Female-to-Male Surgeries

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ගැහැණියක් පිරිමියෙක් බවට පත් කරන ශල්‍යකර්ම
    Female-to-Male Surgeries



    full_time_mom_ftm_euro_oval_decal.jpg



    මාගේ මත විමසුමට ලැබුණු යහපත් ප්‍රතිචාර නිසා Transgenders හා සම්බන්ධ ශල්‍යකර්ම සම්බන්ධව ලිපි පෙළක් මෙම ෆෝරමයේ පළකරන්නට මා තීරණයක කලෙමි.එම ලිපිවල අඩංගු ඡායාරූප බොහොමයක් 18+ නිසා පළමුව ඔබ සැමගෙන් අදහස් විමසිමක් කරන්නට සිදුවිය.


    FTM හඳුන්වන්නේ trans man නමින්ය.පිරිමින්ව ගැහැණුන් කල හැකිනම් ගැහැණුන් පිරිමි කිරීමේ හැකියාවද වෛද්‍ය විද්‍යාවට තිබේද? මෙය ඔබේ සිතේ ඇතිවිය හැකි ප්‍රශ්නයකි.ඔව් වෛද්‍ය විද්‍යාවට එම හැකියාව තිබෙනවා.ගැහැණියක් පිරිමියෙක් කිරීම??? කොහොමද ශිශ්නයක් කෘත්‍රීමව හදන්නේ ? කොහොම වෘෂණ නිර්මාණය කරන්නේ? එතකොට පියයුරු ඉවත් කරන්නේ කොහොමද?

    මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඔබේ සිතේ ඇතිවිය හැකිය.මේ සියලු දේ ශල්‍යකර්ම ඔස්සේ සිදු කල හැකිය.අද ලිපියෙන් එම ශල්‍යකර්ම පිළිබඳව කෙටි හැඳින්වීමක් පමණක් සිදු කරමි.අනාගතයේදී ඉඩක් ලැබුණ හොත් මේ ශල්‍යකර්ම එකිනෙක වෙන් වෙන්ව ගෙන කතා කිරීමටද අදහස් කරගෙන සිටිමි.



    Trans man


    Trans man (trans-man /transman)යනු Female to Male transgender/transsexual කෙනෙකි.ඔවුන් උපන්නේ ස්ත්‍රීලිංගිකයෙක් ලෙසයි.නමුත් ඔවුන් හඳුනා ගන්නේ පිරිමි ලෙසයි. ඒ ලිංගිකත්වය වෙනස් කිරීම මගින්ය.


    Chest reconstruction / bilateral mastectomy - පියයුරු වල ප්‍රමාණය කුඩා කිරීම/ළැම සකස් කිරීම


    chest-wall-reconstruction-30.jpg

    පෙර (වම් පස ) පසු(දකුණු පස )
    Chest reconstruction / bilateral mastectomy

    Transmen බහුලවම සිදු කරගන්නා ශල්‍යකර්මය මෙයයි.මෙම ක්‍රියාවලියේදී ශිල්ප රැසක් අනුගමනය කරනු ලැබේ.අදාල පුද්ගලයාගේ පියයුරු වල ප්‍රමාණය අනුව යොදාගන්නා ශිල්ප ක්‍රම තීරණය වේ.ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන කැළැල් ,තන පුඩුවේ ලොකු කුඩා බව යොදාගන්නා ශිල්ප ක්‍රමය මත රඳා පවතියි.





    Hysterectomy/oophorectomy - ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීම


    Bilateral_salpingo-oophorectomy-466x430.jpg

    Hysterectomy යනු ගර්භාෂලය ඉවත් කිරීමයී.මේ ශල්‍යකර්මය පිළිබඳව ඔබ අසා තිබෙනවා විය හැකිය.මක් නිසාද යත් මෙය කාන්තාවන්ට සිදුකරන ශල්‍යකර්මයක් නිසා වෙනි.පිළිකා තත්ත්වයන්,ආර්තවයේ ඇතිවන ගැටලු,ශ්‍රෝණියේ වේදනාවන් ,අර්බුද ආදී හේතුන් නිසා කාන්තාවන්ගේ ගර්භාෂය ඉවත් කරයි.මෙම ශල්‍යකර්ම ක්‍රමවේදයන්ම transmen වෙනුවෙන්ද අනුගමනය කරනු ලැබේ.Hysterectomy, phalloplasty/vaginectomy ක්‍රියාවලියේ කොටසක්ද වේ.ඒ යෝනි මාර්ගයේ පටක යොදාගෙන මුත්‍රා නාලය ඉදිකිරීමටයි.

