FD ලෝන් එකක් ගන්න විදිය

back4back

Member
Feb 6, 2011
85
35
0
FD ලෝන් එකක් ගන්න විදිය

FD ලෝන් එකක් ගන්න විදිය විස්තර කරන්න. ගොඩක් අය මගෙන් කරපු ඉල්ලීමක්. ඒ අනුව අද ඉදං අලුත් ලිපි මාලාවක් දෙනවා. ❤ සල්ලිකාරයෙක් වෙලා කොහොමද කෑල්ලක් ලේසියෙන් ගොඩදාගන්නෙ කියලා ඉගෙන ගන්න🤘

අංක එක තමයි ස්ථාවරත්වයක් තියන මිනිහෙක් වෙන එක. කටක් ඇරලා තමන්ගෙ කෙල්ලට ගෙදරට කියන්න පුලුවන් තත්වෙක ඉන්න නම් ඉස්සෙල්ලා උඹට හරි හමන් ආර්ථිකයක් තියෙන්න ඕනෙ. ඒකට රස්සවක්ම ඕනෙ නෑ. බිස්නස් එකක් වුණත් ඉහටත් උඩින්. ඒත් කොච්චර ලොකු රස්සාවක් කලත් මාසෙට කීයක් හම්බ කරත් මුදල් හරියට කලමණාකරණය කලේ නැත්තම් අවසානෙ මහන්සිය විතරයි. අනුන්ට කොච්චර කැඹුරුවත් හදිස්සියකට රුපියල් 1000/= ක් ඉල්ලලා බලපං. දාහක් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න වෙයි.

◾කවද්ද දෙන්නෙ?
◾ඇයි ගන්නෙ?
◾පොල්ල තියන්නෙ නෑනෙ?
◾සල්ලි නැද්ද ඉතිරි කරපුවා.?

මේ වගේ නානාප්‍රකාර හරස් ප්‍රශ්ණ. ගෙදරින් බැනුම්. කෙල්ලට birthday එකට gift 🎁 එකක් දෙන්න විදියක් නෑ. සල්ලිනෙ ඕනෙ හැමදේටම. මම සල්ලිකාරයෙක් කියන්නෙ කෝටිපතියෙක්ට නෙවෙයි. තමන්ගෙ අවශ්‍යතා අඩුවක් පාඩුවක් නැතුව සපුරගන්න පුලුවන් මට්ටමේ මිනිහෙක් ට. හොදයි අපි බලමු කොහොමද අපි අපට ලැබෙන සල්ලි නිවැරදිව කලමණාකරණය කරන්නෙ කියලා.
මේක මම පෞද්ගලිකව කරන ක්‍රමය. ඔයාලට කියලා දෙන්නෙ. අත්හදා බලන්න.

01. බැංකු ගිණුම් දෙකක්!
ඇයි දෙකක්. මොකටද දෙකක්. මෙහෙමයි අපි අපට පහසු බැංකුවක ගිනුම් දෙකක් ආරම්භ කරනවා. මම කොමර්ෂල් බැංකුව සමග ගණුදෙනු කරන්නෙ මගේ ශොප් එකට, ක්ලාස් එකට ආසන්න නිසා. මොකද බැංකුවට යන කාලයත් අපරාදෙ.
මේ හදාගන්න බැංකු ගිණුම් දෙකටම ඔයා SMS බෑන්ක් සහ online බෑන්ක් ඇක්ටිව් කරගන්නත් ඕනෙ. එතකොට හදිසියෙ කෙනෙක් සල්ලි දැම්මම, හදිස්සියකට සල්ලි යවන්න ,අපේ ගිණුම් ශේෂය වගේ ගොඩක් දේවල් අපිට අන්තර්ජාලය හරහා පහසුවෙන් කරන්න පුලුවන්.

ATM කාඩ්

ගිණුම් දෙකෙන් එකක් A කියලා හිතන්න. අනික B කියලා හිතන්න. A ගිණුමට විතරයි ATM කාඩ් එකක් තියාගන්න ඔයාට අවසර තියෙන්නෙ. B එකට කාඩ් අරගන්න එපා.✋
මොකද කාඩ් එක තිබ්බම සල්ලි ගැනෙනවා. ඒක සමහර විට අනවශ්‍ය වියදමක් වෙනුවෙන් වෙන්න පුලුවන්.

