JDownloader tiyenawa nam aoaya mukuth one na. Kelinam eken downlaod karala extarct karala denawa.
HJSplit watata wada FFSJ Simple, Fast And Easy to Understand
menna deke wenasa Mama test karapu ekak
(Core2Duo @2.4Ghz 3GB Ram Laptop)
To Join 2.78 GB
HJ Split 4:03:40
FFJS 2:13:57 x1.82 Faster
To Join 350MB
HJ Split 0:14:28
FFJS 0:10:39 x1.37 Faster
Download From Here
Click Here
FFSJ මීක HJSplit එකට වඩා speed වැඩි උනාට ඒක Simple නම් නෑ..
HJSplit එකෙන් අපිට ලැබෙන වාසිය තමයි කඩපු පළවෙනි කොටස play කරල බලන්න පුලුවන් වීම. ඉතින් film එකක් එහෙම බාද්දි අපිට පුලුවන් මුල් එක බාල බලල quality එක හරියටම දැනගෙන ඉතුරු ටික බාලවද, නැද්ද කියල තීරණය කරන්න.
HJSplit එකෙන් නිකම්ම file එක කෑලි වලට කැඩීමක් වෙන්නෙ. වැඩිය වැඩ කෑලි දාන්න බෑ. Password දාන්න බෑ. FFSJ එකෙන් කඩද්දි password දාන්න පුලුවන්. එතකොට නිකම්ම කෑලි වලට කැඩීමක් නෙමෙයි වෙන්නෙ. හැබැයි PW දාන්න ඕඅනෙ නම් WinRar වගේ එකකින් කඩන එක ලේසියි. WinRar එකෙන් කඩන හා extract කරන speed එකත් හොඳයි. හැබැයි store කරලයි තියෙන්න ඕනෙ. compress කරල නෙමෙයි. ඒ කියන්නෙ rar එක ගහද්දි 'compression method' එකේ 'store'කියන option එක select කරන්න ඕනෙ. නැත්නම් වෙලා යනව. මොකද movies වගේ ගොඩක් දේවල් compress වෙලා තියන නිසා rar එකෙන් compress කරාට තේරුමක් නෑ, වෙලාව ගන්නව විතරය, size අඩු වෙන්නෙ නෑ. හැබැයි Rar කරනව නම් Recovery Record එකක් දැම්මොත් හොඳයි. Rar ඒවගෙ file පොඩ්ඩක් corrupt වෙලා තිබ්බොත් case ඇති වෙන්න පුලුවන්! HJSplit එකේන් කඩපුව corrupt වෙලා තිබ්බට බොහෝ විට join වෙනව.
ALZip කියන එකත් මේ වගේ දේවල් වලට භාවිතා වෙනව. (*.alz)
සමහර සයිට් වල කියල තියනව ALZ files වල alz කියන extension එක RAR කරල winrar එකෙන් extract කරන්න කියල. ඒත් ගොඩක් ඒවගෙ එහෙම කරන්න බෑ. ඒකට ALZip වලින් කරන්න ඕනෙ. (ඔය ලින්ක් පෝස්ට් කරන ගොඩක් අය ඒව බාල බලල නෑ. නිකම් share කරනව.)
එකම වැඩේ කරන software ගොඩක් තියන එක තරඟකාරීත්වය පැත්තෙන් බැලුවොත් හොඳ දෙයක් උනාට ඇතැම් අවස්ථා වලදි පැටලිලි සහගතයි. ඒක නිසා මම නම් හිතන්නෙ WinRar සහ HJSplit දෙක ඇර වෙනත් ඒව පාවිච්චි කරන එක අනවශ්‍යයි කියල!



siraaaawatama machan uba kiyapu widihata meka maha petalumak bn
mama fulm game software ehema share karanna hadanne me widihata win RAR walin me widihata kadanne kohomada bn
Screens
![]()
![]()
.
Folder එක උඩ Right Click කරල Win Rar ---> Add to archive... select කරන්න.
Split
ඊට පස්සෙ එන window එකෙන්. "Split to volumes, bytes" setting එකෙන් කඩන්න ඕනෙ එක කොටසක size එක දෙන්න byte වලින්. (රූපෙ විදිහට 100000000ක් දුන්නොත් 95 megabyte කෑලි වලට කැඩෙනව.)
Compression Method
Movies compress කරල වැඩක් නැති නිසා "Compression Method" එක "Store" දෙන්න movies වලදි. Store කළාම Speed එක වැඩි වෙනව විතරක් නෙමෙයි, file corrupt උනොත් වෙන හානියත් අඩු වෙනව.
Games, Software නම් Compress කළාට කමක් නෑ. සමහර විට size එක අඩු වෙයි. සමහර විට වෙනස නොතේරෙන තරම් වෙයි. Games, Software වලදි store හැර වෙනත් compression method එකක් තෝරගන්න. (Best, Normal. etc...)
පොඩි පොඩි files ගොඩාක් තියනව නම් size එක පොඩි කරගන්න පුලුවන් "Create Solid archive" එක check කරල. ඒත් ඒක නොදාන තරමට හොඳයි.
Recovery Record
අවශ්‍යම නෑ. ඒත් දාන එක හොඳයි. ඒක නිසා දාන්න. files පොඩ්ඩක් විතර corrupt උනත් Recovery Record ඒක නිසා ගොඩදාගන්න පුලුවන්.
Movie එකක් නම් recovery record Percentage එක 1% හෝ 2% ක් දාන්න.
Software හෝ Game එකක් නම් 3% හෝ 4% දාන්න.
Password
අවශ්‍යම නම් Extract Password එකක් දාන්න. ඒත් නොදාන තරමට හොඳයි!