් ලැබූ ආණ්ඩු පක්ෂය තමන්ට එරෙහිව එල්ල වන ජනතා විරෝධය, විවේචණය මැඩලීම සදහා සමාජ ජාලා වාරණය දිගටම පවත්වා ගෙන යාමට උත්සහ දරමින් සිටී. මහනුවර සිට සමාජ ජාලා හරහා මිනී මැරුම්, දේපල කොල්ලකෑම, දේපල විනාශ කිරීම සදහා දායක වූ පුද්ගලයින් ඒ සදහා භාවිත කළ සේවා පිළිබද දත්ත (අයි.පී. ලිපිනයන් පවා) ෆෙස් බුක් ඇතුළු සමාජ ජාලා මගින් ලංකාවේ බලධාරීන් වෙත ලබා දී තිබිය දී දින දෙකක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ලංකා පොලීසියේ දුර්වලතාවයකි. නීතිය හා සාමය පවත්වාගෙන යාමේ දුබලතාවයකි.

    නොමිලේ වයි-ෆයි සබදතා ලබාදීම, ටැබ් ලබාදීම, තොරතුරු තාක්ෂණය පුළුල් කිරීම පිළිබද මාධ්‍ය සංදර්ශන පවත්වමින් සමාජ ජාලා මර්ධනයට කටයුතු කිරීම විහිළු සහගත ක්‍රියාවකි. ‘මහසොහොන් බලකාය‘ නමින් තැන්නේකුඹුර නගර මධ්‍යයේ සිව් මහල් ගොඩනැගිල්ලක මුලස්ථානයක් පවත්වාගෙන ගිය අතර, මෙම ප්‍ර‍චණ්ඩවත්වයට නායකත්වය දුන් පුද්ගලයින් තවමත් නිරපද්‍රිතව සිටී. එමෙන්ම, මුස්ලිම් ජාතිකයින් අතර ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන සාමාජිකයින් සම්බන්ධයෙන් ද, නීතිය ක්‍රියාත්මකවීමක් දක්නට නොලැබේ. ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් මෙම කටයුතු සදහා සහභාගි වූ පිරිස් තවමත් නිදැල්ලේ සිටී. එවැනි පරිසරයක සමාජ ජාලා සීමා කිරීම දිගටම පවත්වාගෙනයාම ‘අදහස් ප්‍ර‍කාශ කිරීමේ නිදහස සීමා කිරීමක් බව ත්, එය රටට දැවැන්ත මුල්‍ය පාඩුවක් සිදු කරන කටයුත්තක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරයි.

    කීර්ති තෙන්නකෝන්
    විධායක අධ්‍යක්ෂ
    ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,800
    6,378
    113
    ගග අද්දර
    :yes:අනික whatsapp.group හදාගෙන සෑහෙන්න ආණ්ඩුව විවේචනය කරා.whatsapp එකත් ආණ්ඩුවට ඔළුව කැක්කුමක් වෙලා තිබ්බේ..
    අනික පොහොට්ටුව්ට එහෙම මිනිස්සු එකතු කරන්න, ඒ හැගීම ඇති කරවන්න එෆ් බි එකෙන් පුළුවන් උනේ. ඕවට රිදිලා හිටියේ ආණ්ඩුව.

    ඕක කළොත් දෙකක් නෑ 2020 ආණ්ඩුව ගෙදර
    මන් හිතන් නැහැ බන් ඕව ආයිත් බලයට එන්න හිතන් කරන වැඩ කියල කොහොමත්.


    දැන් තමයි කිරිය හොදට මොඩරේට් කරලා නග්ගල ගන්න ඕන අවස්ථාව, කිරිය අන්බෑන් කරලා, හරියට මොඩරේට් කළා නම් යුසර් බේස් එක වැඩි කරගන්න තිබ්බ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    අනික පොහොට්ටුව්ට එහෙම මිනිස්සු එකතු කරන්න, ඒ හැගීම ඇති කරවන්න එෆ් බි එකෙන් පුළුවන් උනේ. ඕවට රිදිලා හිටියේ ආණ්ඩුව.