දැන් කාඩ් එක තියන ගිණුමට ඔයා නිතර සල්ලි දානවා. මම නම් දිනපතා මුදල් දාන්නෙ. ජොබ් එකක් කරන කෙනෙක්ට මේක මාසිකව පුලුවන්. මාසෙට බජට් එකක් හදලා ඒ ගාන ගිණුමෙ තියෙන්න දෙන්න. ඉතිං සියල්ල B ගිණුමට බැර කරන්න. ඒ කියන්නෙ ඔයාගෙ වැටුප 30,000/= නම් වියදම 20,000/= නම් ඒක කාඩ් ඒක තියන එකවුන්ට් එකේ තියන්න. ඒකෙන් මාසෙ වියදම බැලන්ස් කරන්න. ඉතිරි 10,000/= අනෙක් එකට ට්‍රාන්සර් කරන්න. මෙහෙම අවුරුද්දක් කරද්දි ඔයාට 120,000/= ඉතිරි වෙලා. අවුරුදු 3 ක් යද්දි 360,000/= ක් ඉතිරි කරලා. මේ උදාහරණයක් විතරයි තමන්ගෙ ආදායම අනුව ගාන හදලා බලන්නකො.

02.ස්ථාවර තැන්පතුවක්!
අවුරුදු 03 ක් ගියාම ඔයා ලක්ෂ 3 හමාරක් අරගන්න ඕනෙ එකවුන්ට් එකෙන් අතට. 10,000/= තියෙන්න හරින්න.
මේ ලක්ෂ 3 හමාර අවුරුද්දකට ස්තීර තැන්පතුවකට ආයෝජනය කරන්න. අද රේට් එක අනුව 9.5% ක වාර්ශික පොලීයක් ඔයාට ලැබෙනවා. ඒ කියන්නෙ වසරකට රුපියල් 33,250/= ක්. සෙල්ලම් නෑ. 💰

03. ක්ෂණිකව ණය මුදලක්!
කොල්ලට හිතෙනවා බයික් එකක් ගන්න. ආව්... 😍 ගිහිං බැලුවා. යාලුවෙක් පාවිච්චි කරපු සුපිරි අපාචියක් තියනවා ලක්ෂ 3 කට දෙන්නම්ලු. BEE නම්බරෙ... සල්ලිත් තියනවා. හෙටම ගමුද?
හෝව් ... හෝව්.. ✋ හදිසි වෙන්න එපා. යකෝ ලෝබ බැද්ද අවුරුදු 3ක් ඉතිරි කරපු සල්ලි කුඩු කරන්න. මෙහෙම ගේමක් ගහමු. මොලේට බෙහෙතක් දෙමු. සල්ලිත් බේරං බයික් එකත් ගොඩ දාගන්න මම දෙන්නම් සුප්පා අයිඩියා එකක්. යන්න බැංකුවට, බය වෙන්න එපා උඹ FD හෝල්ඩර් කෙනෙක්. සිංහයා වගේ පලයං මැනේජර් ලගට. ඌ උඹෙන් ඇප ඉල්ලන්නෙ නෑ ගියපාර 50,000/= ලෝන් එකට වගේ. කියපං මට ලක්ෂ 3 ක් ඕනෙ පැයක් ඇතුලත කියලා. ඌ උඩ බිම බලයි. හෙමීට කියන්න fd එක ගැන. Fd ලෝන් එකක් ඕනෙ කියන්න හදිසියි කියන්න බිස්නස් එක. ලොකු සීන් එක දීපං ටිකක්. 🤭
වැඩේ වෙයි එවෙලෙම. සමහරු කියයි පහුවෙනිදා දෙන්නම් කියලා ඒත් අවුලක් නෑ. කොම් බෑන්ක් එක නම් එවෙලෙ දෙනවා.
දැන් මෙහෙමයි වෙන්නෙ. ඔයාට ඔයාගෙ ලක්ශ තුනහමාරෙ ස්ථාවර තැන්පතුව හෝල්ඩ් වෙනවා ණය ගෙවලා ඉවර වෙනකම්. ඒකට කමක් නෑ මේක රෝලක් පුතා. අන්තිමේ රැවුලයි කැදයි දෙකම ඉතිරියි. ලොකුම වාසිය වෙන ලෝන් වගේ නෙවෙයි මේවයි ශුද්ධ ණය ප්‍රතිශතය 2% -4% අතර. යකෝ ආන්ඩුවෙ බැංකුවක ස්ටාෆ් ලෝන් එකකත් පොලිය ඊට වඩා වැඩියි. තේරුණේ නෑ නේද?
මෙහෙමයි fd රේට් එක 9.5% නම් fd loan රේට් එක 12.5% ඒ කියන්නෙ ඔයාට 12.5% ක පොලියක් ගෙවද්දි 9.5% ක පොලියක් ලැබෙනවා. ❤
ඒ කියන්නෙ ඔයා අතින් ගෙවන්නෙ 3% ක පොලියක්. කොහොමද වාසිය. මම කියනම් ලක්ෂ 3 ට අවුරුදු 3 ට වාරිකය එන හැටි.
පළමු වරිකය 11,460/= හීන වෙන ශේෂ නිසා අවසන් වාරිකය වෙද්දි ටික ටික වාරිකය අඩු වෙනවා. 8500/= වගේ.. සරළ ගණිතයෙන් ඔයා ලක්ෂ 3 ට ගෙවන්නෙ 57,812 ශත 52 ක පොලියක්. නමුත් අමතක කරන්න එපා. ඔයාට පොලියක් ලැබෙනවා fd එකටත් ඒක 99,750/= ක්. අවුරුදු 3 නිකම්ම ගෙවිලා යද්දි ඔයාගෙ අතට FD එකත් එනවා. 350,000/= + 99,750/=
එකතුව 449,750/= දල වශයෙන් ලක්ෂ 4 හමාරක්. කොල්ලට බයික් එකත් තියනවා සල්ලිත් තියනවා.