    Oophorectomy යනු ඩිම්බ කෝෂයක් හෝ ඩිම්බ කෝෂ ඉවත් කිරීමයි.මෙම ශල්‍යකර්මය ovariectomy යන නමින්ද හඳුන්වයි.මෙය පිරිමින්ගේ වෘෂණ ඉවත් කිරීමට සමානය.කාන්තාවකට නම් මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරන්නේ ඩිම්බ කෝෂවල හටගන්නා විෂ ගෙඩියක් හෝ පිළිකාවක් ඉවත් කිරීමටයි.මෙම ශිල්ප ක්‍රමම transman කෙනෙක් වෙනුවෙන්ද යොදා ගැනේ.





    Metoidioplasty - භගමණිය ශිශ්නයක් ලෙස වර්ධනය කිරීම


    gw0Vxbq.jpg

    මෙහිදී ටෙස්ටොස්ටෙරොන් නම් පුරුෂයන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂණ තීරණය කරන හෝමෝනය ලබාදීමෙන් භගමණිය මධ්‍යම ප්‍රමාණයට එනම් සෙන්ටි මීටර 4-5 (අඟල් 1.6-2) දක්වා වර්ධනය කරයි.මෙම ක්‍රියාවලිය phalloplasty වඩා සරල වන අතර ලාභදායි ක්‍රමවේදයකි.මෙම ක්‍රියාවලියේදී ස්වභාවික ශිශ්නයක තිබෙන සෘජු වීමේ ගුණය ආරක්ෂා වීම තවත් වාසියකි.





    Phalloplasty - ශිශ්නයක් නිර්මාණය කිරීම


    tumblr_nej9esbmNv1u2lmxco1_500.jpg

    Phalloplasty යනු ශිශ්නයක් නිර්මාණය කිරීම හෝ ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි.තවද Phalloplasty යන්න ශිශ්නයේ ප්‍රමාණය විශාල කිරීමටද භාවිතා කරන නමකි.පළමු Phalloplasty ශල්‍යකර්මය සිදුකරන ලද්දේ transman කෙනෙක් වූ Michael Dillon නැමැත්තාටය. ඒ 1946 වසරේ දි වෛද්‍ය Harold Gillies විසිනි.
    මෙම ශල්‍යකර්මය උපතින්ම ශිශ්න අහිමි හෝ විකෘති අවස්ථාවක පවතින අයට ,අනතුරකින් ශිශ්නය අහිමි අයට සහ transman කෙනෙකු වෙනුවෙන් සිදු කල හැකිය.මෙහිදී අදාල පුද්ගලයාට ලබාදෙන ශිශ්නය පුරුෂයෙකුගේ ශිශ්නය සෘජු බවට පැමිණි පසු ස්වරූපයට බෙහෙවින් සමානය.මෙලෙස නව ශිශ්නයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පටක ලබාගන්නේ එම පුද්ගලයාගේම ශරීරයේ යම් තැනකිනි.මේ සඳහා abdominal flap, radial forearm flap, deltoid flap, calf flap යන කොටස් යොදාගත හැකිය.මේවා අතරින් abdominal flap හැර අනෙක්වා ලිංගික සංවේදනය සහිතය.එම කොටස් වල තිබෙන ස්නායු පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇති Pudendal nerve නම් ස්නායුව සමග සම්බන්ධ කර මෙම කෘත්‍රිම ශිශ්නයට යම් ප්‍රමාණයක ස්පර්ශ සංවේදීත්වයක් සපයයි.





    Scrotoplasty - වෘෂණ කෝෂය නිර්මාණය කිරීම


    4xleqEu.jpg

    Scrotoplasty යනු කෙනෙකුට වෘෂණ කෝෂයක් ලබා දෙන ක්‍රියාවලියයි.මෙහිදී කාන්තාවගේ(transman) යෝනියේ තිබෙන Labia majora නම් කොටස වර්ධන කර saline හෝ සිලිකන් යොදාගෙන වෘෂණ කෝෂය නිර්මාණය කර ගැනේ.වෘෂණ කෝෂ ප්‍රමාණවත් තරම් නොවූ විට ශල්‍යවෛද්‍යවරයන් පටක ප්‍රසාරක යොදා ගනියි.පෙනුම වැඩිකිරීමට සඳහා වෘෂණ කෝෂවලට කෘත්‍රිම වෘෂණ එක් කරනු ලැබේ.




