මේකට මම පොඩි විස්තරයක් දාන්නම් මෙහෙමයි අපි හිතමු පඩිය රුපියල් 30000ක් වගේ හම්බෙනව කියල ඔයාට
ඔයා පුලුවන් නම් හැම මාසෙම පඩි හම්බෙන්න කලින් එක්ස්පෙන්සිව් චාට් එකක් ගහගන්න
ලයිට් බිල් එක මෙච්චරයි
ටෙලිෆොන් ඉන්ටර්නෙට් මෙච්චරයි
ඩයලොග් ටිවී නෙට්ෆ්ලික්ස් මෙච්චරයි
අම්මට හෝ ගෙදරට දෙනවා මෙච්චරයි
එහෙම ගහගෙන ඔයාගේ සල්ලි ගානට මැනේජ් කරන්න
මම බිල් පේමන්ට් කරන්න යූස් කලේ ෆ්‍රීමී ඇප් එක
එක්පෙන්සස් වෙනම කවුට් කරපු නිසා මම අදාල ගාන ඒකට ට්‍රන්ස්ෆර් කරලා බිල් පේමන්ට් කරනවා සමහර වෙලාවට කෑශ්බෑක් එහෙමත් එනව එකෙන් ඉබේ කරනවා නැත්නම් ඒ.එස් කරනවා වගේ දේවල්
මෙහෙම මැනේජ් කරහම ඔයාගෙ සල්ලි අනවශ්‍ය විදියට වියදම් වෙන්නෙ නැහැ
ඊට පස්සෙ මේ ත්‍රෙඩ් එකෙ මුල් පෝස්ට් එක දාපු කෙනා කිව්ව විදියට එකවුන්ට්ස් දෙකක් හදාගෙන මාසෙකට 10ක් වත් පුලුවන් නම් 5ක් වත් දාන්න ට්‍රයි කරන්න.ඔයාට බෝනස් එහෙම හම්බෙනවා නම් පුලුවන් නම් ඒකත් අරකට දලා ඔයාගේ එකවුන්ට් බැලන්ස් එක ගොඩ දාන්න බලන්න
මමත් මේ වැඩේ කරල තියෙන්වා කොමර්ශල් බෑන්ක් එක තමයි මම යූස් කලේ ඉන්ටර්නෙට් බෑන්කින් තියෙන නිසා ඒ වගේම මගේ අනිත් එකවුන්ට් එක තිබුණෙ අපේ ගමේ එන්.එස්.බී බෑන්ක් එකේ මුලින්ම සල්ලි හම්බුනේ ලොකු ගානක් තනියම වැඩක් කරලා(කට්ටියක් එකතුවෙලා කරලා ප්‍රොෆිට් එක සමානව බෙදාගැනීමක්) සාමාන්‍ය පෙළ කරනකොට.ඒකෙන් එකවුන්ට් එක ඕපන් කලා එන්.එස්.බී
පස්සෙ ජොබ් කරනකොට ගේම ගැහුවා කොමර්ශල් එකත් ඕපන් කරලා.
ඔහොම කරානම් ඔයාට සල්ලි හම්බෙන මුල් කාලෙ ඉන්දලා ඔයාට ඉතින් අවුරුදු 27+ වෙනකොට ඔයා හොද බෑංක් බැලන්ස් එකක් තියෙන කොල්ලෙක් මොකෙක්ටවත් යටත් නොවෙන
ඊට පස්සෙ සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා බ්‍රෝ
සල්ලි කොච්චර හම්බුනත් වැඩක් නෑ කියන තියරි බොරු කතා ගානට මැනේජ් කරනවා නම්
ෆ්‍රී වෙලාවක් තිබ්බොත් සක්විති රණසිංහ චතුර එක්ක කරන කතාව අහන්න ඔයාටම තෙරේවී.