මේ ක්‍රමය හරියට කලමණාකරණය කලොත් රස්සාවෙන් හම්බ කරන මුදල් එහෙම්ම තියෙද්දි, ඇප කාරයො හොයන්න රස්තියාදු වෙන්නෙ නැතුව. කොන්ද කෙලින් තියං වානිජ බැංකු එක්ක ගණුදෙනු කරන්න පුලුවන්. තමන්ගෙ සිහිණ ඉලක්ක වලට පහසුවෙන් යන්න පුලුවන්. ඔන්න දැන් කොල්ලා ආයෙ ලක්ෂ 4,50 ක් FD කරලා ලක්ෂ 4 ක් අරං ගේ හදන්න අත්තිවාරම් දාන්නලු හදන්නෙ.😍
බයික් එකකුත් තියන නිසා කෙල්ලෙක් දාගන්න තමයි දැන් තියෙන්නෙ. ඒක ඊලගට කියලා දෙන්නම්.
එහෙනම් ජය වේවා!

පිරිමි පරිච්ඡේදය - Gentlemen's ZONE
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    elaaa oya සින් eka dhannwa unath පැහැදිලිව දැනගත්තෙ අද thanks
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    මේක ලබයි මචන් එතේ උබේ සල්ලි වලටම උබම පිලිය ගෙවන සින් එකක් මෙතන තියෙන්නේ

    උබට වෙන ක්‍රම වලින් ඔයිට වඩා ලාබයක් ගන්න පුළුවන්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    එළකිරි advise එකක්. එත් බන් උබ පැහැදිලි කරලා නෑ මෙහෙම ලෝන් අරගෙන වෙලාවට ගෙවන්නේ නැතිව ඉදල FD එක බැංකුවට ගියොත් පාඩුව වැඩිය් FD uplift කරලා ගන්නවට වඩා කියල
    මොකද ලංකාවේ පොරවල් ගොඩ දෙනෙක් ණය ගන්න මිසක් එක ගෙවන්න උනන්න්දු නෑ. තමන්ගේ උනත් අනාගතේ ණය පරක්කු කලාම වෙන damage එක ගණන් ගන්නේ නෑ


    ඒ උනාට මේවගේ ඒවා දාපන්. හැදෙන එකෙකුට නොදන්නා දෙයක් දැනගන්න පුළුවන් නේ
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28

    පළමු වරිකය 11,460/= හීන වෙන ශේෂ නිසා අවසන් වාරිකය වෙද්දි ටික ටික වාරිකය අඩු වෙනවා. 8500/= වගේ.. සරළ ගණිතයෙන් ඔයා ලක්ෂ 3 ට ගෙවන්නෙ 57,812 ශත 52 ක පොලියක්. නමුත් අමතක කරන්න එපා. ඔයාට පොලියක් ලැබෙනවා fd එකටත් ඒක 99,750/= ක්. අවුරුදු 3 නිකම්ම ගෙවිලා යද්දි ඔයාගෙ අතට FD එකත් එනවා. 350,000/= + 99,750/=
    එකතුව 449,750/= දල වශයෙන් ලක්ෂ 4 හමාරක්. කොල්ලට බයික් එකත් තියනවා සල්ලිත් තියනවා.


    thanks for sharing mchn!

    mata oya highlight krpu tika therenne naa. bike eke value+interest eka gewwama anthimata ithuru wenne podi ganai ne bn.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Bike eka ganna loan danne nathuwa fd eka galewwa nam labayi ne ban.

    Fd eken loan gaththama umba wadipura 3% gewanawane