Well, you have to show your skills outside of the fiverr. දැන් ඉස්සර වගේ gig එකක් දාපු ගමන් orders එන්නෙ නෑ.
උබේ skills එළියට පෙන්නන්න ඕන වෙනම. මුලින් ඓලියෙන් උබට orders ටිකක් ගන්න වෙනව. ඒකට එක එක දේවල් කරන්න පුළුවන්
Example එකක් ව්දිහට
උබ කරන්න යන category එකේන් audience එක ඉන්න communities වලට join වෙලා උබ වැඩ්ඩෙක් කියල අනිත් අයට උබ ගැන දැනෙන්න දෙන්න ඕන.
හිතපන් උබ web develop කරනව නන් facebook එකේ web developing groups වලට join වෙලා උබ අනිත් උන්ගෙ ප්‍රශන විසඳන්න ඕන comments වල උන්ට help කරන්න ඕන.
Web develop ගැන උබ දන්න අලුත් දේවල් post කරන්න ඕන. එතකොට කාලයක් යනකොට උබ ගැන දැනගන්නව කට්ටිය. එතකොට උබට කොහෙන් හරි පොටක් පෑදෙයි project එකක් ගන්න. ඔය විදිහට එළියෙන් orders 10ක් විතර අවට පස්සෙ උබේ gig එක පොඩ්ඩක් උඩට list වෙන්න ගන්නව fiverr එකෙන්ම orders එන්න ගනී.
මේ කිවුවෙ මගෙ experience එකක්. ඉස්සර මම fiverr කරන කාලෙ මම ඕව ගැන දැනන් හිටියෙ නෑ. ඇත්තටම මම fiverr ම කළේ නෑ. මට Fiverr වලින් වැඩ ආවෙ අහම්බෙන්.
ඒත් මම එළියෙ මගෙ subject එකත් එක්ක ඉන්න සෙට් එක එක්ක active එකේ හිටියෙ. එතකොට මට වැඩ ආවෙ එලියෙන්. මගෙ වැඩ මම sell කරා එළියෙ. ඒත් කට්ටිය payments කරන්න අහන්නෙ paypal card payments. ඒ කාලෙ අඩු ගානෙ payhere වත් තිබ්බෙ නෑ.
ඔහොම ඉන්නකොට මට click උනා fiverr එකෙන් මුන්ට card payments කරන්න පුළුවන් නේද කියල. පස්සෙ මම නිකන් gig එකක් දාල මගෙ එළියෙන් වැඩ කරගන්න සෙට් එකට custom links යැවුව මේකෙන් payments කරන්න කියල.
ඇත්‍තටම මට fiverr කරල fiverr වලින් ගොඩ යන්න ඕන උනේ නෑ මට එහෙම එකක් ඔළුවෙ තිබ්බෙත් නෑ fiverr ගැන දැනන් හිටියට.
මට ඕන උනේ එළියෙ clients ලගෙ payments ගන්න payments gateway එකක්. ඉතින් මගෙ payments gateway එක උනේ fiverr. කොහොම හරි ඔහොම payments 10ක් වගේ fiverr එක හරහ වෙනකොට මෙන්න යකෝ fiverr එකෙන්ම orders එන්න පටන් ගත්ත.
පස්සෙ මම බැලුව මොකද වෙලා තියෙන්නෙ කියල. පස්සෙ තමා දන්නෙ මගෙ gig එක ඒ දවස් වල search කරනකොට list එකේ උඩින්ම එන gig 4 තමා තියෙන්නෙ. සැකේට වෙන රටවල් වල ඉන්න යාළුවොන්ට කියලත් search කරල.බැලුව මතකයි. එතකොට ඒ රටවල් වලත් මගෙ gig එක තමා කෙලින්ම උඩට එන්නෙ මුලින්ම.
දැන් මම fiverr නොකළත් ඒ gig එකට මට අවුරුද්දට 2 3ක් orders එනව නිකන්ම list එකේ නොතිබිලත්.
ඉතින් ඒ වගේ දැනුත් එහෙම කරල බලපන්. Fiverr උබේ payments gateway එක කියල හිතල එලියෙන් clinets la ගන්න බලපන්. Gig එකක් දාල orders එනකන් දැන් කාලෙ නන් බලන් ඉදල වැඩක්ම නෑ.