    Urethroplasty - මුත්‍රා මාර්ගය නිර්මාණය කිරීම


    IndianJUrol_2010_26_4_507_74442_f2.jpg

    Urethroplasty යනු මුත්‍රා මාර්ගය නිර්මාණය කිරිමේ ක්‍රියාවලියයි.සාමාන්‍යයෙන් මෙය transmen ට සිදුකරන ශල්‍යකර්මයක් වුවත් සෑම අවස්ථාවකදීම සිදු නොකරයි.ලිංගික අවයව නිර්මාණය කරන අවස්ථාවේදීම මෙයද සිදු කරයි.නමුත් සමහර transmen මෙම ක්‍රියාවලිය සිදුකර ගැනීම ප්‍රතික්ෂේප කරයි.ඊට හේතුවන්නේ එම ක්‍රියාවලිය ඔස්සේ ඇතිවන සංකූලතා සහ ඔවුන්ගේ ශල්‍යවෛද්‍යවරයා තුල ඊට කැමැත්තක් නොමැතිවීම හෝ එය සිදු කිරීමේ හැකියාවක් නොමැති වීමයි.




    Vaginectomy - යෝනිය ඉවත් කිරීම


    1271089-1297482-1621.jpg

    Vaginectomy යනු යෝනියේ සියලුම කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ යෝනි මාර්ගයේ පිළිකාවක් වැනි අවස්ථාවකදීය.එසේම මෙය trans men වෙනුවෙන්ද සිදු කරනු ලැබේ.Transmen වෙනුවෙන් මෙය සිදු කරනු ලබන්නේ යෝනියේ පිවිසුම වැසී ගොස් තිබේ නම්ය.



    Read More>>>http://goo.gl/EmnpZC
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan ohoma kalama ganu kenage kata handata mokada venne bn
    ekath gorosu venavada??

    mamanam kiyanne ohoma ganu minissu vennai minissu ganu vennai dangalana unta ohoma karanna one na bn,konaka indan vedi thiyala dammanam hari bn :D

    habai ithin anathurakin pa**a nathi unoyh ehema oya vage operation ekak karala hadanna puluvan eka vatinava,nathnam ithin aruge pirimi athmenma vadak nane bn :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    machan ohoma kalama ganu kenage kata handata mokada venne bn
    ekath gorosu venavada??

    mamanam kiyanne ohoma ganu minissu vennai minissu ganu vennai dangalana unta ohoma karanna one na bn,konaka indan vedi thiyala dammanam hari bn :D

    habai ithin anathurakin pa**a nathi unoyh ehema oya vage operation ekak karala hadanna puluvan eka vatinava,nathnam ithin aruge pirimi athmenma vadak nane bn :(

    කට හඬ ගෑණියෙක්ගේ වගේ හදාගන්න ප්‍රැක්ටිස් කරන්න තියෙනවා.ඕනෙ නම් ඒකටත් ශල්‍යකර්මයක් තියෙනවා.


    මෙහෙම නේ බන්.උඹ ඔහොම හිතන්නේ උඹේ පැත්තෙන් කල්පනා කරලා වෙන්න ඇති.ඒත් බන් අකුසල කර්මවල විපාක විදියට හරි මොන මඟුලක් නිසා හරි ජීවවිද්‍යාත්මකව ලැබෙන ගෑණුකම සහ පිරිමිකම ඇතුව සමහරු ඉපදුනාට විඥ්ඥාණය ප්‍රතිවිරුද්ධ ලිංගයේ වෙන්න පුලුවන්.එහෙම අයට වෛර කරනවට වඩා අනුකම්පා කරපන්. තමන්ට උපතින් ලැබුණු ගැහැණුකම පිරිමිකම ගැන දුක් වෙන පිරිසට වෛද්‍ය විද්‍යාව පිහිටෙන් දැන් සතුටින් ඉන්නවත් පුලුවන් අඩුම ගානේ.