    මන් හිතන් නැහැ බන් ඕව ආයිත් බලයට එන්න හිතන් කරන වැඩ කියල කොහොමත්.


    දැන් තමයි කිරිය හොදට මොඩරේට් කරලා නග්ගල ගන්න ඕන අවස්ථාව, කිරිය අන්බෑන් කරලා, හරියට මොඩරේට් කළා නම් යුසර් බේස් එක වැඩි කරගන්න තිබ්බ.

    කිරිය අන් බෑන් කරන්නේ කොහොමද ඉතිං GT ට ඕන වුණත්?
    මොකෝ GT ඇප වෙන්න යෑ මේකේ ජාතිවාදී පෝස්ට් වැටෙන්නේ නැතිවෙයි කියලා. නිකං කුට්ටම තලාගන්න වෙන්නේ.
     
    :rofl: කලත් ගෙදර කලේ නැතත් ගෙදර..
    කලොත් තව සහශ්‍ර වර්ෂයකට unp ඒකට ඔලුව උස්සන්න හම්බෙන්නෙ නෑ ඒකයි වෙන
    ස..

    ජෙප්පොන්ට වෙච්ච එකේ Part 2 :lol::rofl:
     
    කිරිය අන් බෑන් කරන්නේ කොහොමද ඉතිං GT ට ඕන වුණත්?
    මොකෝ GT ඇප වෙන්න යෑ මේකේ ජාතිවාදී පෝස්ට් වැටෙන්නේ නැතිවෙයි කියලා. නිකං කුට්ටම තලාගන්න වෙන්නේ.

    ඔව් කිරියට කෙල වෙනවා
    අලුතෙන් එකෙක්වත් එන්නේ නෑ
    හිටපු උන් විතරයි කොහොම හරි එනවා නම් එන්නේ
    ඒ එන උන්වත් එවලවලා දැම්මොත්
    ගූ එන් පී එකට කලිම්ම කිරියට කෙලවෙයි :lol::rofl:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,800
    6,378
    113
    ගග අද්දර
    කිරිය අන් බෑන් කරන්නේ කොහොමද ඉතිං GT ට ඕන වුණත්?
    මොකෝ GT ඇප වෙන්න යෑ මේකේ ජාතිවාදී පෝස්ට් වැටෙන්නේ නැතිවෙයි කියලා. නිකං කුට්ටම තලාගන්න වෙන්නේ.
    හරියට මොඩරේට් කරලා පෙන්නුවොත් බැරි වෙන එකක් නැහැ බන්. හරියට මොඩරේට් කරනවා නම් බෑන් කරලා තියන්න සාදාරන හේතුවක් නැහැනේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    හරියට මොඩරේට් කරලා පෙන්නුවොත් බැරි වෙන එකක් නැහැ බන්. හරියට මොඩරේට් කරනවා නම් බෑන් කරලා තියන්න සාදාරන හේතුවක් නැහැනේ.

    හරියට මොඩරේට් කරන්නං කියල බෑන් එක අයින් කරගෙන පොඩ්ඩක් මිස් වුණොත් ඉවරයි :rolleyes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,800
    6,378
    113
    ගග අද්දර
    හරියට මොඩරේට් කරන්නං කියල බෑන් එක අයින් කරගෙන පොඩ්ඩක් මිස් වුණොත් ඉවරයි :rolleyes:

    රිස්ක් එකක් තියනව,
    හැබැයි මෙහෙම ගියොත් වෙන සයිට් එකක් එනවා. ආයිත් එකේ දෙකක් නැහැ.
    ඊට කලින් මේකම හදල ගන්න ඕන කියල මන් කියන්නේ.
    සල්ලි කාලය දෙකම ඇඩ්මින්ට වියදම් වෙයි. හැබැයි පාඩුවක් වෙන එකක් නැහැ.
    එෆ්බි වගේ නැතුව ලංකාවේ ඇතුළෙන්ම දුවන එකක් නිසා ආණ්ඩුවට ඩිටෙල් ගන්නත් ලේසි නිසා ඉඩ නොදී ඉන්න එකක් නැහැ.